ලම්බෝගිනි

ts199119s

Member
Oct 1, 2012
465
17
0
F-16 ප්‍රහාරක ජෙට් යානයක් සමග රේස් ගිය ලම්බෝගිනි කාරය! :shocked:

f16-lambo.jpg


පසුගියදා ඩෙන්මාර්කයේ ගුවන් හමුදා කඳවුරකදී අපූරු ධාවන තරඟයක් පැවැත්වූ බව BBC ටොප්ගියර් මෝටර් සඟරාව වාර්තාකරනවා. තරඟය පැවැත්වුනේ සුප්‍රකට ඉතාලි නිෂ්පාදනයක් වන, අධිවේග සුපිරි කාරයක් වූ ලම්බෝගිනි ඇවෙන්ටඩෝර් රථයක් හා අමෙරිකානු F-16 ෆයිටින් ෆෝල්කන් ජෙට් යානයක් අතරයි. තරඟය සංවිධානය කලේ ඩෙන්මාර්කයේ ජනප්‍රිය මෝටර් සඟරාවක් වන BIL magasinet සඟරාවයි.

f-16.jpg


labo.jpg


Wings-vs-wheels-Lamborghini-Aventador-takes-on-a-F-16-Fighter-Jet.jpg


මෙවැනි තරඟ කිහිපයක් මීට පෙරද පවත්වා ඇති අතර ඉන් වඩාත් ප්‍රසිද්ධ තරඟය වන්නේ 2007 වසරේදී, BBC ටොප්ගියර් රූපවාහිනි වැඩසටහනේ රිචර්ඩ් හැමන්ඩ් ධාවනය කල ප්‍රංශ සුපිරි කාරයක්වූ බුගාටි ස්පයිකර් රථය හා යුරෝෆයිටර්-ටයිෆූන් ප්‍රහාරක ජෙට් යානයක් අතර පැවති ධාවන තරඟයයි.

2011දී ලොවට හඳුන්වාදුන් ඇවන්ටඩෝර් සුපිරි කාරයට අශ්වබල 700ක් ජවයක් ඇති අතර එයට තත්පර 2.8කදී පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගත හැකියි. එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 349කි.

ජයග්‍රාහකයා කවුරුන්ද?

මුහුදු මට්ටමේදී පැයට කිලෝමීටර් 1,470 ක උපරිම වේගයක් ඇති F-16 යානය විවාදයකින් තොරව ජයග්‍රාහකයා වුවත් තරඟය ආරම්භයේ සිට ජෙට් යානය ධාවන පථයෙන් ඉහලට එසවෙන තෙක් ඇවැන්ටඩෝර් රථය ඉදිරියෙන් සිටියා.


aventador-vs-f16-jet.jpg


620.jpeg




ගත්තෙ මෙතනින්..
:yes::yes::yes: