ආභරණ පැළද දීර්ඝ වූ කර්ණ ඇති, නෙත් ඇද බැද ගන්නා රන් සළු පැළද, පැළදි මිණි මේඛලා නාද නංවමින්, සමන් මල් වලින් ගත සරසාගෙන, රණ හංසයන් වැනි තරුණ පියයුරු විහිදුවමින්, මියුරු ගීත ගයමින් මාර දුතිකාවන් සිද්ධාර්ථ කුමරුන් ඉදිරිපිට රගති.
සිදුහත් කුමරුන්ගේ චිත්ත සමාධිය බිද දැමීමට මාර දුතිකාවන් අසමත් වූ කළ, මාර සේනාව උන් වහන්සේ වට කොට අවි බලයෙන් යටපත් කිරීමට උත්සාහ කළහ. ඒ සියළු උත්සාහයන් පරදා, කල්ප ලක්ෂයක් පිරූ පාරමිතා බලයෙන්, බෝ රුක් සෙවණේ අප මහා බෝසතාණෝ සම්බුධත්වයට පත් වූ සේක. එම අම දම් දහරින් සියළු ලෝක සත්වයෝ සුවපත් වනු ඇත.
කැණි මණ්ඩලය නමැති නිවසක ඇති ශක්තිමත්ම ව්‍යුහය කඩ බිද දමා නිවස සුණු විසුණු කරන්නේ යම් සේද, එළෙසම මම ඉපදීම-ලෙඩ වීම-මරණය යන දුක්බර චක්‍රය බිද දැමුවෙමි යනුවෙන් උන් වන්හන්සේ පවසූහ. කළෙක බලවත් වූ ලොපල් මිහිදෙක්, දැන් එලෙස නේරංජන ගංගා අසබඩ භාවනා වඩති.
එම අසිරිමත් වූ සිදුවීමෙන් උත්කර්ශයෙන් දස දහසක් වූ සක්වාතල කම්පා විය, දස දහසක් ලෝක ධාතුව කම්පා විය, දෙවි-බඹුන් සාදුකාර දී අති දුර්ලහ වූ පරසතු මල් වලින් උන් වහන්සේ දේ දෙපා පිදූහ
copied