පොරටෝක් එකක් නෙවෙයි
ඒත් පොරටෝක් එකක් වගේ පෙනෙයි
මාත් බයිලා ටිකක් කියලා යන්නම්
බයිලා ටික එලනම් පිලිගනින්
නැත්නම් රිපෝට් කරපන්
ඔයා උපාධියක් තියන කෙනෙක්
ඒත් මං උසස් පෙලවත් කරලා නැති කෙනෙක් (අසමත් නෙවෙයි)
ඒක නිසා මං කියන දේවල් සුරංගනා කතා වගේ වෙයිද දන්නේ නෑ
බිස්නස් එකක්
ජොබ් එකක්
හරියට බැහැලා කලොත් ලේසියෙන් ගොඩ යන්න පුලුවන් ක්‍රමයක් තමයි බිස්නස් එකක් කියන්නේ
ඔයා කැමති මොන type එකේ බිස්නස් එකකටද
වාහන සෙල් වැනි ව්‍යාපාර වල නිතරම මිනිස්සු ගැවසෙනවා අඩුයි
දවසම කාලේ කකා ඉන්න වෙන්නේ
හැබැයි එක බිස්නස් එකක් සෙට් වුනත් ඇති මාසෙකට
රෙදි කඩ
සිල්ලර කඩ
වැනි දේ වල දවස වැඩ කරන්න වෙනවා මැරීගෙන
නිතරම මිනිස්සුත් එක්ක ඉන්න වෙනවා
ඔයා ආස මොන වගේ කේෂත්රයකටද කියන එකත් වැදගත්
බිස්න්ස එකක් ආරම්භ කරනකොට අතේ තියන අන්තිම සතේම ආයෝජනය කරන්න එපා
මුලදි සරලව පටන් ගන්න
ටික කලයක් වැල යන අත බලලා මැස්ස ගහන්න
ඒජන්සි එකක් කරන එක සාමාන්‍යයෙන් ලේසි වැඩක්
ඩිජිටල් පින්ටින්/ වීඩියෝ production වගේ දේවල් එකපාරටම පටන් අරන් ගොඩ නගාගෙන යන්න අමාරුයි
මොකද ඒ වගේ ව්‍යාපාර වල සහය ගන්නේ සමාජයේ එක්තරා කොටසක් විතරයි
අලුතින් පටන් අරන් ස්ථාවර වෙන්න ටිකක් දගලන්න ඕනි
ඔයා බිස්නස් එක කරන්න හදන්නේ කොයි වගේ පරිසරයකද ප්රදේශකයද
කියන කාරනෙත් බලපානවා
ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ගේ ආර්ථික හැකියාව වැනි දේ බලපානවා
ඔයාට ජොබකට යන්නත් අයිඩියා වගේ නම්
ඔයා නැතුව වෙනකෙනෙකුට පවරලා යන්න පුලුවන් ආකාරයේ ව්‍යාපාරයක් පටන් ගන්න
ඒ කියන්නේ දවසම ඔයා බිස්නස් එකට ඉන්වෝල් වෙලා හිටියේ නැතත්
ලේසියෙන් පහසුවෙන් පාලනය කරන්න පුලුවන් දෙයක්
මම නම් කියන්නේ
ඔයා ජොබක් කරන්න අයිඩියා තියනවනම්
ජොබයි බිස්නස් එකයි දෙකම කරන්න උත්සහකරන්න
අද කාලේ සල්ලි කොච්චර හම්බ කලත් මදිනේ