ලයිලා” නමින් සුළි කුණාටුවක් එයි .....be carefull

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ලයිලා” නමින් සුළි කුණාටුවක් එයි .....be carefull

    StormCloud.jpg

    මහ වැසි සමග තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
    මැයි,18,(විමසුම) – බෙංගාල බොක්ක අවට පැවති අඩුපීඩන තත්ත්වය සුළි කුණාටුවක් බවට පත්ව ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

    අද පස්වරු 02.00 පමණ යාපනයට කිලෝ මීටර් 600 ක් පමණ ඊසාන දෙසින් පැවති මෙම සුළි කුණාටුව “ලයිලා” නමින් හඳුන්වන බවත් එය වයඹ දෙසට බරව ඉන්දියාව දෙසට ගමන් කරමින් සිටින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මේ නිසා, දිවයිනට උතුරු සහ ඊසාන දෙසින් මුහුදු ප්‍රදේශ වලට නිරන්තර වැසි, තද සුළං සහ රළු ස්වභාවයක් ඇති වන බවත් බස්නාහිර, නිරිතදිග, දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලදී විටින් විට වැහි හෝ ගිගුරුම් සහිත වැසිද සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැහි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සඳහන්ය.

    ලයිලා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, පළාත් වලත්, වයඹ පළාතේ සමහර කොටස් වලටත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ ඇතැම් ස්ථාන වලට විටෙක තද සුළං අපේක්ෂා කරන බව සඳහන්ය.

    meka kiwata mata rep ++++ denna ;););)
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    වැස්ස නම් මට අද එපා වුනා.ඊයේ(18/05/2010)11.00am මීගමු ගිහින් දැන්(19/05/2010)11.30am ගෙදර ආවේ.මුළු රෑම car එකට වෙලා හිටියේ.මට නම් වැස්ස එපා උනා.මිනිස්සු අසරණ වෙලා ඉන්න හැටි දැක්කහම කලකිරෙනවා.ඒ මිනිස්සුන්ට බත් පැකට් එකක් දෙන්න කෙනෙක් නෑ.කොළඹ ඉදන් මීගමුවටවත් මීගමුවේ ඉදන් කොළඹට වත් වහන වලට යන්න බෑ.ලොකු බස් ලොරි එහෙම නම් යනවා.foreigners ලට කටුනායකට යන්න විදියක් නෑ .පාර දිගේ බැග් උස්සන් දුවනවා.කටුනායකට ආපු අයට කොළඹට එන්න විදියක් නෑ.ඊයේ දවස නම් මහා එපා කරපු දවසක්....:angry::angry:
     
    077harsha

    Member
    Jan 11, 2010
    1,510
    151
    0
    on EaRtH
    කාට හරි කියල නවත්තන පුලුවන්ම් කියනවා ! but අපි මොන කරනද ? :( :(
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වැස්ස නම් මට අද එපා වුනා.ඊයේ(18/05/2010)11.00am මීගමු ගිහින් දැන්(19/05/2010)11.30am ගෙදර ආවේ.මුළු රෑම car එකට වෙලා හිටියේ.මට නම් වැස්ස එපා උනා.මිනිස්සු අසරණ වෙලා ඉන්න හැටි දැක්කහම කලකිරෙනවා.ඒ මිනිස්සුන්ට බත් පැකට් එකක් දෙන්න කෙනෙක් නෑ.කොළඹ ඉදන් මීගමුවටවත් මීගමුවේ ඉදන් කොළඹට වත් වහන වලට යන්න බෑ.ලොකු බස් ලොරි එහෙම නම් යනවා.foreigners ලට කටුනායකට යන්න විදියක් නෑ .පාර දිගේ බැග් උස්සන් දුවනවා.කටුනායකට ආපු අයට කොළඹට එන්න විදියක් නෑ.ඊයේ දවස නම් මහා එපා කරපු දවසක්....:angry::angry:

    kohomada umbe car eka magadi kadunanam?

    mage cousin kenekuta ehema una:(
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Machan kiyala wedak wessa nam.Ude edan weese na eth alawal uthuranawa ude edan wathura wedi wenawa dan nam aye wahinna wage aye wessoth nam anathai ape geth yata wei