ලන්කාවට ආසියාවෙ සින්ගපූරුව වගෙ අන්ක එක එන්න තිබ්බ චාන්ස් එක නෙ හෙළයො කෑවෙ. සුද්දාගෙන් උදුරගෙන අරගෙන කක්කා කරා පර හැත්ත
1. සුද්දාගෙ අරමුණ රටවල් අල්ලගෙන ඒවා දියුණු කරන එක නෙවේ, අල්ලගත්ත රටවල් වල තියෙන වටින දේවල් තමන්ගෙ රටට පටවන එක.
2. ඒකට තමයි රේල් පාර හැදුවෙ, සහ අනිත් දේවල් කළේ. අද අපි ඒවාගෙන් ප්‍රයෝජන ගන්නවා උන් නැති හින්දා.
3. කොච්චර නරක තිබුණත් ඒවා වහලා හොඳ බව පෙන්නන්න ජලාශ, අරවා මේවා ටිකක් හැදුවා. හැබැයි රජවරු හදපු වැව්, කුඹුරු වලට ෂොට් එක දුන්නා.
කෘෂිකාර්මික රටක් වුණ ලංකාවට ඒක ලොකු damage එකක්.
4. සුද්දා හඳුන්වලා දුන්න ලංකාවට නොගැළපෙන දෙශපාලන ක්‍රමය එක්ක වැඩිපුරම දේශපාලනයට ආවෙ, බලයට පත් වුණේ නුසුදුසු, දුර්වල අය. ඒ ගොඩක් අය රට ඇදගෙන ගියාට ආර්ථිකය ගොඩගන්න දක්ෂ වුණේ නෑ.
5. සුද්දාව විශ්වාස කරලා උෟට රට භාරදුන්නට, අන්තිමේදි උගෙන් සිද්ධ වුණ අසාධාරණකම්, පීඩන හින්දා තමයි උන්ව එලවන්න වුණේ.
බත කා ඉවරයි බලමින් උන්නොත්
ටික කලකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන්
පන්නන්නට සැරසෙව් රාළේ...
ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි
බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක්
ගෙවන්න වේවිද නුදුරු දිනේ...
අනේ මගේ ළමයිනේ අඬන විට
මොනවද නුඹලට මම දෙන්නේ
වනේ සිටින දෙවියෝ අද ඇත්නම්
සුද්දව හතරට පලනවනේ...
ඇහැළ මහේ සිට නිදහස ඉල්ලන
පිපී වැනී ගිය මල් පිපුනා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත
කන්දේ යුද ගිනි දැල් නැගුනා...
සප්පායම් වී ජාතික ආලෙන්
කොස් කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද පර සුද්දන්
සිංහල පොළවේ කැති ගහලා...
කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින්
පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ
ටිකකට උතුරන තුරු හොද්දේ...
සිංහල දරුවන් උඩ විසි කරලා
අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්
මාර සෙනග මැද යම යුද්දේ...
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
අට ඉස්බෙක් විසිවී වැටුණා
රණ බිම මරණය මියුරුය කියලා
පුරන් අප්පු සටනට වැදුනා...