ලමා සාසනය ලමා අපචාරයක්ද?
පොඩි ලමයි පොඩි කාලේදිම මහන කිරිම ලමා මානව හිමිකම් කඩ කිරීමක් කියලා මතයක් යනවා.මොකද පොඩි කාලේ ලමයගෙන් දෙමව්පියන්ගේ ආදරය සොරා ගැනීමක් වෙනවා.
එයාලත් ආස ඇති අම්මා තාත්තා නංගි මල්ලි එක්ක උස් මහත් වෙන්න.අනිත් එක එයාලගේ සෙල්ලම් කාලය,පාසල් කාලය එයාලගෙන් උදුර ගන්නවා.අනිත් අය වගේ වෛවර්ණ ලමා වියක් එයාලට නෑ.එයාලට සෙල්ලම් වයසක් නෑ.රෑට කෑම ටිකවත් කන්න හම්බ වෙන්නේ නෑ.උදෙඋට දවාලට විතරක් කාලා ඉන්නවා.
දරුවන් මහණ කිරීම යනු වහා තහනම් කළ යුතු ක්‍රියාවක් බව අපි පුන, පුනා පෙන්වා දී ඇත්තෙමු. එහෙත්, දරුවන් මහත සාදුලාට ලිංවින්දිත දරුවන්ගේ පවුල්වල දෙමව්පියෝ ද වගකිව යුතු ය. පන්සලෙන් 'රැකවරණය' ලබා ගන්නට තමන් දරුවන් නො තැනිය යුතු ය.
අනෙක් පැත්තෙන්, කුඩා කාලයේ මහණ කරනු ලැබ අපචාරයට ලක් වූ මෙවැනි මහණුන්ගේ විකෘති චර්යාවන් අනාගතයේ මුළු රටට ම විපත්තිකාරක වේ. පසුගිය දිනෙක මෙයින් එක් අයෙක් ප්‍රසිද්ධියේ සිය සිරුරට ගිනි තබා ගනිමින් ස්ව පීඩක ප්‍රචණ්ඩත්වය ප්‍රදර්ශනය කළේ ය. තවත් ඇතැමෙක් සිය උන්නතිකාමී උවමනාවන් වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය පතුරුවමින්, ජනයා භේද භින්න කරමින්, සාමය කඩ වන අන්දමින් හැසිරීම පුරුද්දක් කරගෙන තිබේ.
පහත පළවන්නේ අප මේ පිළිබඳව කලින් තැබූ සටහන් කීපයකින් උපුටා ගත් කොටස් ය.
විශේෂයෙන් ම ලංකාවේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් බටහිර ආධාර ලබා ගන්නා රජයේ හා රාජ්‍ය නො වන සංවිධාන මෙම බාලාපචාර ක්ෂේත්‍රය පිළිබඳව මුනි වත රකිති.
යමක් කමක් ඇති, කරුණු කාරණා දන්නා, දරුවන් ගැන තැකීමක් ඇති දෙමව්පියෝ දැන් සිය දරුවන් මහණ කරන්නේ නැති තරම් ය. එසේ කරනවා නම් කරන්නේ සාංඝික හෝ ලොකු දේපලක් හිමි වන්නට තිබේ නම් පමණි. හතර කේන්දරේ පාළු වුණත් ළමයින් මහණ නො කිරීමට ළමයින්ට ආදරේ කරන දෙමව්පියන් වග බලා ගන්නේ ඔවුන් මෙම බාලාපරාධ පිළිබඳ අසා ඇති බැවිනි.
මෙම තත්වය හේතුවෙන්, දැන් ළමයින් මහණ කිරීම සිදු වන්නේ හද්දා පිටිසර ගම්වල, දිළිඳු සමාජ කණ්ඩායම් අතරේ පමණි.
සාමනේර භික්ෂූන් සිවුරු හැර යාම වැඩි වීමට ද මෙම තත්වය හේතු වී තිබේ. අද වන විට, බෞද්ධයන්ගේ ආගමික අවශ්‍යතා සඳහා භික්ෂූන්ගේ හිඟයක් ද ඇත.
කෙසේ වෙතත්, නූතන මානව ශිෂ්ටාචාරය අනුව, කුමන තත්වයක් යටතේ හෝ දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කර, නො තේරෙන බාල වයසේදී මහණ කිරීම ශිෂ්ට ක්‍රියාවක් වන්නේ නැත. (කියවන්න: ළමා අයිතිවාසිකම් කෙරුමන්ට නො පෙනෙන සාමනේර ප්‍රශ්නය)
බුදු හිමියන් විසින් ගොඩනඟන ලද සංඝයට අයත් අය මෙවැනි පාපී ක්‍රියාවල නියැලිය යුතු නො වන හෙයින් බෞද්ධ ජනමාධ්‍යකරුවන් මෙවැනි වැරදි කරන අය ඉහත ආකාරයෙන් හඳුන්වනවා විය හැකි ය. එහෙත්, එපමණින් සංඝ සමාජයේ ශෝධනයක් ඇති වන්නේ නැත.ළමා කාමුකයන් (pedophiles) ඇතුළු ඇතැම් සමාජ අපරාධකරුවන් සිවුරෙන් ආවරණය වී සිටින බව බොරුවක් නො වේ. බෞද්ධ සමාජයේ ඇතැම් ව්‍යවහාරයන් මේ පනින රිලවුන්ට ඉනිමං තබනවා වැනි ය.
ළමයින් මහණ කිරීම ඈත අතීතයේ සිට ම සිදු වූව ද, නූතන ළමා හිමිකම් සංල්ප අනුව එය බරපතල ලෙස ළමා හිමිකම් උල්ලංඝනය කිරීමකි. එහෙත්, ලංකාවේ ළමා හිමිකම් ඔස්තාද්ලා කිසිවෙක් මෙම වැරදි භාවිතාවට එරෙහිව හඬ නො නඟති.
2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ද 2600ක් ළමයින් මහණ කිරීමේ වැඩසටහනක් රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් වේ.
භික්ෂුත්වය යනු වර්තමාන පාරිභෝගික සමාජයේ දුෂ්කර ක්‍රියාවකි. එහෙයින් පුද්ගලයන් භික්ෂුභාවය සඳහා ඉදිරිපත් වන්නේ අඩුවෙනි. සිවුරු දරා සිටින ඇතැමෙක් ද විනයධර භික්ෂූන් වෙනවා වෙනුවට අසපු ලෙස නම් කර තිබෙන මන්දිරවල කාමසුඛල්ලිකානු ජීවිත ගත කරමින් දේශපාලනය වැනි සංඝයා විසින් නො කළ යුතු ක්‍රියාවල යෙදෙති. බෞද්ධයන්ට සේවය කිරීම පිණිස සිල්වත් භික්ෂූන් ඉතා හිඟ ය.
එහෙත්, ළමයින් මහණ කිරීම මෙයට කිසි සේත් ම විසඳුමක් නො වේ. අද වන විට උගත්, මධ්‍යම පංතික පවුල්වල දරුවන් මහණ කිරීමක් සිදු වන්නේ ම නැති තරම් ය. මහණ කිරීම සඳහා ළමයින් සොයා ගත හැකි වන්නේ අති දුෂ්කර, දිළිඳු ප්‍රදේශවලිනි.
ළමයින් මහණ කිරීම වෙනුවට බෞද්ධ සමාජය වෙනත් විසඳුම් සොයා ගත යුතුව ඇති බව අපේ අදහසයි. (කියවන්න: ළමයින් මහණ කිරීම ගැන නැවත හිතුවොත් නරක ද?)

Last edited:

so how exactly does that work anyway?