ලයිට් ගියහම

dog123

Well-known member
  • Sep 25, 2007
    2,817
    3,768
    113
    ලයිට් ගියහම කරුවලේ ඉන්නඑපා...ඉතාම අඩු වියදමකින්...ඔබේ නිවසට නොමිලේ විදුලි බලය ලබාගන්න !
    ලයිට් ගියහම කරුවලේ ඉන්න එපා...ඉතාම අඩු වියදමකින්...ඔබේ නිවසට නොමිලේ විදුලි බලය ලබාගන්න !
    අම්මප ?....
    ඔව්...මං කියල දෙන්නම්...

    මේක ඉතාම පහසුවෙන් තමන්ටම කරගන්න පුළුවන්.
    ලංකාවෙ පළමුවරට...අපේ ගෙදර මං මේක මං කළා. මේ සඳහා බරපතල තාක්ෂණික දැනුමක් හෝ...නෙට්
    මීටරින් ක්‍රමයට මෙන්...ලක්ෂ ගණනක විශාල වියදමක් දැරීමට අවශ්‍ය නැත. වියදං වන මුළු මුදල රුපියල් හතලිස් දාහක් පමණයි. වසර ගණනාවක් ආලෝකය ලබාගැනීමට...මම ල.වි.ම ට මුදල් ගෙවන්නේ නැත. ගැහැණු කෙනෙකුට උනත් මේ පද්ධතිය හදා ගන්න පුළුවන්. ප්‍රශ්න ඇති අය මගෙන් විමසන්න...සියළුම දෙනාට පිළිතුරු දෙමි.

    අවශ්‍ය ද්‍රව්‍ය...

    gr80w.jpg


    (1) වොට් 100ක සෝලා පැනල් එකක්.

    (2) චාජර් කොන්ට්‍රෝලර් එකක්. මෙම උපකරණය මගින් කරනුයේ...බැටරිය ඕවර් චාජ් වීම වැලක් වීම සහ.... බැටරියේ වෝල්ටීය තාවය වෝල්ට් 11ට පමණ අඩුවූ පසු බැටරිය තවදුරටත් ඩිස්චාජ් වීම වැලක්වීමයි.

    %25D8%25B4%25D8%25A7%25D8%25B1%25DA%2598_%25DA%25A9%25D9%2586%25D8%25AA%25D8%25B1%25D9%2584%25D8%25B1.jpg


    (3 ) 12V, 75Ah සීල් ලෙඩ් ඇසිඩ් බැටරියක්

    YPC75-12-Yuasa-Battery%2B%25281%2529.jpg


    (4) 12 V 500W ඉන්වර්ටර් එකක්. මෙම උපකරණය මගින් කරනුයේ 12V DC සරල ධාරා විදුලිය, ප්‍රත්‍යාවර්ථ ධාරා 230V AC විදුලිය බවට පත් කිරීමයි.

    Suoer-High-Quality-12V-500W-DC-to-AC-Car-Power-Inverter-SDA-500A-.jpg


    Suoer-Power-Inverter-500W-Inverter-12V-to-230V-SAA-500AF-.jpg


    (5) 230V චේන්ජ් ඕවර් ස්විච් එකක්

    changeover-switch-small-big.jpg


    (6) අතිරේක ද්‍රව්‍ය... බැටරි ක්ලිප් දෙකක්

    sku_145676_1.jpg


    (7) ප්ලග් ටොප් දෙකක්

    13amp_plugtop.jpg


    (8) 15A ට්වින් වයර් මීටර් 12ක්

    download.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය එපමණයි...

    දැන් නොමිලේ විදුලිබලය ලබාදෙන සූර්‍යබල පද්ධතියක් සාදා ගැනීම සඳහා...මේවා වයර් මගින් එකිනෙක සම්බන්ධ කරන ආකාරය...

    (1) ඔබ ළඟ ඇති වයර් මීටර් 12න්...වයර් මීටර් 10ක් කපා වෙන්කර ගන්න...

    (2) ඒම වයර් මීටර් 10යේ අග්‍රදෙක... පින්තුරයේ දැක්වෙන ආකාරයට සකස්කර ගන්න

    (3) සෝලා පැනල් එක පැය 12ම (උදේ 6 සිට හවස 6 දක්වා) හිරු එලිය ලැබෙන පරිදි පොලවට සමාන්තරව වහලේ සුදුසු තැනක සවිකර ගන්න. සෝලා පැනල්එක වහලට සවිකිරීම සඳහා සුදුසු බ්‍රැකට්එකක්... අඟල් 1'' ඝනකම ඇළුමේනියම් L ලයිනර් භාවිතා කර තමන්ටම සාදා ගත හැක ( හැම එකම හැන්දෙන් කවන්න බෑ...තමනුත් මොළේ පාවිච්චි කලොත් හොඳයි )
    වයර් එකේ අග්‍රයක් සෝලා පැනල් එකේ + සහ - රින අග්‍ර වලට සම්බන්ධ කරන්න. +අග්‍රයට රතු වයරයද - අග්‍රයට සුදු වයරයද වශයෙන් සම්බන්ධ කරන්න. ( සමහර කොම්පැනි රතු සහ කළු වශයෙන්ද වයර් නිපදවයි...එවැනි වයර් මිලදී ගෙන ඇත්නම් රතු පාට ධන+අග්‍රයටද...කළු පාට රින - අග්‍රයටද...වශයෙන් සම්බන්ධ කරන්න).

    (4) වයර් එක හුලං කව්ලුවක් තුලින් කාමරයට ඇද ගන්න. එහි අග්‍ර චාජර් කොන්ට්‍රෝලර් එකේ ඉන්පුට් අග්‍රයට සම්බන්ධ කරන්න. ඉතිරි වූ වයර් මීටර් දෙකේ කැබැල්ල තුනට කපා කෙලවරවල් සුද්ධ කර ගන්න. එක වයර්කැ බැල්ලක් චාජර් කොන්ට්‍රෝලර් එකේ බැටරි අවුට්පුට් අග්‍රයට සම්බන්ධ කරන්න. ඒම වයරයේ අනිත් කෙලවරට බැටරි ක්ලිප් දෙක සම්බන්ධකරන්න. ඉන්පසු ඒවා බැටරියට අමුණන්න. චාජර් කොන්ට්‍රෝලර් එකේ වෝල්ටේජ් අවුට්පුට් අග්‍රයට ඉන්වර්ටර් එක සම්බන්ධ කරන්න. ඉන්වර්ටර් එකේ ස්විච් එක දැමූ විගස ඔබට AC 230 V ලැබේ.

    (5) විදුලි කාර්මිකයෙකු ලවා ඔබගේ නිවසේ ඇති විදුලි බල්බ ඇති පරිපථ සියල්ල, 230V චේන්ජ් ඕවර් ස්විච් එක මගින් ප්‍රධාන විදුලි පරිපථයෙන් වෙන් කරගන්න. එවිට වැසි දින වලදී බැටරිය චාර්ජ් නොවන නිසා, අවශ්‍ය විට, නැවතත් විදුලි බල්බ සියල්ලම ප්‍රධාන විදුලි යෙන් ක්‍රියා කරවිය හැකිය. විදුලි බල්බ ඇති පරිපථයට විදුලිය ලබාදියහැකි පරිදි පරිපථයට ප්ලග් බේස් එකක් සවිකර ගන්න.

    (6) ඉතිරි වයර් කැබැල්ලේ දෙකෙලවරට ප්ලග් ටොප් දෙක සවිකර ගන්න. එක ප්ලග් ටොප් එකක් ඉන්වර්ටර් එකේ ඇති සොකට් එකට සම්බන්ධ කරන්න. අනිත් ප්ලග්ටොප් එක විදුලි බල්බ ඇති පරිපථයට සවිකර ඇති ප්ලග් බේස් එකට සවිකළ විගස එම බල්බ සියල්ලම දැල් වෙනුයේ ඔබ විසින් හිරු එළියෙන් නොමිලේ නිපදවාගත් විදුලියෙනි. LED ලාම්පු 12ක් පමණ එළිවන තුරුම මේ ආකාරයට දැල් විය හැකිය. පලවෙනි හරස්වීදියේ ඇති ලාබෙට දෙන බාල චීන ඉන්වර්ටර් සහ චාර්ජ් කොන්ට්‍රෝලර් දින දෙක තුනකින් පිලිස්සී යන බැවින් උසස් තත්වයේ ඒවා පමණක් මිලදී ගන්න.

    (7) මං කරනවා වගේ...ලයිට් ගිය දවසට මගුල්ගෙදර වගේ හතරවටේ ඇති ලයිට් සියල්ලම දමා
    අසල්වැසියන්ගේ ඊර්ෂ්‍යාවට භාජනය වන්න.

    (8) මෙම පද්ධතිය මගින් ලැප් ටොප්, රේඩියෝ, කුඩා LED TV, ෆෝන් චාජ් කිරීම කල හැකිය. ෆෑන්, ෆ්‍රිජ්, වතුර මෝටර්, වොෂින් මැෂින්, එයාකන්ඩිෂනර්, බ්ලෙන්ඩර් ක්‍රියා කරවිය නොහැකිය. (හේතුව මෙමගින් නිපදවන විදුලිය හතරැස් තරංග ආකාරයට ලැබීම...) අදාලනෑ !

    ලංකාවේ තිබෙන ගොඩනැගිලි හා නිවාස සියල්ලේම විදුලි පහන් මේ ආකාරයට දල්වා පින්කෙත හෙළ රන් දෙරණේ... බලශක්ති අර්බුධය විසදිය හැකිය. පැය දොළහක් හිරු එළියෙන් නැහැවුන රටක...ලයිට් ගිය විට කරුවලේ සිටීම හරිම පව්ය.

    source blog : http://4s7sw.blogspot.com/2016/06/blog-post_20.html?spref=fb
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සෝලාපැනල් ගන්න ගණන් සාධාරණ හොඳ තැනක් කියහල්ලකො. මම මේ සේරම අටෝලා තියෙන්නේ. :( ඉන්පුට් එක දෙන්නේ 220v -> 18v මේන් එකෙන්මයි. පැනල් ගන්න තැනක් කියහල්ලා මේ සබ්ජෙක්ට් එකට බැහැපු උන්.
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    mage laga 20W panel ekak thiyanawa charge controller ekakuth gaththa eth battery charge wenne nane machan
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    mage laga 20W panel ekak thiyanawa charge controller ekakuth gaththa eth battery charge wenne nane machan

    පැනල් එකට වෝල්ට්මීටරයක් තියාලා බලපන් වෝල්ටේජ් එක. අඩුම ගානේ 14.5ක් වත් ඕන.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බැට්‍රි දාද්දි ඩීප්සයිකල් දාහල්ලා. කාර් බැට්ටි දැම්මම කෙලවිලා යනවා බැට්ටියට.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    video kellak karala demma nam ban niyamai.. ehenam ohoma type karanna onath neh .. image tika witharak post unath athi...
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    සෝලාපැනල් ගන්න ගණන් සාධාරණ හොඳ තැනක් කියහල්ලකො. මම මේ සේරම අටෝලා තියෙන්නේ. :( ඉන්පුට් එක දෙන්නේ 220v -> 18v මේන් එකෙන්මයි. පැනල් ගන්න තැනක් කියහල්ලා මේ සබ්ජෙක්ට් එකට බැහැපු උන්.

    solar pannel 1a caseing 1a ta thama godak ganak yanne solar cell ewa aragena wade aduwata keranna puluwan uba ma casing 1a hodata hadaganna ona labai wade
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    oka 40 000 k dila hadagaththayi kiyamuko eth kochchara kal pawichchi karanna puluwanda? sealed lead acid battery nam hari ikmanata sawthuwenna balanawa UPS wala thiyenneth owane?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    solar pannel 1a caseing 1a ta thama godak ganak yanne solar cell ewa aragena wade aduwata keranna puluwan uba ma casing 1a hodata hadaganna ona labai wade

    කේසිං එක නම් සාමාන්‍ය ඝණකම වීදුරුවෙන් හැදුවෑකිනෙ? ඇල්මේනියන් පටි ගහලා සිලිකන් වලින් අලෝලා? එතකොට ඔය 28කට විතර 250w විකුණන්න තියෙන්නේ කේසිං එක නැතුවද බං? :baffled: