machan commerce da kaleමම කට්ටා;14113479 said:මම නම් හිතන්නේ හරියට ජොබ් එකක් නැතුව බිස්නස් කරන්න යන්න එපා මචං. මොකද බිස්නස් එකක් ඕන වෙලවක වැටෙන්න පුලුවන්. නමුත් උඹට ස්ථිර ජොබ් එකක් තියනවානම් උඹව වට්ටන්න බෑ. මොකද බිස්නස් වැටුනට උඹට මොනවා උනත් ජොබ් එක තියනවා. අනිත් එක සල්ලි ණයට අරන් බිස් නස් කරන්න එපා මචං. මොකද බිස්නස් එක වැටුනොත් උඹට කෙලියා තමා. අන්තිමට ණයත් වෙලා. උඹට මුකුත් ඇත්තෙත් නෑ. දියුණු වෙන මිනිහෙක්ට ලක්ශ විස්සක් ඕනේ නෑ බන්. කුශ්මි ෆූඩ්ස් පටන් අරන් තියෙන්නේ ඉඳි ආප්ප විස්සකින්. ලොකු ලොකු සීන් ඕනේ නැ ණය නොවී පුලුවන් විදිහට පොඩියට බිස්නස් එකක් පටන් ගනින් ජොබ් එකක් කරන ගමන්. කවද හරි සර්ථක වුනොත් එකම බිස්නස් එක කරන්නේ නැතුව සයිඩ් එකෙන් තව බිස්නස් ටිකක් වෙනින් ශේස්ත්‍රයකින් කරපන්. එතකොට උඹේ එක බිස්නස් එකක් ඩවුන් ගියත් අනිත් එකෙන් හරි ඔලුව උස්සන්න පුලුවන්. එකටම පොඩියට හරි අඩු පඩියකට හරි ජොබක් කරලා අද්දැකීම් ගනින්. අනේ මන්ද මට හිතෙන දේවල් මම කිව්වේ.







