ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු
එන්න
පරණ වාහන ගැන
අපි කතා කරමු
මේ ත්‍රෙඩ් එක මම 2014 අව්රුද්දේ දාපු "ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට" කියන ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක්. අලුතින් මට ලැබුනු ප්‍රායෝගික අත්දැකීම්, පරණ ත්‍රෙඩ් ඒකෙදි පළ වෙච්ච අදහස්, එළකිරියේ වාහන ගැන ගිය ත්‍රෙඩ් වගේම වගේම එලකිරියේ වාහන ඉල්ලුම, එළකිරියේ මගෙන් පුද්ගලිකව වාහන ගැන අහන දේවල් ගැන අවධානය යොමු කරලා තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. කලින් ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් කරපු අයට වගේම මේ අලුත් ත්‍රෙඩ් එක දාන්න යෝජනා කරපු හැමෝටම මාගේ ස්තූතිය.
මුලින්ම පොඩි ප්‍රශ්න ටිකකට උත්තර හොයාගන ඉමුකෝ..
මේකනේ ලොකුම ප්‍රශ්නේ ?
ගොඩක් අයට තියන ලොකුම ප්‍රශ්නේ තමයි පරණ වාහන ගත්තම හැමදාම ගැරජ් එකේ ඉන්න වෙනවද? නැත්තං හැම සති අන්තෙම ගැරජ් එකේද කියලා. මට ඒකට දෙන්න තියන කෙටි උත්තරේ තමයි එහෙම වෙන්නෙ නෑ කියන එක. ඒක මට තියන ප්‍රායෝගික අත්දැකීමක් වගේම මම දන්න කියන ගොඩක් අය ලග පරණ වාහන තියන නිසා කියන කතාවක්.
එහෙනම් ඔය සමහරු කියන්නේ ?
ඒකට කරුණු කීපයක් බලපානවා. පළවෙනි සාදය තමයි වාහනේ හරියට බලන්නේ නැතුව උස්සගන එන එක. දෙක ලොවෙත් නැති නම් වලින් වාහන ගන්න එක. අනිත් එක ගත්තට පස්සේ හරියට නඩත්තු නොකිරිම වගේ සාදක.
එක වාහනයක් පරණ වෙනකොට ගෙවෙන කොටස් ආපහු දාන්න වෙනවා. අලුත් වැඩියා කරන්න වෙනවා අදාළ කොටස් දැම්මට පස්සේ ආයි ඒ පාට් එක අලුත්. කාළයක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ නිසා ඕනවට වඩා අනවශ්‍ය බයක් ඇති කර ගන්න එපා. ඔය වාහනේ මේ තරම් කල් තිබුනේ එක එක්කෙනා අවශ්‍ය වෙලාවට ඒ ඒ කොටස් අලුත් වැඩියා කරමින් ඇවිල්ලා. සම්පූර්ණයෙන් පරණ වාහනේ අලුතින් හදන්න උඹලට ඕනි වෙන්නෙ නෑ.
මොන වගේ පරණ වාහනද ගන්න ඕනේ?
මම මේ කියන මිල පරාසයේ වාහන ගනිද්දි නම් අනිවාර්යෙන් වාහනය ලංකාව තුළ කොමන් වෙන්න ඕනේ. අඩුවට තිබුනා කියලා හාවෝ වෙලා ලොවෙත් නැති වාහන උස්සගෙන එන්න එපා.
මේකට හේතුව තමයි ඔය කියන කොමන් වාහනවලට හොද රීසේල් වැලිව් එකක් තිබීම. ඒ රීසේල් වැලිව් එක හැදිලා තියන්නේ නිකං නෙවෙයි. මේ වාහන වළට පාට්ස් සුලභයි. ඒ විතරක් නෙවෙයි ලෙඩ අඩුයි. අනිත් එක ලංකාවේ උන්ගේ නඩත්තුවට ඔරොත්තු දෙනවා. තව කියනව නම් පැට්‍රල් වැඩ කරනවා. ඔන්න ඔය වගේ සාදක නිසා තමයි ඔය වාහනවල රිසේල් වැලිව් එක හොද.
පරණ වාහන ගනිද්දි මොනවද වැඩියම බලන්න ඕනේ?
මුලින්ම වාහනේ බොඩිය බලන්න. බොඩි කන්ඩිෂන් එක හොදට තියෙන්න ඕනේ. එහෙන් මෙහෙන් ඇද කුද ගහපුවා ගන්න එපා. වාහන ටිකක් බැලුවම කැට්ලෝ දාලා පුරවලා තියන ඒවා ඉවෙන් වගේ අදුර ගන්න පුලුවන් වෙනවා. තට්ටු දැම්ම, වගේම පෙනුම බලලා පුරවලා තියන ඒවා අදුර ගන්න පුලුවන්. මේකට තමන්ට දැනුමක් නැත්තං සාමාන්‍යයෙන් පළපුරුද්දක් තියන කෙනෙක්ව එක්කගන යන්න. මේ ගැන රත්තරං දාපු ත්‍රෙඩ් එකක් ඇති.
සාමාන්‍යයෙන් අව්රුදු 20 ට වඩා පරණ වාහන වල දිරුම් නැත්තං තමයි පුදුම. ඒ වගේ වාහන වල දිරුම් එන්න පුලුවන් පොදු තැන් තමයි ෆ්ලෝ බෝඩ් එකේ තැනින් තැන. වාහනයේ යට දෙපැත්තේ. ටිකක් පහත් වෙලා වාහනේ දිහා බලන්න. සාමාන්‍ය දිරුම් මම ඔය කියපු තැන් වල තියනව නම් ටින්කරිං කරන්න එච්චර ලොකු වියදමක් යන්නෙ නෑ. දශ වශයෙන් 10 ක් විතර යයි. හැබැයි එන්ජින් රූම් එකේ, ග්ලාස් වටේ එහෙම දිරුම් තිබුනොත් ඒවා අතඅරින එක ඇගට ගුනයි.
ඊලගට බලන්න ඕනේ යාන්ත්‍රික පැත්ත. පරණ වාහන වල යාන්ත්‍රික පැත්ත සරළයි. මූලිකව එන්ජින් එක, ගියර් බොක්ස් ක්ලච් ප්ලේට් හොදද බලන්න ඕනේ. මේවා බලන්න බාස් කෙනෙක්ම වෙන්න ඕනි නෑ. පළපුරුදු රියදුරෙකුට උනත් තේරෙනවා. ටිකක් පැදලා බැලුවම, පද්දලා බැලුවම සස්පෙන්ෂන් හොදද කියලා තේරුම් ගන්න පුලුවන්.
අනිත් එක වාහනයක් ගනිද්දි අන්තිම අව්රුදු 2ක, 3න වත් එක අයිතිකරුවෙක් ලග තිබුන එකක් ගන්න බලන්න. එයාගෙන් පහුගිය 3 ක වත් සර්විස් රිපෝට් ඉල්ලන්න. ඒවා තියනව නම් ඒ මනුස්සයගේ වාහනේ ගැන තියන උනන්දුව, නඩත්තුව ගැන මූලික තක්සේරුවක් කරන්න පුලුවන්. අනිත් එක පහුගිය අව්රුදු කීපයේ මීටර් කරකවලද එහෙම කියලත් බලාගන්න පුලුවන්.
ඩීසල් කන්වර්ට් කරපු එකක් තියනවා ගන්නද?
හපෝ එපා. ජාතකය වෙනස් කරපුවා ගන්න එපා.
ජපන් ඒවා ගැන විතරක් කියන්නේ මරුටි, ඇල්ටෝ ගන්න එපාද?
කිසි අව්ලක් නෑ. උඹලට හොද නම් ගන්න. හැබැයි ඊට කලින් ඒ මිලට යන ජපන් වාහනත් එක්ක මරුටි හෝ ඇල්ටෝ වාහන සසදලා සෑහීමකට පත්වෙන්න පුලුවන් නම් විතරක් ගන්න.
හරි එහෙනම් කාර් ගැන කියමුකෝ..
පරණ කාර් ගැන කියනව නම් අඩුවටම ගන්න තියන්නේ Nissan Datsun Sunny - B211, b310, Toyota Ke50 මේවා ලක්ෂ 2.50 ත් 3.50 ත් අතර මුදලකට හොයා ගන්න පුලුවන්. හැබැයි දැන් නම් මේවා පරණ වැඩී. හොද බොඩි කන්ඩිෂන් තියන ඒවා හොයා ගන්න අමාරුයි. ඒනිසා අඩුම තරමේ ලාන්සර් බොක්ස් එකකටවත් යන්න පුලුවන් නම් හොදයි.
NISSAN SUNNY B11
මේවා ලක්ෂ 350,000 ත්, ලක්ෂ 550,000 ත් අතර මිලකට ගන්න පුලුවන්. හොදට තෙල් කරනවා. හැබැයි ඉතිං අව්රුදු 30 ක් 31 ක් විතර මේවා පරණයි. එව්නාට තාමත් හොදට තියන කාර් හොයාගන්න අමාරු නෑ. මේ තියන්නේ B11 ගැන වෙලේ සුදා දාපු ත්‍රෙඩ් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1772435
පොදුවේ ගත්තම මේවට සමහර බොඩි පාට්ස් හොයාගන්න අමාරුයි.
Toyota corolla AE 80
තවත් හොද කාර් එකක්. හොද තත්වයේ තියන ඒවා 4.75 ත් 5.25 ත් අතර පරාසයක තියනවා. මේකේ බොඩි පාට්ස් ඕනි එකක් තියනවා. නමුත් ටිකක් ගනං වැඩී.
Lanser Box
B11,AE 80 දෙකට වඩා ගන්න සුදුසුයි කියන්න පුලුවන්. මේවා ලක්ෂ 350,000 ත්, මේවා ලක්ෂ 650,000 ත් අතර මිලකට ගන්න පුලුවන්. හොදට තෙල් කරනවා. හැබැයි ඉතිං අව්රුදු 30 ක් 31 ක් විතර මේවා පරණයි. එව්නාට තාමත් හොදට තියන කාර් හොයාගන්න අමාරු නෑ. මේ තියන්නේ Lanser Box ගැන වෙලේ සුදා දාපු ත්‍රෙඩ් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1771951
Toyota ke 72 Dx වැගන්
ඔය කට්ටිය පුරුද්දට වගේ Dx වැගන් එක කියන්නේ මේකය. අපි නම් කියන්නේ බඩා මොඩ්ල් වැගන් එක කියලා
මේකේ අලුත් ෂෙල් එක, ඒ කිව්වේ හරස් ඉරක් තියන ෂෙල් එක තියන මොඩ්ල් එක තමයි වැඩියන් මාකට්. වාහනේ තත්වය අනුව 5.50 ත් 7 ත් අතර මිල පරාසයක් ඇතුව මේවා ගන්න තියනවා. පරණ ෂෙල් එක නම් 4 ඉදලා වගේ තියනවා.
Toyota corolla AE 81
තවත් හොද කාර් එකක් හොද තත්වයේ තියන ඒවා 5.50 ත් 5.25 ත් අතර පරාසයක තියනවා.1500 cc හොයාගත්තනම් තවත් හොදයි. මේකේ බොඩි පාට්ස් ඕනි එකක් තියනවා. නමුත් ටිකක් ගනං වැඩී.
Nissan Sunny FB12 (Trad Sunny)
පරණ ඒවගෙන් තියන හොදම වාහනයක් මේක. 5FD/1500 cc/Power තියන එකක් ගන්න ඕනේ. 1985–1990 අතර කාලේ මේව හදලා තියනවා. කාලයට වඩා වාහනයේ තත්වය සහ නම්බර් එක අනුව මිල පරාසය වෙනස් වෙනවා. හොද තත්වයේ තියන ඒවා 7 ත් 9 ත් අතර පරාසයක තියනවා. ඉස්සර නම් මේකේ Full light Model එක වැඩියෙන් මාකට්. ඒ දැන් ඊට වඩා වාහනේ කන්ඩිෂන් එක තමයි වැදගත්.
Toyota Corolla EE96 වැගන් එක
1500 cc එකක් ගන්න පුලුවන් නම් හොදයි. නමුත් 1300 cc එකත් එච්චරම ඇදිල්ලේ අව්ලක් නෑ.මේවා 8.50 ත් 9.50 ත් අතර මිළ ගනන් වලට තියනවා. වාහනයේ තත්වය සහ නම්බර් එක අනුව මිල පරාසය වෙනස් වෙනවා.
Toyota corolla AE91
1500 cc EFI/Power තියන එකක් ගන්න ඕනේ. ඒ වගේම මේකේ ෆුල් ඔප්ෂන් එකකුත් තියනවා.මේවා 9.50 ත් 11.75 ත් අතර මිළ ගනන් වලට තියනවා. වාහනයේ තත්වය සහ නම්බර් එක අනුව මිල පරාසය වෙනස් වෙනවා.
Nissan FB 13 (Doctor Sunny)
Twin Cam 16 Valve එන්ජින් එක එන්නේ. පැට්‍රල් 5FD/1500 cc තියන එකක් ගන්න ඕනේ.full option නම් වඩාත් හොදයි. මේකේ වැඩියෙන් මාකට Anniversary model හා Super Saloon කියන මොඩ්ල් දෙක. මේවා 11.50 ත් 13.50 ත් අතර මිළ ගනන් වලට තියනවා. වාහනයේ තත්වය සහ නම්බර් එක අනුව මිල පරාසය වෙනස් වෙනවා.
Toyota corolla ae100
16-Valve EFI එන්ජින් එක එන්නේ. SE Limited ගන්න බලන්න. SE කියන්නේ Special Edition කියන එකයි. ඕකේ වැඩිපුර පවර්ඔප්ෂන් ආවා.
ඔය Series එකේ ආපු කාර් මේව තමයි
Corolla AE100
Corolla AE100 Sprinter උඩ එකටයි, මේකයි දෙකටම එකම වගේ මාකට් එකක් තමයි තියන්නේ.
Corolla AE100 Marino (මේක 300, 301 නම්බස් වලින් ආපු නිසා ගාන ටිකක් වැඩි, පෙනුමත් වැඩී)
Corolla AE100 Ceres (මේකත් 300, 301 නම්බස් වලින් ආපු නිසා ගාන ටිකක් වැඩි, පෙනුමත් වැඩී)
Corolla AE101 කියන්නේ 1300cc කාර් එක. ඒකේ තෙල් වැඩකරනව මදි. ඒවගේම මාකට් එකත් අඩුයි.
Corolla CE100 කියලා ආවේ ඩීසල් කාර් එක. මට නම් පෙනුම ටිකක් විතර චා වගේ.
මේවා 14.00 ත් 15.00 ත් අතර මිළ ගනන් වලට තියනවා. වාහනයේ තත්වය සහ නම්බර් එක අනුව මිල පරාසය වෙනස් වෙනවා.
වාහනේ ගත්තට පස්සේ රට වටේ දුවන්න කලින් දාන්න සර්විස් එකකට.උඩ නැතත් යට හෝදන්න. බ්‍රේක් ෆෑඩ්, බ්‍රේක් ලයිනර්, බ්‍රේක් ඔයිල් බලවගන්න. සර්විස් රිපෝට් බලලා ඕනි නම් තෙල් ටික, එයාෆිල්ටර් එහෙම මාරු කරගන්න. ලයිට් වැඩ කරනවද බලන්න. ප්ලග් ටික චෙක් කරව ගන්න. සර්විස් රිපෝට් අනුව හෝ සර්විස් රිපෝට් නැත්තං ටයිමිං බෙල්ට් එක බලව ගන්න. තව රෝද වල එලයිමන්ට් එක බලාගන්න පුලුවන් නම් හොදයි. මේටිකට ඕනිනම් පැය 7 ක් යයි. ඊට පස්සේ
බෞද්ධ නම් බුදුසරණයි කියලා මුලින්ම පන්සලට ගිහින් එන්න. උඹලට වරදින්නෙ නෑ. හැම තිස්සෙම හොද සිහියෙන් වාහනේ එළවන්නයි තියන්නේ.
අදුර අදුර කියා අදුරට සාප නොකර එක පහනක් හෝ දල්වන.
ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
එහෙනම් හැමෝටම ආයුබෝවන්!
තෙරුවන්සරණයි!
කලින් වාහන ගැන දාපු ත්‍රෙඩ්.
* වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ
* වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට
* කාර් එක සුමටව ධාවනය කරමු
* බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්
* කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
* සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
* වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
* වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
* එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
* වාහනවල දෝශ සෙවීමේ සටහන්
* ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
* පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
* පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
* හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
* රොටරි මෝලේ තරම
* ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට (පරණ ත්‍රෙඩ් එක)
* වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
* වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
* කාබන් ෆයිබර් කාර්

Last edited: