ඒකනේ මචං මටත් උන් කිව්වම තමා තේරෙන්නේ.. පැරිස් වල එකෙට කොවිඩ් සිම්ටම්ස් ආවම මිනිහ කෝල්1ක් අරන් මෙඩිකල් උන්ට කිව්වම උන් කියල ගේ අතුළෙම ඉන්න එළියට යන්න එපා කියලා.. කේස් වැඩිම දවස් වල ගොඩ අය මාස්ක් දාන්නේ නෑලු, උන්ව කන්ට්රෝල් කරන්නෙත් නෑලු කෞරුත්.. මරු ආතල් ඉතින්..
මගේ පුතාට උණ හැදිලා ඉස්කෝලෙන් දුවයි පුතයි දෙන්නම ගෙනියන්න කිව්වා
දිගටම උණ නං කෝවිඩ් ටෙස්ට් කරන්න කිව්වා නැත්තං ඉස්කෝලෙ එවන්න කිව්වා.
ලමයි පික් කරනකොට පන්තිවලට වෙලාව වෙන්කරලා සෝශල් ඩිස්ටන්ස් තියලා එක විකාරයයි. හැබැයි ලමයි ඔක්කොම එක රංචුවට ඉන්නේ. දවසට ලමයි හතරක් පහක් එන්නේ නෑ උණ හැදිලා. මුං කොහොමහරි අපිව ඉක්මනටම මරනවා.
මාස්ක් දාන්න දෙන්නෙත් නෑ. මේ ටිකේ සීතලේ වැස්සෙත් ලමයි එලියට දානවා ෆ්රෙශ් එයා ඕන කියලා.