ලක්සල මුල් මාස හයේදී ලක්ෂ 4350ක් උපයයි
- ගිය වසරට වඩා 48%ක වර්ධනයක් බව සභාපති අනිල් කොස්වත්ත කියයි
සංචාරකයන්ගේ වැඩිවීමෙන් වාර්තාගත ආදායම්
මේ වසරේ බිලියනයක ලාබ ලබන්න කටයුතු සූදානම්
භාණ්ඩ සැපයුම්කරුවන් 8000කට වැඩි වාසි
මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වැඩිවීමත් සමඟ ලක්සල ආයතනය භාණ්ඩ අලෙවිකරණයෙන් මේ වසරේ මුල් මාස 06 තුළ රුපියල් මිලියන 435ක (ලක්ෂ 4350ක්) වාර්තාගත ආදායමක් හිමි කරගෙන ඇත.
මෙය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අර්ධ වාර්ෂික අලෙවි ආදායම සියයට 48ක වර්ධනයක් බව ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතා ප්‍රකාශ කරයි.
මේ භාණ්ඩ අලෙවිය හේතුවෙන් ලක්සලට භාණ්ඩ සපයන 8000ක් පමණ වන ලියාපදිංචි සැපයුම්කරුවන්ට වැඩි වාසි ලබාදීමට හැකි වී ඇති බවත් මේ හරහා රටේ සාම්ප්රදායානුකූල කර්මාන්තවල යෙදී සිටින ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීමට හැකිවී ඇති බවත් ලක්සල ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලක්ෂ්මි පෙරේරා මහත්මිය සඳහන් කරයි.
මෙ වසරේ කිසිදා නොවූ තරමේ විශාල පිරිවැටුමක් එනම් රුපියල් බිලියනයක් ලබා ගැනීමට සියලු සැලසුම් සකස් කර ඇති බවද මහින්ද චින්තනයෙන් අපේක්ෂිත සාම්ප්රදායානුකූල කර්මාන්ත නගා සිටුවීමේ හා එම භාණ්ඩ ජාත්‍යන්තරයට ගෙනයාමේ වැඩපිළිවෙළ යථාර්ථයක් වන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
වසර 30 කට පසුව රටේ ඇතිවී තිබෙන සාමකාමී පරිසරය තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා සංචාරක අධිකාරිය විශාල ප්‍රවර්ධන වැඩපිළිවෙළක් දියත් කළ බැවින් එහි ප්‍රතිඑල අද අත් කර ගෙන ඇති බවත් පෙන්වා දි තිබේ.
වසර 2008 - 2009 වන විට කඩා වැටෙමින් තිබූ රාජ්‍ය ආයතනයක් වන ලක්සල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දූරදර්ශී වැඩපිළිවෙළට අනුව එය වසා නොදමා හෝ පෞද්ගලිකකරණය නොකොට රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ ආයතනයට (SEMA) පැවරීම හරහා ප්රතිව්යුහකරණය කෙරිණි.
සැපයුම්කරුවන්ට මුදල් ගෙවිමට නොහැකිව පමණක් නොව සේවක වැටුප් හා ඔවුන්ගේ අර්ථසාධක මුදල් පවා ගෙවා ගැනීමට ද නොහැකිව තිබු ලක්සල අද වන විට ශීඝ්‍ර දියුණුව ලබාගෙන ඇත්තේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ පූර්ණ දායකත්වය හා මග පෙන්වීම යටතේ උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ජයරත්න හේරත් මහතාගේ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ බව කිව යුතුයි.
දිවිනැගුම ජාතික වැඩපිළිවෙළ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට ලක්සලට භාණ්ඩ සැපයීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර මේ වන විටත් එය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.
යුද්ධයට පෙර ශ්‍රි ලංකාව සංචාරක පරාදීසයක් ලෙස සැලකූ අතර එම වර්ෂවල පැමිණි සංචාරකයින් ලක්ෂ 05 කට අඩු විය.
මේ වසරේ එය ලක්ෂ 15 දක්වා ඉහළ යනු ඇතැයි ද මේ හේතුවෙන් අනාගතයේදී විශාල වෙළඳ පොළක් ලක්සලට හිමි වන බවත් ඒ හරහා ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ශක්තිමත් කර වැඩි වශයෙන් කාන්තාවන් සඳහා මෙම කර්මාන්තවල නියැලීමට ඇති අවස්ථාවන් පුළුල් වන බවද ඇය වැඩිදුරටත් පවසයි.