ලග්න පලාඵල

wsb

Member
May 2, 2009
62
3
0
||| 2015 අප්‍රේල් 12 සිට අප්‍රේල් 26 දක්වා ලග්න පලාපල ||||||

මේෂ ලග්නය - මංගල යෝග උදාවේ.

අප්‍රියෙල් 12 වෙනිදා ලග්නයට බුද පැමිනීම නිසා සුභපල උදාවන දෙසතියකි.අප්‍රියෙල් 14 වෙනි දින රවි ග්‍රහයා දවල් 1 පසු වී මිනිත්තු 07 ට ලග්නයට පැමින බුද සමග සංයෝග වේ. මේෂ ලග්න හිමියන්ට තවදුරටත් මංගල යෝග උදාවන දෙසතියක් බව පැවසිය හැක. ලග්නාධිපති සමග සිකුරු සංයෝග වීම නිසා විවාහය ප්‍රමාද වී සිටි අයට මංගල කටයුතු ස්ථීර වන සතියකි. ප්‍රේම බන්ධන ඇතිවේ. ±නට පවතින සෙනසුරුගේ අෂ්ඨම ඒරාෂ්ටකය අගෝස්තු 07 දක්වා සෙනසුරු වක්‍ර වීම නිසා තරමක් දුරට අශුභ ඵල අඩුවේ. මෙම දෙසතිය තුළ මේෂ ලග්නයෙන් උපදින දරුවන්ට රුචක පංච මහා රාජ යෝගය යෙඳේ ගජකේෂරී රාජ යෝගයද යෙඳේ ගුරුහංස පංච මහා රාජයෝගයද යෙඳේ.බුද මහ දසා ගත කරන අයට සුබ දායක වේ.

වෘෂභ ලග්නය - කෝටියක් දෝෂ භංග වේ.

පස්වැන්නාදිපති සහ ධනස්තානිපති බුද දොලොස්වැන්නට පැමිනීම නිසා දුර බැහර ගමන් විදේශ ගමන් ඇති වන දෙසතියකි.ලග්නාධිපති සිකුරු 12 වැන්නේත්, පුණ්යස්ථානාධිපති සෙනසුරු 07 වැන්නේත් ගමන් කරන මේ සතිය වෘෂභ ලග්න හිමියන්ගේ කෝටියක් දෝෂ භංග වන සතියක් බව පැවසිය හැක. රවි ග්‍රහයා 11 වැන්නේ ගමන් කරන බැවින් අනෙකුත් ග්‍රහ දෝෂ තිබෙන අයට එම අපල ම`ග හැරී යන සතියකි. ගජකේෂරී යෝගයත්, බුධ ආධිත්‍ය යෝගයක් යෙ§ ඇති සතියකි. කේතු 11 වැන්නේ ගමන් කරන බැවින්, කේතු මහා දසා අතුරු දසා ගතකරන අයට විශේෂ ධන ලාභ ඇතිවන දෙසතියක් බව කිව හැක.

මිථුන ලග්නය - හදිසි ධනලාභ හිමිවේ.

ලග්නාදිපති අප්‍රියෙල් මස දොලොස්වනි දින අයස්තානයට පැමිනීමත් පස්වැන්නදිපති රවි තම උච්ච බවන වූ එකොලොස්වැන්නට පැමිනීම සෑම අතින්ම සුබ පල ගෙන දෙන දෙසතියකි. ලග්නාධිපති බුධ 10 වැන්නේත්, පුණ්යස්ථානාධිපති සෙනසුරු 06 වැන්නේත් ගමන් කරන සතියක් බැවින්, හÈසි ධනලාභ ඇතිවන සතියකි. අයස්ථානාධිපති කුජ අයස්ථානයේ ගමන් කිරීම නිසා ඉඩකඩම් දේපළ හිමි වීමට ඉඩ තිබෙන සතියකි. කුජ මහා දසා, සෙනසුරු මහා දසා, ගුරු මහා දසා,රවි මහ දසා,බුද මහ දසා ගත් කරන අයට සෑම අතින්ම සුභ පල උදා වේ. සහ එම ග්‍රහයන්ගේ අතුරු දසා ගත කරන අයට සෑම අතින්ම ශුභඵල ගෙන දෙන සතියක් බව පෙන්වා දිය හැක. දැනට වැඩිපුරම සුභ පල උදා කරන ලග්නය වන්නේ ද මිථුන ලග්නය යි.

කටක ලග්නය - ඉඩකඩම් හිමිවේ.

මෙම දෙසතිය තුල සිදුවන බුද සහ රවි ග්‍රහ මාරුව කටක ලග්න හිමියන්ට ද සුභ දායකය. කටක ලග්න හිමියන්ට ධන ලක්ෂමි යෝගය උදාවන සතියකි. එම නිසා ලොතරැයි වාසනා හිමි වීමට ඉඩ ඇත. 10 වැන්නාධිපති 10 වැන්නේ ගමන් කරන සතියක් බැවින්, රැකියාවේ උසස්වීම් හිමිවන අතර, උසස් නිල තල ලැබෙන සතියක් බව පැවසිය හැක. පියාගෙන් ඉඩකඩම් උරුම වේ. ශල්‍යකර්ම වලට භාජනය විය හැකි සතියකි. ගජකේෂරී යෝගයත්, රුචක පංච මහා රාජ යෝගයත්, උදාවන සතියකි. ගුරු ග්‍රහයා තවදුරටත් ලග්නයේ ගමන් කරන බැවින්, අරිෂ්ඨ භංග කරන බව කිව හැක. රාහු මහා දසා, කුජ මහා දසා සහ එම ග්‍රහයන්ගේ අතුරු දසා ගත කරන අයට විශේෂ ශුභඵල උදාවේ.

සිංහ ලග්නය - විදේශ ගතවීම්.

මෙම දෙසතිය තුල සිදුවන රවි ගේ සහ බුද ගේ ග්‍රහ මාරුව සුභ දායක නැත.ලග්නාධිපති රවි 08 වැන්නේත්, පුණ්යස්ථානාධිපති කුජ 09 වැන්නේත් ගමන් කරන මෙම සතිය විදේශ ගමන් අපේක්ෂාවෙන් සිටින අයට එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට පු`ඵවන් සතියකි. රාහු මහා දසා ගත කරන අයගේ පියවරුන්ට තරමක් දුරට අපල ඇති කරවන බව කිව හැක. පෙර පින් මතුවන සතියක් බවද පැවසිය හැක. ගජකේශරී යෝගය 31 වෙනිදා දක්වා පවතී. එම නිසා ධෛර්හ්යෙන් කටයුතු කරන දෙසතියක් බව පැවසිය හැක.

කන්‍යා ලග්නය - සතුරන් පරාජය වේ.

මෙම දෙසතිය තුල ලග්නාදිපති බුද අට වැන්නට පැමිනීම සුහ දායක වේ. ලග්නාධිපති බුධ 07 වැන්නේත්, ගුරු ග්‍රහයා අයස්ථානයේත්, රාහු ලග්නයේත් ගමන් කරන දෙසතියති. වික්‍රමස්ථානයේ සෙනසුරු ගමන් කිරීම නිසා සතුරු කරදර ම`ග හැරී යයි. තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට කෙසේ හෝ මුදල් ලැබෙන දෙසතියකි. ගුරු මහා දසා, සෙනසුරු මහා දසා සහ අතුරු දසා ගතකරන අයට ශුභඵල උදාවේ.

තුලා ලග්නය - මංගල යෝග

මෙම දෙසතිය තුල බුද සහ රවි හත්වැන්නට පැමිනීම සුබ දායක නොමැති අතර තුලා ලග්න හිමියන්ට මෙම දෙසතිය මංගල යෝග උදා කරන දෙසතියකි. විවාහය ප්‍රමාදවී සිටි තුලා ලග්න හිමියන්ට විවාහ වීමට අවස්ථාව යෙදෙන දෙසතියකි. එයට අවශහ් පසුබිම සැකසේ. තරු තරුණියන්ට ප්‍රේම බන්ධන ඇතිකර ගත හැකි සතියකි. රුචක පංචමහා රාජ යෝගයත්, ගුරුහංස මහා රාජයෝගයත් පවතී. ගජකේෂරී යෝගයද 31 වෙනිදා තෙක් පවතී. මෙම දෙසතිය තුලා ලග්න හිමියන්ට ශුභ අශුභ මිශ්‍රඵල ගෙන දෙන දෙසතියක් බව පෙන්වා දිය හැක. හදිසි විදේශගමන් හෝ පදිචියේ වෙනසක් සිඳුවන දෙසතියකි.

වෘශ්චික ලග්නය - ලක්ෂමි යෝගය උදාවේ.

බුද සහ රවි හයවැන්නට පැමිනෙන මෙම දෙසතිය වෘශ්චික ලග්න හිමියන්ට සුබ පල දෙන දෙසතියකි.වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්නාධිපති කුජ 06 වැන්නේත්, ධනස්ථානාධිපති ගුරු 09 වැන්නේත් ගමන් කරන මෙම දෙසතිය ශුභඵල උදාවන සතියකි. 31 වෙනිදා දක්වා ලක්ෂමි යෝගය උදාවේ. පෙර පින් ඵලදෙන දෙසතියකි. සෙනසුරුගේ ලග්න ඒරාෂ්ටකය තවදුරටත් පවතී. කුජ මහා දසා, ගුරු මහා දසා සහ එම ග්‍රහයන්ගේ අතුරු දසා ගත කරන අයට ශුභඵල උදා වේ.

ධනු ලග්නය - විදේශ ගමන්.

ධනු ලග්න හිමියන්ගේ පස්වැන්නට බුද සහ රවි ගේ ගෝචරයෙන් පැමිනීම සුහ දායක නොවේ.අවුල් වියයුල් ඇති වේ.සතුරු බය ඇති වේ. තත්වය පහත වැටේ.ලග්නාධිපති ගුරු 08 වැන්නේත්, ධනස්ථානාධිපති සෙනසුරු 12 වැන්නේත් ගමන් කරන මෙම දෙසතිය ඔබට කිසිසේත්ම ශුභ දායක සතියක් නොවේ. සෙනසුරු ග්‍රහයාගේ ලග්න ඒරාෂ්ටකය තරමක් දුරට දුරස්වන දෙසතියකි. රාහු 10 වැන්නේ ගමන් කරන බැවින්, විදේශ ගමන් බිමන් සාර්ථක වන අතර, අලුතින් වීසා ඉල්ලුම් කරන අයට එම බලාපොරොත්තු ඉටුවන දෙසතියකි.

මකර ලග්නය - ලොතරැයි වාසනා.

මකර ලග්න හිමියන්ට බුද සහ රවි හතරවැන්නට් පැමිනෙන බැවින් බුද ගේ මහා දසා ගත කරන අයට සෑම තින්ම සුබ දායක දෙසතියක් බව පැවසිය හැක.ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ ගමන් කරන මෙම දෙසතිය තුළ හදිසි ලොතරැයි වාසනා හිමි විය හැකි දෙසතියකි. රවි ග්‍රහයා වික්‍රමස්ථානයේ ගමන් කරන දෙසතියක් බැවින්, රවි මහා දසා, සෙනසුරු මහා දසා හා එම ග්‍රහයන්ගේ අතුරු දසා ගතකරන අයට පමණක් ශුභඵල උදාවේ. රුචක පංචමහා රාජ යෝගයත්, ගුරු හංස පංච මහා රාජ යෝගයත් මෙම දෙසතිය තුළ උපදින මකර ලග්න හිමියන්ට හිමි වේ.

කුම්භ ලග්නය - අරමුණු සාක්ශාත් කර ගත හැක.

වික්‍රමස්තානයට රවි සහ බුද ගේ පැමිනිම සිදුවන මෙම දෙසතිය තුල සියලු සතුරන් පරාඅජය වේ.රවි මහ දසා ගත කරන යට sසෑම අතින්ම සුබ දායක දෙසතියක් බව පෙන්නුම් කෙරේ. ලග්නාධිපති සෙනසුරු 10 වැන්නේත්, කර්මස්ථානාධිපති කුජ වික්‍රමස්ථානයේත් ගමන් කරන මෙම දෙසතිය තුළ ඔබ මෙතෙක් නොගත් එඩිතර තීරණ ගන්නා දෙසතියක් බව පෙන්වා දිය හැක. සටන්කාමීත්වය මත කාලය ගත කරන දෙසතියක් බව පැවසිය හැක. එම නිසා තම අරමුණු ජයග්‍රහනය කර ගත හැක. කුජගේ මහා දසා හා අතුරු දසා ගත කරන අයට පමණක් ශුභඵල උදාවේ.

මීන ලග්නය - හදිසි ධන ලාහ

මීනලග්න හිමියන්ගේ ධනස්තානයට රවි ගේ සහ බුද ගේ පැමිනිම සුබ දායක එන දෙසතියකි.ලග්නාධිපති ගුරු 05 වැන්නේ චන්ද්‍රයා සමග සංයෝග වන මේ දෙසතිය ආරම්භ වන්නේ ගජකේෂරී යෝගයෙනි. ධනස්ථානාධිපති කුජ ධනස්ථානයේ ගමන් කරන මෙම දෙසතිය මීන ලග්න හිමියන්ට හදිසි ධනලාභ, ලොතරැයි වාසනා ඇතු`ඵ විශේෂ ආර්ථික ලාභ රැසක් හිමිවන බව පැවසිය හැක. සෙනසුරු ග්‍රහයාගේ වක්‍රවීම නිසා මෙම දෙසතියද තරමක් දුරට සෙනසුරුගේ අපල ම`ගහැරී යන දෙසතියකි. විශේෂයෙන් රිය පදවන අය ප්‍රවේසමෙන් රිය පැදවිය යුතු වේ. ගුරු මහා දසා ලබා ඇති අයට, කුජ මහා දසා ලබා ඇති අයට ශුභඵල උදාවේ.


https://www.facebook.com/pages/Your-Future/798766950210461
 
  • Like
Reactions: kinkon

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කටක ලග්නය - ඉඩකඩම් හිමිවේ.

    මෙම දෙසතිය තුල සිදුවන බුද සහ රවි ග්‍රහ මාරුව කටක ලග්න හිමියන්ට ද සුභ දායකය. කටක ලග්න හිමියන්ට ධන ලක්ෂමි යෝගය උදාවන සතියකි. එම නිසා ලොතරැයි වාසනා හිමි වීමට ඉඩ ඇත. 10 වැන්නාධිපති 10 වැන්නේ ගමන් කරන සතියක් බැවින්, රැකියාවේ උසස්වීම් හිමිවන අතර, උසස් නිල තල ලැබෙන සතියක් බව පැවසිය හැක. පියාගෙන් ඉඩකඩම් උරුම වේ. ශල්‍යකර්ම වලට භාජනය විය හැකි සතියකි. ගජකේෂරී යෝගයත්, රුචක පංච මහා රාජ යෝගයත්, උදාවන සතියකි. ගුරු ග්‍රහයා තවදුරටත් ලග්නයේ ගමන් කරන බැවින්, අරිෂ්ඨ භංග කරන බව කිව හැක. රාහු මහා දසා, කුජ මහා දසා සහ එම ග්‍රහයන්ගේ අතුරු දසා ගත කරන අයට විශේෂ ශුභඵල උදාවේ.
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    2009 ඉදලා තෝ මොකද කරේ .

    ලග්නේ බලාපු එකා කීවද post දානට එපා කියලා .

    දැන් post අපලේ ගෙවිලා ගියද