ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි

මහ මුදලිගේ වත්තේ පොල් හොරකමක් වෙනවලු.
මේක නවත්තන්න මහමුදලි ගමේ මිනිස්සුන්ට කිව්වලු.
මුරකාරයෝ දැම්මලු එ්ත් හරි ගියේ නැහැල්ලු.
මේ පොල් හොරකම් කරන්නේ ගමේ ගැහැණුලු.
ඉතින් බැරිතැන කාන්තාවෝ පොල් හොරකම් කරන්න
ආපු වෙලාවේ ඇගේ නූල් පොටක්වත් නැතුව මහ මුදලි වත්තේ අැවිදිනවලු .
ගෑණු පන එපා කියල දිව්වලු ආයේ පළාතේ අාවේ නැහැල්ලු.
ඉතින් මහමුදලි කියලත් අහපු නැති වැඩේ ලැජ්ජා නැතිකම හින්දා නවැතුනාලු.
ඊට පස්සෙලු ඔය ''ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි'' කියන්නේ
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මචං මම ඔය කතාව අහල තියන විදිය ටිකක් වෙනස්, මම අහල තියෙන්නෙ මේ විදියට

    ඔන්න ඉස්සර කාලෙ මහ මුදලි තුමාට තිබුණ ලොකු වත්තක් මේ වත්තෙ පළතුරු, පොල්, එහෙම ගොඩක් තිබුණ ඒ වගේම මේ වත්තෙ ආරක්ෂාවට මිනිහෙක් හිටියත් වැඩක් වුණේ නම් නෑ මොකද පොඩි ළමයි වගේම ගැහැණුන් මේ වත්තට පැනල පළතුරු කඩාගෙන දර එහෙමත් එකතු කරගෙන තමයි යන්නෙ .... මහ මුදලි තුමා මේ වත්තෙ දැන්වීමකුත් ගහල තිබුණ "ඇතුල් වීම තහනම්" කියල ඒත් වැඩක් වුනේ නෑ .. ඕන්න දවසක් මහ මුදලිතුමාම මේ වත්තෙ පළතුරු කඩන ,දර එකතු කරන අය අල්ල ගන්න හිතාගෙන වත්තට වෙලා හිටිය ඒත් වැඩක් වුණේ නෑ මුදලි තුමා එහා කොනට යනකොට මෙහා කොනෙන් ගැහැණුන් සහ ළමුන් රිංගලා ඇවිත් පළතුරු කඩනව මුදලිතුමාට වත් බය නෑ...
    කොහොම හරි මුදලි තුමාගේ උත්සාහයත් අසාර්ථක වුණා කියමුකෝ....ඔන්න ඒ වෙලාවෙ රජවාසලේ කවටය අන්දරේ එතනින් ගියා. මුදලි තුමා අන්දරේට මේ කතාව කිව්ව අන්දරේ හොඳට කල්පනා කරල මම වැඩේ භාරගන්නම් කියල කිව්ව ඔන්න පහුව දා අන්දරේ වත්තට ආව ඇවිත් ඇඳුම් ටික සේරම ගලවලා අමු හෙළුවෙන් වත්තෙ එහාට මෙහාට යන්න පටන් ගත්තා..... සුපුරුදු පරිදි පළතුරු කඩන්න ආපු ගැහැණුන් සහ ළමුන් ට මේක දැකල හොඳටම ලැජ්ජහිතුණා සමහරු නම් කෑ ගහගෙන දිව්වෙ... ඔන්න ඒ ලැජ්ජාව නිසාම එදායින් පස්සෙ මේ කිසි කෙනෙක් වත්තෙ හතර මායිමෙ පස් පාගන්න ආවෙ නම් නෑ.

    අන්දරේ මහ මුදලි තුමාට මෙන්න මෙහෙම කියපි මහමුදලි තුමෝ "ලැජ්ජනැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි" නේද? කියල
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    laugh8kb.gif