මේවා කියලා වැඩකුත් නෑ..එකෙක් හරි මේක තේරුම් ගනී කියලා හිතලා කියන්නේ..
බුකියේ තිබ්බා නිව්ස් එකක් ප්‍රධාන ප්‍රවෘත්ති පේජ් වල..අර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වලට එන්ගලන්තයට ගිය දහයක් පැනලා කියලා..පැන්න එක ප්‍රශ්නයක් තමයි..හැබැයි ඊට වඩා ප්‍රශ්නේ මොකද්ද දන්නවද..? ඒ පැනලා කියන නිව්ස් එක බුකියේ දාලා තියන හැම තැනකම ලන්කාවේ සාමාන්‍ය මිනිස්සු ඒකට දාලා තියන කමෙන්ට්ස් ...එක තැනක කමෙන්ට් දෙසිය ගානක්..ඒකෙන් කමෙන්ට්ස් එකසිය අනූ පහක්ම තියෙන්නේ
Well done..congratulations..අපිත් ගියානම් පනිනවා තමයි..උන් නම් ගොඩ ගියා..අහුවෙන් නැතුව ගේමක් ගහගනින්...හාට් රියැක්ට්..ක්‍රීඩාව වැඩක් නෑ පනින්න ඕනි.. පැන්නට කප් එකක් දියන්..මට නෑනේ මෙහෙම චාන්ස් එකක්..ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්ත උන් නම් නියමයි..
මම ගියත් පනිනවා..ඔය වගේ රටකට ගියානම් පනින්න ඕනි තමයි...
ඔන්න ඔය වගේ මේ පැන්න එකට සුභ පතලා තියන කමෙන්ට්ස් තමයි සියයට අනූ පහක්ම තියෙන්නේ..දැන් මේ සිස්ටම් චේන්ජ් කරන්න කතාකරන අර ගෝල්ෆේස් ලැගපු තරුණ බුද්ධිමත් කියන අමන හැත්ත තමයි මේ...දැන් මේවා ලන්කාවේ ඉන්න එම්බසි වල සුද්දෝ දැකලා ට්‍රාන්ස්ලේට් කරලා බැලුවම මොකද්ද උන්ගෙ ඔලුවට යන්නේ..ලන්කාවේ හොද රටකට යන සියයට අනූ පහක්ම යන්නේ එන්න නෙමෙයි..මතක තියාගනින්..ප්‍රතිශතය සියයට අනූ පහක්..ආයේ පුතෝ...මලාකට හිතන්නවත් එපා උබලා ලන්කාවේ සල්ලි හම්බකරලා ගොඩගියත් නිකම් බලලා එන්නවත් හොද රටකට නම් යන්න දෙයි කියලා.තව ටික දවසකින් මැලේසියාව සින්ගප්පූරු ඩුබායි අපේ උන්ට විසිට් දෙන එක නවත්තපු ගමන් පොඩ්ඩක් හරි හොද රටක් බලලා එන්න තියන එකත් නැති වෙනවා..ඊට පස්සේ අර ස්විට්සර්ලන්තේ එහෙම වීඩියෝ බල බල හූල්ලපල්ලා..
මෙහෙම යද්දී වියදම් කරලා ස්ටුඩන්ට් වීසා ගන්න ඉගෙන ගන්න උන්..නීත්‍යානුකූලව රටකට යන්න ඉන්න උන්ටත් කෙලවෙනවා කියන එක අහන්න දෙයක් නෑනේ..සුද්දෝ කියන්නෙ ලන්කාවේ ඉන්න හෙල ඇටේ ඉදිමිච්ච මෝඩයෝ වගේ නෙමෙයි..උන්ට මොලේ ටිකක් හරි තියනවා ..උන් මේවා දැක්කම ඒ රටවල් වලට ඕෆිශියලි දැනුම් දෙනවා රටේ සමස්ථ ජනතාවගේ ආකල්පය මේකයි කියලා.ඊට පස්සේ වීසා දෙන ප්‍රසන්ටේජ් එක අඩු කරනවා හැම පැත්තකින්ම..ඔය වියදම් කරලා ස්ටුඩන්ට් වීසා එහෙම යන්න ඉන්න උන්වත් මේවට විරුද්ධව එක කමෙන්ට් එකක් හරි දාපල්ලා..නැත්තම් උබලගේ මහන්සියත් අපරාදේ...ඕකෙම අනික් එක තමයි අර ඕස්ට්‍රේලියාවට පනින්න ගිහින් අහුවුනා කියන හැම නිව්ස් එකකම කමෙන්ට් බලපන්..ඔක්කොගෙම වැඩිපුර තියෙන්නේ ඒ යන උන්ට යන්න දියන් ඒ අල්ලන එක වැරදි කියලා..නීතිවිරෝධී සංක්‍රමණය වැරදී කියලා ලෝකේ ගැන අබමල් රේණුවක දැනුමක් තියන උන්ද මේ..මුන්ද ලන්කාවේ හොද දේශපාලකයෝ පත් කරගෙන රට හදන්න යන්නේ..මතක තියාගනින්..මේ ලන්කාවේ සාමාන්‍ය මිනිස්සු කියන උන්ගෙන් සියයට අනූ පහක්ම හොරු තක්කඩියෝ..ආයේ ගොඩ එනවා බොරු..රටේ ප්‍රශ්න තියනවා තමයි..හැබැයි මේ වගේම ප්‍රශ්න තියන තව ලෝකේ රටවල් තියනවා..ගොඩක් දුප්පත් රටවල් තියනවා ඒ මිනිස්සු රට ඇතුලේ දෙයක් කරගෙන ඉන්නවා මිසක් කොහොමහරි වෙන රටකට පැනගන්න ඕනි කියන අදහසේ නෑ.ඔය වියට්නාමේ එහෙම මිනිස්සු හරිම දුප්පත් බහුතරයක් එහේ පුදුම විදියට මහන්සි වෙලා හොද පාලකයෝ පත්කරගෙන කර්මාන්තශාලා රටට ගෙනල්ලා රටේ මිනිස්සු එකතුවෙලා පට්ටම කට්ටක් කාලා රට දියුණු කරගෙන යනවා.වෙන රටකට ගියාට කමක් නෑ.භාශාවක් ඉගෙන ගෙන හරි විදියට..දැන් අදටත් ඉගෙන ගෙන ස්ටුඩන්ට් වීසා යටතේ ඔය එන්ගලන්තයට එහෙම යන්න ලොකු අමාරුවක් නෑ..සල්ලි ඕනි තමයි..දැන් ඔය ඊශ්‍රායලයේ ලෙඩ්ඩු බලාගන්න යන්නත් ප්‍රයිවට් යන්න ගියොත් ලක්ශ පනහක් විතර ඕනිනේ..අනික මුන් තවත් හිතන් ඉන්න දෙයක් තමයි මේ අසූ ගනන් වල වගේ ඉතාලි එහෙම පැනලා ගොඩයන්න පුලුවන් කියලා..දැන් යුරෝපයේ කිසිම රටක වලංගු වීසා එකක් නැති කිසිම එකෙකුට කඩේකවත් රස්සාවක් දෙන්නේ නෑ..දීලා අහුවුනොත් දුන්න එකා ගස් යනවා..වීසා පාස්පෝට් බලලා ඕනිම තැනකට වද්ද ගන්නේ..දැන් සිස්ටම් දියුණුයි.අනික පැනලා සරණාගත කිව්ව ගමන් අනේ ඔයා මෙහේ නවතින්න කියන් නෑ..කදවුරකට දාලා නඩුවක් අහනවා නඩුව දින්නොත් විතරයි තියාගන්නේ.නැත්තම් ජීවිතේට ආයේ හොද රටකට යන්න බැරිවෙන්න ඩිපෝට් කරනවා..එහෙම නෑ පැන්නනම් ගොඩ කියලා ලන්කාවේ උන්ගේ ඔලුවට දාන්නේ සල්ලි කඩාගන්න බලන මිනිස් ජාවාරම්කාරයෝ..මුන් මෝඩ හැත්ත ඉතින් අහුවෙනවා..ඔය ටික්ටොක් කරලා අපිත් මේ රටින් යනවා ඉන්න බෑ කියලා ඩුබායි ගිහින් අන්න ඉන්නවා පිට්ටනිවලයි පාලම් යටයි.කන්න බොන්නත් නැතුව..
ඔය ජපන් වගේ භාශාවක් කොරියන් වගේ භාශාවක් හොදට ඉගෙන ගත්තොත්..හරි විදියට රටකට ගිහින් ජීවිතේ ගොඩදාගන්න පුලුවන් ...යුරෝපීය උනත් ජර්මන් වගේ භාශාවක් ඉගෙන ගත්තොත් අවස්ථා තියනවා..සල්ලි තියන අයට අදාල විභාග කරලා ගොඩදාගත්තොත් ඔය රටවල ගිහින් පාලම් යට ඉන්න ඕනි නෑ..හොද පඩියකට ජොබ් තියනවා..එහෙමත් බැරිනම් හොටෙල් කෝස් කරලා..හොදට ඉන්ග්‍රීසි හදාගත්තොත්..මාලදිවයිනේ හොටෙල් ෆීල්ඩ් එකේ ඩොලර් දාහෙන් එහා පඩි තියන ජොබ් තියනවා..ලොකු ගනන් වියදම් වෙන්නෙත් නෑ..එක එකා පස්සේ යන්න ඕනිත් නෑ..මාලදිවයිනේ වේකන්සි තියන වෙබ් වලින් තමන්ටම ඇප්ලයි කරන්න පුලුවන් ..එහෙම නැතුව ලන්කාවේ ජාවාරම්කාරයොන්ට ලක්ශ පහලොව විස්ස පුදලා හම්බෙන ඇටයක් නම් නෑ.අනික භාශාවක් ඉගෙන ගන්නේ නැතුව ඒ රටක ගිහින් කොරන්න පුලුවන් ලබ්බකුත් නෑ..එහෙම පුලුවන් උනා අසූ ගනන්වල..දැන් ලෝකේ දියුණුයි ..අන්න රැල්ලට රුසියාවට යන්න පටන් අරන් මුකුත් ඕනිනැ භාශාවත් ඕනි නෑ යුරෝපෙට යන්නත් පුලුවන් කියලා මෙහේ උන්ගෙන් ලක්ශ දහය දොලහ අරන් ඒජන්සි කාරයෝ රුසියාවට පටවනවලු මෙහේ ගොන් හැත්තව...යකෝ රුසියාවේ බස් බෝඩ් එකක්වත් ඉන්ග්‍රීසියෙන් නෑ..ඉන්ග්‍රීසි භාවිතේකුත් නෑ අනිවා රශියක් ඕනි..රශියන් හොදට ඉගෙන ගෙන ගියොත් ජොබ් තියනවා..නැත්තම් සීතලේ බඩගින්නේ මැරෙන්න වෙන්නේ..නැත්තම් ගෙවල් උකස් තියලා රට යන්න ගත්ත සල්ලි වියදම් කරලා මෙහේ ඇවිල්ලා පාරට වැටෙන්න වෙන්නේ...
බුකියට වඩා මේකේ බුද්ධිමත් උන් ටිකක් ඉන්න නිසයි මේක දැම්මේ..මේවගේ දේවල් වලින් රටට වෙන හානිය උබටත් පොඩ්ඩක් හරි තේරෙනවනම් උබත් මොලේ තියන සිස්ටම් චේන්ජ් කරන්න සුදුසු පුද්ගලයෙක්..රටේ ප්‍රශ්න තියනවා..ඒක ඇත්ත..ඒත් රටේ මිනිස්සු මෝඩයොද..බුද්ධිමත් උන්ද කියන එක ලෝකෙට නියමෙටම පේන තැන් ඕවා..අර කමෙන්ට් සීන් එක..පුලුවන්නම් ඕවට විරුද්ධව කතිකාවක් ඇතිකරපල්ලා..යන එකාට හරි විදියට යන්න...ඒකෙන් ඌත් ගොඩයනවා රටත් ගොඩයනවා..