ලගදි බැදපු

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලගදි කසාද බැදපු කාන්තාවෝ දෙන්නෙක් කන්තෝරුවට වෙලා කතා කර කර ඉන්නවා

    ▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
    #පලමු කාන්තාව: ඊයේ හවස නම් ෂෝක් අනේ....

    #දෙවෙනි කාන්තාව: අපෝ මට නම් ඊයේ එපාම උනා අනේ...අරයා ගෙදර ආවා...වොෂ් එකක් දාගෙන ඇවිත් මේසෙන් වාඩි වෙලා විණාඩි 3න් කෑම කෑවා...විණාඩි 2ක් ගියේ නෑ ඇදට ගිහින් හොදට පොරවගෙන ගොරව ගොරවා නිදි....මතක් වෙනකොටත් තරහයි...
    ඔයාල මොකද කලේ?

    #පලමු කාන්තාව: ෂා...මට නම් මතක් වෙනකොටත් සතුටුයි...ඊයේ රෑ අපි දෙන්නා අර ටවුන් එකේ අලුතින් දාපු රෙස්ටුරන්ට් එකට කෑමට ගියා...කෑමෙන් පස්සේ අපි දෙන්නා ගෙදර ආවේ පයින් ඇවිදගෙන...ලස්සනට හඳ පායලා තිබුනා. ගෙදර ආවට පස්සේ අරයා ගෙදර හැම තැනම ඉටිපන්දම් පත්තු කලා..හරිම ලස්සනයි...ඊට පස්සේ ඉටිපන්දම් එලියේ අපි දෙන්නා ඇදට වෙලා පැයක් විතර කතා කර කර හිටියා...
    මාරයි අනේ...හරියට සුරංගනා කතාවක් වගේ ...
    -------------------------------------------------------------------------------------
    මේ අතර වාරයේ මේ කාන්තාවන් දෙදෙනාගේ සැමියන් දෙදෙනා ඔවුන් ගේ කන්තෝරුවේ...

    #පලමු පුරුෂයා:ඊයේ හවස කොහොමද? උඹ මොකද කලේ?

    #දෙවන පුරුෂයා:ඊයේ හවස නම් මාරයි මචං..මම ගෙදර ගියා..වොෂ් එකක් දාගෙන එනකොට මේසේ උඩ කෑම තිබුනා...බඩ පැලෙන්න කෑවා...කාපු ගමන් ඇදට ගිහින් හොදට පොරවගෙන නිදා ගත්තා...මරේ මරු...උඹට කොහොමද? උඹ මොකද කලේ?

    #පලමු පුරුෂයා: අපෝ මචං මතක් කරන්න එපා...මතක් වෙනකොටත් තරහයි.
    ඊයේ ගෙදර යනකොට කෑම උයලා නෑ... මොකද මට කරන්ට් බිල් එක ගෙවන්න බැරි උන නිසා ගෙදර කරන්ට් කපලා.ඉතින් වයිෆ් එක්ක රෑ කෑමට එලියට යන්න වුනා. ටවුන් එකේ පොඩි කඩ ටික ඔක්කොම ඒ වෙලාවේ වහලා තිබුනේ...අර අලුතින් දාපු රෙස්ටුරන්ට් එක විතරයි ඇරලා තිබුනේ...ඒකෙන් කාල බිල දැක්කම කාපු මෝඩ කම කියලා හිතුනා..එච්චරටම ගාන වැඩී...බිල් එක ගෙවලා පර්ස් එක බලනකොට ටැක්සි එකක යන්න සල්ලි නෑ...ඉතින් පැයක් තිස්සේ ඇවිද්දා ගෙදර එන්න.
    ගෙදර ඇවිල්ලත් නිකන් ඉන්න ලැබුනේ නෑ...කරන්ට් එක නැති නිසා ගෙදරම කට්ට කරුවලයි.ඉතින් ගෙදර වටේම ඉටිපන්දම් පත්තු කලා.
    නිදා ගන්න ඇදට ගියත් හිතේ තරහටයි මහන්සියටයි මට නින් ද ගියේ නෑ...
    ඒ අස්සේ ගෑනිත් පැයක් විතර මොනවදෝ කුටු කුටු ගගා හිටියා...


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: