Video Editor කෙනෙක්ට $20/per hour කියන්නේ හොද රේට් එකක්. චැනල් එක grow වෙද්දී කොහොමත් තව රේට් එක වැඩි වෙයි.දැන් මචන් පිටරට කරන වැඩක් තමයි... මොකක් හරි සබ්ජට් එකක් හොදට දන්න කෙනෙක් හයර් කරලා YouTube වීඩියෝස්වලට ස්ක්රිප්ට්ස් ලියා ගන්නවා, ඊලගට වොයිස් ඕවර් ආටිස්ට් කෙනෙක් දම්මලා ඒවා වොයිස් කරගන්නවා. ඊට පස්සෙ වීඩියෝ එඩිටර් කෙනෙක් දම්මලා අර ඕඩියෝ ක්ල්ප්ස් දාලා වීඩියෝස් හදාගන්නවා.
ලෝන්ටර්ම් ජොබ්ස් හොයන එකෙක්ට මෙතනම ජොබ්ස් තුනක් තියෙනවා.
තම්බ්නෙල් ඩිසයින්, සෝෂල් මීඩියා ග්රැෆික්ස්, චැනල් මැනේජර්, YouTube SEO ඔය ඔක්කොම අවුට්සොස් කරන නිසා ඒජන්සි එකක් දාගන්නත් පුළුවන් ටිකක් කල් යද්දී.


