ලජ්ජාවෙන් මිදෙන්න ක්‍රමය

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලජ්ජාවෙන් මිදෙන්න ක්‍රමය

    shame.jpg

    ලැජ්ජාව බය සැකය අපට උපතින් ම ලැබෙන්නේ නැහැ. අපි ඒවා ඉගෙන ගන්නවා. මෙයින් බය සහ සැකය ඇතැම් විට අපේ ආරකෂාව සඳහා ඉවහල් වෙනවා. ලැජ්ජාව නිසා අපේ සමහර හැසිරීම් පාලනය වෙනවා. එහෙත් ඕනෑ ම දෙයක් ඕනෑවට වඩා ඕනෑ ම නැහැ කියනවා වගේ මේවා සීමාව ඉක්මවා යන තත්ත්වයට ගිය විට විශාල කරදරයක්, මේ තත්ත්වයන් තුනෙන් සැකය අධික වූ විට එය භයානක මානසික රෝගයක් ලෙසයි මනෝ වෛද්‍ය විද්‍යාවේ පිළි ගන්නේ. ඇතැම් විට මිනිමැරුම් පවා ඒ නිසා සිදුවෙනවා. ලැජ්ජාව සහ බය අධික වූ විට ඉන් නිතැතින් ම හානි වන්නේ තමන් ගේ ඉදිරි ගමනටයි. මේ නිසා සමහරුන් සිය දිවි නසා ගන්නා තත්ත්වයටත් පත් වූ අවස්ථා තිබෙනවා.


    ස්වාභාවිකව ම ලැජ්ජාව ලැබී තිබෙන්නේ පිරිමි ගැහැනූ දෙපකෂයට ම පොදුවයි. එක්තරා වයසක දීයි මේ තත්ත්වය වැඩි වශයෙන් හිස ඔසවන්නට පටන් ගන්නේ.



    සාමාන්‍යයෙන් ළමයින් මෙසේ ලැජ්ජාශීලී වන්නට පටන් ගන්නේ වයස අවූරුදු 14න් 15න් පසූවයි. ඉන් පෙර ඕනෑ ම සාමාජයක් ඉදිරියේ තම හැකියාවන් ඉදිරිපත් කළ ළමයා මේ වයසට පත්වන විට හිටිවන ම කුළෑටි වෙනවා. එය ජීව විද්‍යාත්මකව සිදු වන වෙනසක්. මේ වෙනස ඇති වන්නේ ළමයා ගේ ලිංගික වර්ධනයත් සමඟයි. එහෙත් ලිංගිකත්වය හා මේ අතර සම්බන්ධයක් නැහැ. එහෙත් ලිංගිකත්වය පාලනයට එය ඉවහල් වෙනවා. ළමයා එතෙක් කල් ගත කළේ තමන් හා සිය පවල, යහළුවන් අතර ජීවිතයක්. එහෙත් මේ වයසින් පසූව ළමයා සමාජයේ දී තමන් වෙන ම පූද්ගලයකු ලෙස දකිනවා. මෙහි දී තමන් ගේ ප්‍රතිරූපය කෙසේ විය යූතු ද කියා ඔහූ කල්පනා කරනවා.



    තමන් ගැන සමාජයේ අන් අය ගේ ආකල්පය ඔවූන් ගේ පිළිගැනීම ආදිය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. මෙහි ඇති හොඳ ප්‍රතිඵලය නම් ගැටවරයා හැකි තාක් දුරට හොඳට හැසිරීමට, හොඳ වැඩ කිරීමට විනීත වීමට මේ නිසා පෙලඹීමයි. එහෙත් මේ තත්ත්වය අසීමිත වූ විට හැකියාවන් දියූණූ කර ගැනීම, ඉදිරිපත් වීම වැනි සමාජීය අවස්ථාවන්ට මූහූණ දීම වැනි දැ පසූපසට තල්ලු වෙනවා. එය ගැටවරයා ගේ ජීවිතයට මහත් කරදරයක් වන්නේ ඉන් පසූවයි.



    මේ තත්ත්වයට මූහූණ දෙන ආකාරය සමාජයෙන් සමාජයට වෙනස්. බටහිර සමාජයේ මේ වයසේ ගැටවරයින්ට විරුද්ධ ලිංගිකයන් සමඟ එක් ව වැඩ කටයූතු කිරීමට අවස්ථා පාදා දෙන්නේ මේ නිසයි. (ඪඅරඉනග) එසේ ම ඔවූන් නොයෙක් සමාජයීය අවස්ථාවන්ට යොමූ කරන්නේ මේ නිසයි. ඒත් ශ්‍රී ලංකාව වැනි රටවල එවැනි තත්ත්වයක් ඇති කිරීමට ආකල්පමය දියූණූවක් සහ දෑනූමක් තවමත් ඇති වී නැහැ.



    ඒ වගේ ම දරුවන් ගේ ඇති වන මෙවන් ප්‍රශ්න ගැන මවූපියන්ට අවබෝධයක් ද නැහැ. ඒ නිසා ම ඒවාට පිළිතුරු දෙන්නටත් ඔවූන්ට හැකියාවක් නැහැ. සමහර වැඩිහිටියන් ගැටවරයින් ගේ මෙවන් ප්‍රශ්න දිහා බලන්නේ ඒවා ඉබේ මඟහැරී යන ඒවා ලෙසයි. ඔවූන් සිතන පරිදි ඇතැම් අයට මේ සමාජ භීතිකාව වැඩි වයසට පත් වීමත් සමඟ කෙමෙන් අඩූ වී යනවා. එහෙත් එහි බලපෑම් නිසා වැඩිහිටි වූව ද පෞරුෂත්වයේ යම් දුර්වලතා මතු වෙනවා. උදාහරණයක් ලෙස සමහර වැඩිහිටියන් සිටිනවා වැඩි සමාජ ඇසූරක් නැහැ. රැකියා ස්ථානයේ පවා අන් අය සමඟ සම්බන්ධතාවක් නැහැ. බොහෝ විට ඒ ලැජ්ජාව නිසා. එහෙත් අවට සිටින්නන් එය දකින්නේ ආඩම්බරකමක් ලෙසයි. නැත්නම් සමාජශීලී නොවන පූද්ගලයකු විදියටයි.



    ඒත් ඇතැම් ළමයින්ට තමා සහජ භීතිකාවෙන් පෙළෙන බව අවබෝධයක් තිබෙනවා. එහෙත් ඉන් මිදෙන අයූරු ඔවූන්ට ප්‍රශ්නයක්. මේ සම්බන්ධව ඔවූන් අපෙන් අසා එවන ප්‍රශ්නවලින් එය පැහැදිලියි.



    එසේ නම් අපි කොහොම ද අධික ලැජ්ජාවෙන් එසේත් නැතිනම් සමාජ භීතිකාවෙන් මිදෙන්නේ? මෙන්න ඒ සඳහා අත්වැලක්.



    ලැජ්ජාවෙන් මිදෙන්න ගත හැකි සාමාන්‍ය පියවර කිහිපයක්


    1. ඔබ ඔබේ ලැජ්ජාශීලිත්වය හඳුනා ගන්න.


    මූලින් ම ඔබ ලැජ්ජාශිිලී අයකු බව ඔබ ම වටහා ගන්න. එය පිළිගන්න බොහෝ දෙනකුට ලැජ්ජාව පිළිගැනීම කළ හැකියි. එහෙත් එය තමන් ගේ හැසිරීම්වලට කෙසේ බලපානවා ද යන්න වටහා ගැනීම අපහසූයි. ලැජ්ජාවෙන් මිදීමට නම් එවන් වටහා ගැනීමක් අවශ්‍යයි.



    ඔබේ හැඟීම් අදහස් උදහස් ආදී සැමෙකක් ගැන ම අන් අයට වඩා දන්නේ ඔබයි. ඒ නිසා තමන් තුළ පවතින දුර්වලතා ගැන වටහා ගත හැක්කේ ද ඔබටයි. මෙහි දී ඔබ ඔබේ ලැජ්ජාශීලිත්වය අවංකව ම පිළිගන්න. ලැජ්ජාශීලිත්වය පමණක් නොව වෙනත් ඕනෑ ම දුර්වලතාවක් මඟහරවා ගත හැක්කේ එවිටයි.



    2. ඔබට අවශ්‍ය වන්නේ අධික ලැජ්ජාවෙන් මිදීමට නම් ඔබ තුළ තිබෙන ලැජ්ජාව අන් අය ගෙන් වසන් කරන්න එපා. එසේ කිරීම ලැජ්ජාව මර්දනය කර ගැනීමට බාධාවක් වෙනවා.


    3 අසීරු අවස්ථා සඳහා සූදානම් වෙන්න.


    ඔබට සාදයක් මගුල් ගෙදරක් වැනි ප්‍රිය සම්භාෂණයකට සහභාගී වීමට ඇත්නම් කලින් ඒ ගැන විපරම් කර බලන්න. ඒ නම් එයට සහභාගී වන සෙසූ අය කවූද? ඔවූන් කුමන තරාතිරම්වලට අයත් අය ද? ඒ අය ගේ රුච් අරුචිකම් මොනවා ද? කියා ආරංචි කර බලන්න. ඒ අතරේ ඔබ කැමැති විනෝදාංශ තිබෙන අය සිටින්නේ නම් ඔවූන් සමඟ කථා කරන්න.



    4. අත්වැලක් සපයා ගන්න.


    මේ සඳහා සමාජශීලී මිතුරකු හෝ මිතුරියක ගේ සහය ලබාගන්න. ඔහූ හෝ ඇය සමඟ ඔබට ලැජ්ජාව නිසා ඇතිවන අපහසූතා ගැන කතා කරන්න.



    5. ඉලක්කයක් තබාගන්න.


    මේ සඳහා පහසූ ඉලක්කයක් තබා ගන්න. උදාහරණයක් ලෙස ඔබට සෙනඟ ගැවසෙන තැනක සිටීම අසීරු නම් මූලින් ම එය මඟහරවා ගැනීමට ඉලක්කයක් තබා ගන්න. මූලින් ම මේ සඳහා ඔබට පූළුවන් ඔබේ වටාපිටාව අනූව ඒ සඳහා සූදානමක් ඇති කරගන්න. නිදසූනක් විදියට ඔබ කාර්යාලයක සේවය කරනවා නම් දිවා ආහාරය ගන්නා විට අන් අයත් සමඟ ඔබට එකතු විය හැකියි.



    6. සිතිවිලි වෙනස් කරගන්න.


    අධික ලැජ්ජාව නිසා ඔබ අසීරුවට පත් කරවන සිතිවිලිවලට විරුද්ධ සිතිවිලි ඇතිකරන්න. උදාහරණයක් ලෙස ඔබ මඟ තොට යනෙන විට අවට සිටින්නන් ඔබ දිහා බලා සිටිනවා යැ යි සිතෙන විට "නෑ.. නෑ.. ඒ අය මගේ දිහා බලන්නේ නෑ. ඇයි ඒ ගොල්ලො මගේ දිහා බලන්නේ?.. මම අමූතු කෙනෙක් නොවෙයි නේ.." ආදී විදියට සිතන්න.



    7. මූණිවත රකින්න එපා.



    ඔබ සමාජයීය අවස්ථාවකට සහභාගී වන විට හෝ දෙතුන් දෙනකු සමඟ ගැවසෙන විට නිහඬව සිටින්න එපා. අන් අය සාමූහිකව කතා කරන විට එයට එක්වෙන්න. ඔබට කියන්නට දෙයක් නැතිනම් එයට හූමිට තැබූවත් ඒ ඇති. එසේ ම ඔවූන් කියන දේට ඇහූම් කන් දෙන්න. එවිට ඒ අනූව ඔබට යම් අදහස් සිතට එනවා නම් එය ප්‍රකාශ කරන්න. බොහෝ විට ලැජ්ජාශීලි උදවිය අන් අයට සවන් දෙන්නේ නැහැ. ඊට හේතුව ඔවූන් නිතර ම හිතන්නේ තමන් ගැන පමණයි.



    8. ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න.


    ඔබට දෙයක් කරන්නට ඇත්නම් පසූ බසින්න එපා. බොහෝ විට ලැජ්ජාව ආත්ම විශ්වාසයට බාධාවක් වෙනවා. ඒ නිසා ඔබ කරන ඕනෑ ම කටයූත්තක් සඳහා ඉලක්කයක් තබා ගන්න. ඊ ළඟට එම අරමූණ ගැන දෑඩි විශ්වාසයක් ගොඩ නගාගන්න. ඒ සමඟ ම එය ඉටූ කරගැනීම සඳහා හැකි උපරිම ශක්තිය යොදා වෙහෙස වන්න. ආත්ම විශ්වාසය හා ආත්ම ශක්තිය යනූ එයයි. මට මෙය බැරිවෙයි ද? බැරි වූණොත් ලැජ්ජාවක් වෙයි ද? කියමින් ලතැවෙන්න එපා. සිතිවිලි දහසකට වඩා එක් කාර්යයක් වටිනා බව හිතට ගන්න. ලැජ්ජාව ජය ගන්නත් ආත්ම විශ්වාසය හා ආත්ම ශක්තිය අවශ්‍යයි.



    එසේම ඔබට උදව් කිරීම තුළින් සමාජශීලී වෙන්න පූළුවන්. මෙය ලැජ්ජාශීලී ඔබට ඉතා ම වැදගත්. හේතුව ලැජ්ජාව නිසා ඔබ සිටින්නේ නිතර ම ඔබට යමක් නොහැකියි යන සිතිවිල්ලෙන්. ඒ නිසා ම ඔබට ඔබ ගැන ඇත්තේ අවතක්සේරුවක්. ඒ නිසා කෙනකුට ඔබෙන් උදව්වක් අවශ්‍ය වූ විට ඔබ ඉන් පැන යනවා. එවන් අවස්ථාවලින් පැන යන්න එපා. මෙසේ අන් අයට උදව් කිරීමෙන් ඔබට ඔබ ගැන ඇති අනවශ්‍ය අවධානය අඩූ කරගත හැකියි. ඒ වගේම ඔබට අන් අය හා හිතවත් වීමට සම්බන්ධතා ඇති කර ගැනීමට එය ඉවහල් වනූ ඇති.

     
    උස්සපු තැන දාපන් බැල්ලියේ

    කොහෙන් උස්සලා දැම්මත් මේකත් වැදගත් වෙන උන් ඇතිනේ. උඹට ඔච්චරම අමාරැ නම් පෝස්ට් දාන උන්ට බැන බැන ඉනනේ නැතුව උඹත් දාපන්:no:
     

    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    වේලු සුමන;12686728 said:
    කොහෙන් උස්සලා දැම්මත් මේකත් වැදගත් වෙන උන් ඇතිනේ. උඹට ඔච්චරම අමාරැ නම් පෝස්ට් දාන උන්ට බැන බැන ඉනනේ නැතුව උඹත් දාපන්:no:
    බල්ලො පාරේ රෙනවා කියලා අපිත් පාරෙම රෙන්නෙ නැහැ නෙ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බල්ලො පාරේ රෙනවා කියලා අපිත් පාරෙම රෙන්නෙ නැහැ නෙ


    තොට මම මේ ත්‍රෙඩ් එකෙන් පිලිතුරක් දීල ඇති.... යකො ගොනා උනා කියල ගොන් කතා කියන් එපා......
    http://www.elakiri.com/forum/showthread.php?t=1430044
     

    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    මටත් තියනවා බන් ඔය ප්‍රශ්නේ:(. ඒත් දැන් කලින්ට වඩා හුගක් හොඳයි:). ඉස්සර නම් කඩයකටවත් යන්න බෑ:sorry:. දැන් නම් අවුලක් නෑ. හැබැයි තාම ටිකක් ඔය ගතිය තියනවා.:baffled:

    rep
     

    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    තොට මම මේ ත්‍රෙඩ් එකෙන් පිලිතුරක් දීල ඇති.... යකො ගොනා උනා කියල ගොන් කතා කියන් එපා......
    http://www.elakiri.com/forum/showthread.php?t=1430044
    ගොනා හොඳයි හොරාට වඩා!
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    බල්ලො පාරේ රෙනවා කියලා අපිත් පාරෙම රෙන්නෙ නැහැ නෙ

    *nnayo ban oya mun awajathakayo bravo kiyana ekageth uppanne uge thaththage nama na wage thamai u ussan article luth awajathaka widihata meke danne