ලක් මවගේ එඩිතර පුත්තු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලක් මවගේ එඩිතර පුත්තු

    ලක් මවගේ එඩිතර පුත්තු - පරම වීර විභූෂණ විරුවෝ වෙති

    සිව්වෙනි ඊලාම් යුද්ධයේදී තම ආත්ම ආරක්ෂාව නොතකා මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් කර දිවි පිදූ රණවිරුවෝ 15 දෙනෙක් පරම වීර විභූෂණ පදක්කමට හිමිකම් කියති. මේ විරුවන් වෙනුවෙන් ඔවුන්ගේ සමීප නෑයෝ මහින්ද රාජපක්ෂ ජනපති අතින් ගාලු මෝදර තෙවැනි විජයග්‍රහණ සැමරුම් උළෙලේදී එම පදක්කම් ලබා ගත්හ.

    පදක්කම් ලබා ගැනීමට එද්දී එතන එද්දී ඔවුන්ගේ දෙනෙත් කඳුලින් තෙමී ගිය අතර එතන සිටි සිටි බොහෝ දෙනාටත්, රූපවාහිනියෙන් බලා සිටි බොහෝ දෙනාටත් කඳුළු නොසලා නොසිටිය හැකි විය.

    victory_PWV_1.gif

    යුද හමුදා විශේෂ බලකායේ දිගු දුර විහිදුම් බලෑණියේ මේජර් ජේ ඒ ජයසිංහ මාංකුලම් ඔඩ්ඩුසුඩාම්හිදී නිර්භීත සටනක යෙදී දිවි පිදීය.

    victory_PWV_2.gif

    මේජර් කේ ඒ ගමගේ 2009.4.19 වැනිදා යුද්ධයේ උච්චතම අවස්ථාවේ කොටින්ගේ බංකරයකට කඩා වැදී එය අත්පත් කර ගැනීමේ සටනේදී දිවි පිදීය.

    victory_PWV_3.gif

    කොටින්ගේ බලකොටුවක් වූ පුදුකුඩුඉරිප්පු නගරය අල්ලා ගැනීමට 2009 මාර්තු දෙවැනිදා බලඇණි මෙහෙයවා විරෝධාර සටනක යෙදුණු ගැමුණු හේවා බලකායේ කපිතාන් සමරනායක රට වෙනුවෙන් දිවි පිදීය.

    victory_PWV_4.gif

    පුදුකුඩුඉරිප්පු මුදා ගැනීමේ සටනේදී සතුරාට නිර්දය ලෙස පහර දෙමින් බලඇනි මෙහෙය වූ කපිතාන් මේගවර්ණ එම මෙහෙයුම ජයග්‍රහණය කළේය. බලඇණිවල තුවාල වූ සෙබළුන් ප්‍රතිකාර සඳහා යැවූ ඔහු වෙඩි වැදී බරපතල තුවාල ලබා සිටියදීත් අණ දෙමින් ඉදිරියටම ගියේය.

    victory_PWV_5.gif

    උතුරු යුද්ධයේදී මර්මස්ථානයක් වූ නන්දිකඩාල් කලපුව කොටියාගෙන් බේරා ගැනීම සඳහා පෙරමුණට යමින් සිටි සැරයන් එස්ජීඑස් බණ්ඩාර ඇතුළු සුළු සෙබළ පිරිස හිටි ගමන් 150ක් පමණ වූ සතුරනට මුහුණ දී දරුණු සටනක් කර කොටි ප්‍රහාරය අසාර්ථක කළේය. එහෙත් සතුරු වෙඩි පහරින් රට වෙනුවෙන් ඔහු ඉහළම පරිත්‍යාගය කළේය.

    victory_PWV_6.gif

    විජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් සුරංග රට වෙනුවෙන් දිවි දුන්නේ 2006 අගෝස්තු 11 වැනිදාය. ආර් පී ජී රොකට් මගින් සතුරු බලඇණි දැඩි භීෂණයට ලක් කළ ඔහු ඉදිරියට එමින් සිටි සතුරන් පළවා හැර පෙරමුණටම යමින් සිටියදී දිවි පිදීය.

    victory_PWV_7.gif

    බෝම්බ පුරවාගත් කොටි ට්‍රක් රියක් 2009 පෙබරවාරි තුන්වැනිදා හමුදා ඉදිරි ආරක්ෂක වලල් වෙත එමින් සිටියදී කෝප්‍රල් බන්ඩාර එම මාරක රිය ඉදිරියට ගොස් එය පුපුරුවා හැර සෙබළුන් රැසකගේ ජීවිත බේරා ගත්තේය. එහෙත් ඔහු ඒ සටනින් දිවි පිදීය

    victory_PWV_8.gif

    ඒ 35 මාර්ගය කොටින්ගෙන් මුදාගැනීම සඳහා 2009 පෙබරවාරි 9 වැනිදා ඇරැඹූ මෙහෙයුමේ වරුවකු ලෙස කෝප්ට්‍රල් පී එම් එන් පුෂ්පකුමාර යුද විරුවන්ගේ නම් අතරට එක් වේ. සිය සගයන්ගේ ජීවිත රැකදීමේ අරමු‍ණෙන් ඔහු කැමැත්තෙන්ම බෝම්බයක් බඩේ බැදගෙන සතුරු පෙරමුණට පැණ සතුරන් රැසක් නසා රට වෙනුවෙන් දිවි පිදීය.

    victory_PWV_9.gif

    ලාන්ස් කෝප්‍රල් කේ චන්දන යුදහමුදා දුර විහිදුම් විශේෂ බලෑණියේ නිර්භීත සෙබළෙක් විය. කොටි අඩවියේ කිලෝමීටර් 40ක් ගමන් කර මාන්කුලම් කිලිනොච්චි පාරේදී මහ කොටියන් දෙදෙනකු මරා දැමීමට සමත් විය. සිය සාර්ථක මෙහෙයුමෙන් පසු ආපසු එද්දී මාන්කුලම් තුනුක්කායි පාරේදී ඔහුගේ බළෑණිය සතුරණට කොටු විය. ඔහුගේ කණ්ඩායම් නායකයා සතුරන් අතට පත්වීම වැලැක්වීම සදහා ඔහු සතුරාට පහර දුන්නේය. සතුරු ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් විය.

    victory_PWV_10.gif

    2008 ජූලි 25 වැනිදා තුනුක්කායි ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන් කරමින් සිටි ලාන්ස් කෝප්‍රල් ඒ එම් එම් පී අබේසිංහ ත්‍රස්තවාදීන් සමග කොටි බංකර හතක් වනසා දැමීමට සමත් විය.සතුරු ප්‍රහාරයකින් තුවාල ලැබ සිටියදී හිටි ගමන් සතුරන් මැදට පැන බෝම්බයක් පුපුරුවාගෙන සතුරු බලකොටුව විනාශ කර දැමුවේය.

    victory_PWV_11.gif

    කිලිනොච්චි අක්කරායන්කුලම ප්‍රධාන සැපයුම් මාර්ගය ත්‍රස්ථවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා 2008 සැප්තැම්බර් ඇරැඹූ සටනේදී ත්‍රස්තවාදීහු නොනවතින රැල්ලක් සේ හමුදා දෙසට එමින් පහර දෙමින් සිටියහ. කොටි ප්‍රහාරය එන්න එන්නම දරුණු වෙද්දී ශ්‍රී ලංකා පාබල හමුදානේ සෙබළ ඊජීඩී ආර් දයානන්ද සතුරා හඹා යමින් පහර දෙන්නට විය. සතුරු ප්‍රහාරයකින් මේ විරුවාගේ දිවි පිදීය.

    victory_PWV_12.gif

    2009 මැයි 11 වැනිදා නන්දිකඩාල් කලපුවේ මීටර 300ක් තරණය කළ කොටියන්ගේ මිනිස් පලිහ වෙත යමින් සිටි සැරයන් ආර්එම්ඩීඑම් රත්නායක ඈත සිට එන කොටි බෝට්ටු පෙළකට මැදි විය. ඔහු දිවි පිදූවේ එම බෝට්ටුද වනසා දැමීමෙන් පසුය.

    victory_PWV_13.gif

    කොටි අඩවියේ දැඩි ආරක්ෂිත බංකරයක් වනසා දැමීමේ මෙහෙයුමකට 2009 ජනවාරි 29 වැනිදා එක්වූ සැරයන් ඒඑම්බීඑච්ජී අබේරත්න බන්ඩා තවත් හත් දෙනෙකු සමග හොර රහසේ කොයි බිමට ඇතුළු විය. ත්‍රස්ථවාදීන් එම පිරිස වට කරගෙන ඇති බව දැනගෙනත් නිර්භීත ලෙසත් ධෛර්ය සම්පන්න ලෙසත් සටන් කළේය. සටන උග්‍ර වෙද්දී සතුරන් මැදට පැණ බෝම්බයක් පුපුරවාගෙන සතුරන් මහා ඔහුද දිවි පිදීය.

    victory_PWV_14.gif



    victory_PWV_15.gif

    අලිමංකඩට ගිණිකොන දිගින් පිහිට තමිලමඩම්හි හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලට පහර දෙන්නට ආ මුහුදු කොටි බෝට්ටුවලට පියාසර කොමදොරු ටීඩීඑස් සිල්වාපුල්ලේ ගුවනින් එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරයකින් පහර දෙමින් සිටියේය. කොටි ගුවන් මිසයිලයක් එම හෙලිකපේටරට වැදී එය කඩා වැටී මේ විරෝධාර ගුවන්බටයා මරණයට පත් විය.

    http://www.lankadeepa.lk/index.php/articles/43296
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    578297_2871707970584_253150240_n.jpg


    ජිවිතය මව්බිම වෙනුවෙන් පුජාකරපු සදාකාලික මිනිහෙක්ගේ ආදරය අහිමිවුනත් ඒ මනුස්සයා දෙවියෙක් වෙලා නුබ දිහා බලාගෙන ඇති පුංචි දුවේ.

    535772_10150787215842504_1881439545_n.jpg