ලබ්බ උගේ , උ‍ඟේ මගේ

mazerunner

Member
Dec 12, 2014
191
43
0
34
maze land
ලබ්බ උගේ , උ‍ඟේ මගේ

ලබ්බ කිව්වම සමහර වෙලාවට සමහරුන්ට ඒක කුණුහරුපයක් වගේ වෙන්නත් පුලුවන්.ඔය සමහර ගැහැණු ලමයි එහෙම චීයා කියලා දුවන්නත් පුලුවන්.ඒ වුනාට අදනම් මේ කතාව මං කියනවා,එව්වා කිසි ගානකට ගන්නේ නැතිව.මොකද ලංකාවේ සමහර පලාත් වල ලබ්බ කියලා කියනවා අර වතුර දාන ලබු කැටේට.දැං සමහරු අහයි ලබු කැටේ මොකක්ද කියලා?
cafe-daum-net.jpg

ඒක ඇවිල්ලා ලංකාවෙ ඉස්සර ගම් වල වතුර දාන්න ගත්ත ස්වාභාවික බෝතලයක්.ලොකු ලබු ගෙඩියක් අරගෙන ඒක වේලෙන්න ඇරලා ඒකේ තියෙන මදේ හූරලා එලියට ගන්නවා.ඊට පස්සේ ඒකට වතුර දාලා පල් වෙන්න ඇරලා අයින් කරලා ගත්තම වතුර දාන භාජනයක් හැදෙනවා.ඒ කියන්නේ වේලිච්ච ලබු ගෙඩියේ පිට පොත්ත හයියට වේලිලා තියෙනවා.
එව්වා ඇති,දැං ලබ්බ ගැන කතාවට බහිමුකො.

එක ගමක ඉන්නවා සිරිපාලයි,සරතුයි කියලා යාලුවො දෙන්නෙක්.ඔන්න දවසක් මෙයාලා දෙන්නා පොඩි දෙයකට තරහ වුනා,කඩපිලේදි.ඔන්න දැං දෙන්නා නොරොක් වෙලා බුම්මං ඉන්නවා.ඔහොම ඉන්නකොට ඒ කඩපිලට එනවා නගරේ ඉඳන් ආපු වාහනයක්.වාහනේ කඩේ ගාව නතර කෙරුවාම ඒකෙන් ආපු එක නෝනා කෙනෙකුට දකින්න ලැබෙනවා අර කඩේ තියෙනවා අර මං කියපු ලබු කැටයක්.ඒ කියන්නේ ලබ්බක්.එයා ඒක දැකලා රියදුරාගෙන් අහනවා අර මොකක්ද කියලා.ඒ රියදුරත් දන්නේ නෑ ඒ මොකක්ද කියලා.කෝකටත් අයිතිකාරයව හොයාගෙනම අහලා ඉන්න කියලා හිතන මිනිහා අහනවා අර සිරිපාලගෙන් “මේක කාගෙද “කියලා අර ලබ්බ පෙන්නලා.සිරිපාල කියනවා

“ලබ්බ මුගේ,උ‍ඟේ මගේ” කියලා.

මේ මොන කුනුහරුපයක්ද කියලා හිතලා ආයි අහනවා



” දැං හරි ගැටලුවක්.රියදුරා අහනවා සරත්ගෙන් “මේ මොකක්ද?” කියලා.සරත් කියනවා

“ලබ්බ මගේ,උ‍ඟේ මුගේ ” කියලා.දැං ප්‍රශ්න ගොඩයි.ඒ පාර රියදුරා අහනවා කඩේ මුදලාලිගෙන් ඒ ප්‍රශ්නයම.
මුදලාලි කියනවා

“ලබ්බ මුගේ,උ‍ඟේ මුගේ” කියලා.
මුන්ගේ —-ට කියලා හිතපු කට්ටිය යන්න යනවා.
මේ ගමේ ඉන්නේ පිස්සො කියලා .
දැං ඇත්තටම මොකද මේ ගමේ අය කියන්නේ ?දන්නවා නම් මට උත්තරය දාන්නකො,මං මේක කොටන්නේ මාර වෙලාවක්,ඉතින් ඉතුරු ටික දිගට ලියන්න වෙලාවක් නෑ,ඒකයි.තරහ වෙන්න එපා කියවන අය.හොඳේ….
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ ඔබට පෙනෙන් නේ තරගාවලියේ වීරයාගේ කූට උපක්‍රම මගින් විරුද්ද පකශයේ අපේක්සකයා නොමගයැවු අවස්තාවක්

    මෙවන් අතදිග හැර කෙප්ප කෙලීමේ රුසියෙක් වන මෙම මාමා නිසා විරුද්ද පක්ශයේ මාමාට ඇප නැතිව බෝඩිම මාරු කිරීමට සිදුවිය :lol::lol:

    මුල සිටම ඉතා සුක්සම අන්දමින් විරුද්ද පාක්ශික මාමා නොමග යවමින් මුරුන්ගා කදවල් උඩ තබා මේ මාමා ඉතා විශාල ලකුනු ප්‍රමානයක් රැස්කරගෙන තරගාවලියේ වීරයා ලෙස කිරුලු පැලැන්දේ ය :lol::lol: