ලෝකෙම කරපු දෙයක් ආයෙ කරලා නම් ඒකට සොයාගැනීමක් කියන්නෙ මෝඩයෝ ගොඩක් ඉන්න රටක් ලන්කාව. මේවා හොඳයි "උඹ නම් වැඩ්ඩෙක් අයියේ, ජප්පොත් කොරවුනා" වගේ thumbnail දාලා වීඩියෝ හදන නිලමේ වගේ උන්ට. ඒ වගේ උන් ලන්කාවේ සොයාගැනීම් ගැන කරන කතා දැක්කම ජප්පොන්ව මේ වෙද්දි කොරවෙලා නෙවෙයි අබ්බගාත වෙලා ඇඳක හාන්සිකරලා සේලයින් දෙන්නෝන.
අනික තමයි හරිහමන් දෙයක් කරපු හරිහමන් මොළයක් තියන එකෙක් නම් කිසි එකෙක් අත දෙන්න ඕන නෑ කිසිම දේකට. ලෝකේ දුප්පත්ම රටවලත් හරි දැණුමක් තියන එකෙක් හරිදෙයක් කරොත් ඌම දන්නවා ඒකෙන් ඌ කොහොමද ගොඩ යන්නෙ කියලා. ලන්කාවේ එදා ඉඳන් තිබ්බේ මොකක් හරි දෙයක් හොයාගත්ත කියපු ගොඩක් උන්ගෙත් අදහස තියෙන්නෙ රජයෙන් මොකක් හරි ඒක සම්බන්ධව ආයතනයක් දාලා ඒක හොයාගත්ත කියලා කියපු එකාව ඒ දාන ආයත්නෙම ලොකු රස්සාවක් දීලා පෙන්ශන් ගියාමත් පඩියක් දෙන එක. මෙහෙම උන් මොන මඟුල කරත් එකයි. හරිහමන් දෙයක් හොයාගත්ත නම් පේටන්ට් එකක් අරන් ඒක විකුණලත් රජෙක් වගේ ඉන්න පුළුවන්. එහෙම උන් ලන්කාවෙත් ඉන්නවා. මුකුත් නොදන්න ගොබ්බයෝ ඉතින් ආකල්ප නිසාම කැලේ ඉපදිලා කැලේම මැරිලා යනවා.