Electrician කෙනෙක්ට කියල වෙනම meter එකක් හයිකර ගන්න එකෙන් bill එක අඩු වෙන්නේ නැහැ. එකෙන් එන එකම වාසිය තමයි ඒ අදාල ගෙදර ඉන්න අය units කියක් පාවිච්චි කරනවද කියල මැන ගන්න පුළුවන් එක. ඒ units ගැන අනුව පුළුවන් ඒ යට සාදාරන මුදලක් මුලු bill ඒකට දෙන්න. හොඳම වැඩේ තමයි electricity board එකට ඉල්ලුම් කරලා meter එකක් හයි කර ගන්න එක. එහෙම කලොත් තමයි bill එක අඩු වෙන්නේ.
Example එකක් විදිහට ගෙවල් දෙකේම සමාන units ගානක් use වෙනවා කියල හිතන්න. meter දෙකක් වෙන වෙනම තිබුනොත්:
1 වැනි ගෙදර units 175 = bill එක රු. 3683
2 වැනි ගෙදර units 175 = bill එක රු. 3683
Total bill = රු.7366
ගෙවල් දෙකටම් තනි meter එකක් තිබුනොත්:
ගෙවල් දෙකේ මුළු units ගාන 350 = bill එක රු.12419
ස්තුතියි අයියේ මේ පැහැදිලි කිරිමෙන් මම හිතාගෙන හිටිය දේ හරි කියලා මට දැන් වැටවුනා. එහෙනම් මම දැන් වෙනම මීටරයක් දාන එක නැති කරන්න කියන්නම්.
ඒත් මට දැන ගන්න ඕනේ තාත්තා නැතිව CEB එකෙන් අපිට ඉල්ලුම් කරන්න පුලුවන් ද වෙනම මිටරයක් ගෙදරට.


