ලන්කාවෙ කුල සම්ප්රදායන්
ඔබ ගොයිගමද ,පද්දෙක්ද ,කරාවෙක්ද ?
උපතින්ම කිසිවෙක් වසලයෙක් හෝ බ්රාහ්මණයෙක් නොවෙන වග ධම්මපදයේත් සදහන් වෙලා තියෙනවා .ලන්කාව අවුරුදු දෙදහස් ගනණක ඉතිහාසයේ පටන්ම බණපොත කටපාඩමින් කියවාගෙන ආ සමාජයක් උනත් කුලය පිළිබද පාරම්පරික අදහස්, මතවාද, ආකල්ප වෙනස් කරාගෙන තිබෙන්නේ බොහෝම අඩුවෙන්. බැලූ බැල්මට නොපෙනුනත් ලන්කාවේ ආර්ථික, සාමාජයීය ,දේශපාලනික හා සන්ස්කෘතික යන අන්ශවලට මේ කුලය කියන සාධකය ඉතාමත් තදින් බලපාලා තිබෙනවා. ඩී. ඇස් සේනානයක විසින් ලන්කාවේ නිදහසින් පසුව පිහිටවූ මුල්ම ජනපද කිහිපයින් එකක උපන් මට කුලය කියන සාධකය සමාජය තුල ක්රියාත්මක වූ ආකාරය පිළිබදව පෞද්ගලික අත්දැකීම් බොහොමයක් තිබෙනවා .අඩු කුලයකයැයි සැලකුනු මිනිසුන්ට ගමේ පාසලේදී, පන්සලේදී ,පාරේදී විදින්නට සිදුවූ ගැහැට මා දැක තිබෙනවා. කුලය කියන සාධකය ඉතාම පැහැදිලිව සමාජයේ ක්රියාත්මක වන ආකාරය දැක බලාගන්න පුලුවන් අවස්ථාවක් තමයි පත්තරේ මන්ගල දැන්වීම් පිටුව.
ලන්කාවේ කුල ක්රමය ගැන කතා කරනකොට වැඩිපුරම මතුවෙන කතාවක් තමයි ,,ඉන්දියාවේ තරමට දරුණු ආකාරයෙන් අපේ රටේකුල ක්රමය ක්රියාත්මක වුනේ නැහැ කියන එක .ඒක ඇත්ත උනත් කුලය කියන සාධකය අපේ රටේ තීරනාත්මක ඉතිහාසික සන්සිද්දීන් වලට බලපෑම් කෙරුවා ..මේ ලිපියේ මූලික අරමුණ වෙන්නේ කුලය කියන කාරණාව මෙරට සමාජයේ ගමන් මගට බලපාන ලැබූ අකාරය පිලිබදව සලකා බැලීම තමයි .නමුත් ඊට කලින් කුලය ගැන ඔබ නොදන්නා කාරණා කිහිපයක් තිබෙනවා කියන්නට.
ලන්කාවේ කුල නාමයන්
1.ගොවිගම - i.රදල- (ඉඩම් හිමි ප්රභූ ) ii.ගොවි- (ගොවිතැන ) iii.පට්ටි -(ගවපාලනය)
2.කරාව (මසුන් මැරීම )
3.සලාගම -(කුරුදු තැලීම )
4.දුරාව -(රා මැදීම )
5.හුනු -(අළු හුනු කර්මාන්තය )
6.ආචාරී /ගල්ලදු /නවන්දන්න -(ලෝකුරු වැඩ )
7.හේන /රදා -(රෙදි ඇපිල්ලීම )
8.වහුම්පුර/ හකුරු -(හකුරු සෑදීම)
9.කුබල් /බඩහැල -(වළන් සෑදීම )
10.දුර -i.වෙල්ලදුර (ශ්රි මහා බෝධිය රැක ගැනීම ) ii.බෝධි iii.පන්නදුර -(ඇත්ගොවුවන් )
11.නැකති /බෙරවා -(නැටුම් ,නක්ශ්ත්ර )
12.බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ )
13.ගහල -(මළ බෙර ගැසීම )
14.කින්නර -(පැදුරු විවීම/හණ කර්මාන්තය )
15.රොඩී/ හුළවාලි -(හිගමන )
මේ දක්වා තිබෙන්නෙ ලන්කාවේ සියලුම කුලයන්ගේ ලැයිස්තුවක් .නොවේ.මීට මගහැරුනු කුල බොහොමයක් තිබෙන්නට පුලුවන්. නමුත් මෙරට කුල ධූරාවලියේ පෙලගැස්ම බොහෝවිට ඉහත ලැයිස්තුවට සමපාත වෙන බව මගේ විස්වාශයයි .ඉහත දක්වා ඇති කුලයන් ඇතුලුව ලන්කාවේ සියලුම කුලයන් පහත දැක්වෙන ආකාරයෙන් වර්ග කර දක්වන්නට පුලුවන් .
ගොවි කුලය
සින්හල කුල ධූරාවලියේ ඉහලම සහ විශාලතම කුල ඒකකය වශයෙන් ගොවි කුලය හදුන්වන්නට පුලුවන්. ඉහත සටහනෙ අන්ක 1යටතේ දක්වා තිබෙන්නෙ ගොවි කුලයයි
2පහතරට කුල
ඉහත සටහනේ අන්ක 2 සිට 5 දක්වා සටහන්වී තිබෙන්නේ මේ ඒකකයට අයත් කුලයන්. විශේශයෙන්ම පහතරට මුහුදුබඩ පලාත්වල මෙම වර්ගකිරීමට යටත් කුලයන් ඩැක ගත හැකියි .
3.සේවා කුල
අන්ක 6 සිට 12 දක්වා කුල අයත් වන්නේ සේවා කුල ගනයටයි ..සේවා කුලවල ප්රධාන කාර්යභාරය වූයේ තමන්ට වඩා ඉහල කුලවල අයට සේවය කිරීමටයි . ඒ නිසාමදෝ සමාජයේ ඉහල කුලවල අය අතරේ සේවා කුලවල මිනිස්සුන්ට යම් පිලිගැනීමක් ලැබී තිබුනා .
4.කොන් වීමට ලක්වූ කුල
.ඉහත සටහනේ අන්ක 12 න් පසුවට සදහන් වෙන කුලයන් සමාජයේ කොන් වීමට යම් තරමකට ලක්වුනා වුවත් ඉන්දියාවෙ අශ්පර්ශීය කුලයන් තරමට සමාජයෙන් ඔවුන් කොන් වීමට ලක් වූයේ නැහැ.
චින්තක ටිකිරිබණ්ඩාර .
මුලාශය- මහාචාර්ය කාලින්ග ටියුඩර් සිල්වා ගේ 'කුලය පන්තිය හා සමාජ ගැටුම'
ගත්තේ - රතු රජ රට

Last edited:

kiyala denneth na. eth atha arinneth na. 