ලන්කාවේ නම් මෙහෙමයි

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    ලන්කාවේ නම් මෙහෙමයි

    ට්‍රම්ප්ගේ සහ හිලරි ගේ ජනාධිපතිවරණය ලංකාවේ පැවතුණි නම්..
    - රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ශවල ආධාරකරුවන් දෙපිරිසක් අතර පස්යාලේදී සිදුවූ බහින්බස් වීමක් දුර දිග යාමේදී පහරදීමකින් 4 දෙනෙකු තුවාල ලබා තවත් දෙදෙනෙකුට අසාධ්‍යයි.
    - රිපබ්ලිකන් පක්ශයේ පිරිසක් විසින් තමන්ට මරණ තර්ජන කරේයැයි කුරුණෑගල නගරාධිපති විසින් පොලිසීයට පැමිණිල්ලක්..
    - හම්බන්තොට පැවති රැලියක් සදහා ඩිමොක්‍රටික් පක්ශයේ පිරිසක් රැගෙනයමින් සිටි ලොරි රථයකට තිස්සමහරාමේදී ගල් මුල් ප්‍රහාරයක්.. දෙදෙනෙකුට සුළු තුවාල.
    - හොර ඡන්ද පත්‍රිකා දහසක් සූක්ශම ලෙස ත්‍රීරෝද රථයක අසුරා ගෙනයමින් සිටියදී ලබුගමදී අත්අඩංගුවට..
    - කලගුණදත් ජනතාව තමන් සමග බව අද දින මට්ටක්කුලියේදී පැවති ජනරැළියේදී ට්‍රම්ප් මහතා කියා සිටී..
    - දූශණය පිටුදැකීමට සහ අලුත් වෙනසකට සියලු ජනතාව මුලපිරීමට සූදානම් විය යුතු බව හිලරි මැතිණිය අද තම අවසාන ජනරැළිය අමතමින් කියා සිටී..
    - රිපබ්ලිකන් පක්ශයේ දින සීයේ වැඩපිලිවෙළ පිලිබද මාධ්‍ය සාක්ච්ඡාවක් අද දින රජයේ ප්‍රවෘත්තිපත්‍ර කාර්‍යාලයේදී පැවති අතර එහිදී පක්ශයේ ප්‍රධාන අපේක්ශක ට්‍රම්ප් මහතා කියා සිටියේ පෝට්සිටි ව්‍යාපෘතිය නවතාදමා ඒ වෙනුවට එහි හරිත නගරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි..
    - හිලරි මැතිණියට සෙත්පතා දිවයිනපුරා බෝධි පූජා..
    - ට්‍රම්ප් මහතාගේ සිකුරු ග්‍රහයා බලවත්, නියත ජයක් - ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින් පවසයි
    -"ට්‍රම්ප් දින්නෙ නැත්තන් මන් වෙඩිතියා ගන්නවා"- දෛවඥ චන්දර්සන් බැන්ඩරා
    - ට්‍රම්ප් මහතා අද දින මල්වතු අස්ගිරි මහ නාහිමියන් බැහැදැකී
     
    • Like
    Reactions: namak nathi eka