මට වෙච්ච සිද්දියක් ඒ ලෙවල් කාලෙ. ඉස්කෝලෙ ඇරිලා බද්දෙවිතාන සෑර්ගෙ කෙමිස්ට්‍රි පන්තිය ඉවර වෙලා ගෙදර යන්න බස් එකේ නැග්ගා. ටිකට් අරන් පර්ස් එක අතේ තියාගෙනම නින්ද ගියා.
බැහැලා ගෙදරට ඇවිදගෙන යන ගමන් බොන්න කිරි පැකට් එකක් ගන්න කඩේට ගියා. බලද්දි පර්ස් එක නෑ. පස්සෙ සල්ලි දෙන්නම් කියල කිරි පැකට් එක අරගෙන ගෙදර යනවා බෑග් එක පුරා පර්ස් එක හොය හොය කොහෙවත් නෑ. ඉතුරු කරපු සල්ලි රු 500 විතර. පන්ති කාඩ් ඔක්කොම ඒකෙ. දැන් ගෙදරට මොනව කියන්නද කියල දහ අතේ කල්පනා කර කර යනව. මගේ ඇඩ්රස් පෝන් නම්බර් තියෙන මුකුත් පර්ස් එකේ තිබ්බෙ නෑ. තිබ්බ කාඩ් වල තිබ්බෙ නම විතරය්.
එතකොටම සාක්කුවෙ තිබ්බ පොඩි නොකියා පෝන් එක රින්ග් වුනා. දන්නැති නොම්මරයක්.
ආන්ස්වර් කරාම හෙලෝ මේ මෙයාද කියලා මගේ නම අහලා කතා කලා.
මන් ඔවු කිව්වම බස් එකේ පර්ස් එක නැති වුනාද ඇහුවා. මට දැන් මාරම සතුටුයි. මන් ඔවු කිව්වම මගෙන් කෙහෙද ඉන්නෙ ඇහුවා. මන් තැන කිව්වම ආ මාත් ඔහේ තමා කියලා හෙට ගෙනත් දෙන්නම් කිව්ව පර්ස් එක.
ඊලග දවසෙ උදේම අවු 35 විතර මනුස්සයෙක් මදුරුව බයික්කෙන් ඇවිත් ගෙදරටම ගෙනත් දුන්න පර්ස් එක. තේ එකක් බොමු කිව්වට වැඩට යන්න තියෙනව කියල ගියා. පර්ස් එකේ තිබ්බ රිසිට් කෑල්ලෙ ඉදන් ඔක්කොම එහෙම්ම තිබ්බ.
මගේ පර්ස් එකේ තිබ්බා පරන පුස්තකාල කාඩ් එකක්. ඒකෙ ඒ පුස්තකාලෙ නොම්මරේ තියෙනවා. ඒකට කෝල් කරල පුස්තකාලෙන් තමා මගේ නම කියලා නොම්මරේ අහගෙන තියෙන්නෙ.
මම තාම අලුත් අවුරුද්දට එහෙම අමතක නොකර මැසේජ් එකක් දානවා ඒ නොම්මරේට.
මේකෙ ගොඩක් මේ දවස් වල යන්නෙ නෙගටිව් දේවල් නිසා මට වෙච්ච පොසිටිව් දෙයක් ශෙයා කරන්න හිතුන