Uba methana mulin "pin deemak" gana katha karapu nisa thamai mama kivve minissuth marila mona pin da kiyala. Okata aapada madyasthaneta kivvanam unta experience thiyanava handle karanna. Mama kalinuth kivva iskolavala Social Service Clubs thiyanava udavvata. Ewata viyadam nisada pachaya salli nodenne?
පිං කතාව මම නෙවෙයි කිව්වේ...
උබල හිතන්නේ ලපයා නිලමෙට කියලා ගියා 18 වෙනිදා උදේ නිලමේ මාලිගාවේ දොර ඇරිය, මිනිස්සූ ගිහිං දළදා වදිනවා කියලද???
ඔය ආපදා කළමනාකරණ එවුන් විතරක් නෙවෙයි, මාලිගාව, MOH ලා, PHI ලා, පොලිසිය, නගරසභාව, දිසාපති කාර්යාලය, අනිත් ස්වේච්ඡා උන් ඔක්කොම අවුරුදු කලේ ඉදලා plan කරලා වැඩ කරලා තමයි ඔය පටන් ගත්තේ...
ඔය ඔක්කොම කතා කරලා තමයි දවසකට පෝලිං වලට ලක්ෂ දෙකක් එයි කියලා උපකල්පනය කරේ... උන් ඒ පෝලිං වලට පහසුකම් ඔක්කොම දුන්න...
පෝලිං දිගටම hut ගහලා තියෙන්නේ... Dustbin තියලා තියෙන්නේ දිගටම( මම මේකේ කලින් දාපු video එකේ බලපන්)... Tempory Toilet තියලා තියෙන්නේ... කිව්ව වගේ සෞඛ්ය මධ්‍යස්ථාන දාලා තියෙන්නේ... දන්සල් දෙනවා මාලිගාවෙන් සහ මිනිස්සූ...
නුවර ළමා පුස්තකාලේ තමයි ක්ලීන් ශ්‍රී ලංකා සෙට් එකේ ස්වේච්ඡා උන් ඉන්නේ... කලින් උන්ගේ ලෝගෝ එක පෙන්නන්න තහනම් කරලා තිබ්බා මැකෝ... දැන් නම් කොඩි දාගෙන tshirt ගහගෙන ඉන්නවා...
University, අනිත් office (COOP එක, LOLC, CocaCola එහෙම), ස්කවුට්ලා ඔක්කොම වැඩ...
අවුල ගියේ 23 රෑ... සෙනග ගොඩක් වැඩි උනා... ලක්ෂ දෙක ලක්ෂ 4 උනා... Hut ගහපු area pass කරලා පෝලිං දීක් උනා... ඒ වෙලත් අලුතින් dustbin toilet ගෙනල්ලා දැම්මා... හැබැයි එදා රෑ මිනිස්සූ පෝලිං පැනලා ඉස්සරහට ඇවිල්ලා පාරවල් සමුපූර්ණයෙන්ම බ්ලොක් කරලා වාතයක් උනා... ඊට පස්සේ තමයි ඔය කුණු කේස් එක ආවේ... පහුවදා හවස වෙනකම් පොලීසියට බැරි උනා පාරවල් ටික වාහන යන්න පුළුවන් විදිහට පෝලිං control කරන්න... ඔය ගොඩක් ෆොටෝ එදා පාරවල් සුද්ද කරන්න කලින් ගත්ත ඒවා...
කුණු එකතු වෙනවා... මිනිස්සූ dustbin තිබ්බත් බිමට දාන්නේ... ඒ උනාට ඒවා දවසකට හතර පස් සැරයක් වත් සුද්ද කරනවා නගරසභාවේ මිනිස්සූ... ඒ අතර කුණු ගොඩක් හැදෙනකම් ඉදලා ෆොටෝ එකක් අරන් හෙන හෑල්ලක් ලියනවා නුවර විශාලා මහනුවර වෙලාලු...
පූප තමයි...
ඒවා කියවන උන් හිතන් ඉන්නේ... දළදා බලන ආපු උන් හැම තැනම බොක දාලා දැන් මුළු නුවරම ගූ ගදයි කියලා...