මන් කෑගල්ලෙ ඉදන් කොලබ එන්න ආව 9.30 pm වගෙ, පට්ට වැස්සෙ. ගෙවල් තියෙන්නෙ බුලත්කොහුපිටිය පාරෙ.
ටවුන් එක ලන් කරල, මෙන්න කේ ඩී එච් එකක් තියනවා කානුවෙ, මූන කුඩු, අනිත් පැත්ත ගහල. ඇතුලෙ එවුන් ඉන්නවත් පේනවා, දොර අරින්න ට්රයි කරනවා.
පාරේ වාහන 2,3 ක් ගියා, එකෙක්වත් බලන්නෙවත් නෑ. වටේ ගෙවල් වලත් ලයිට් නිවල, මොකෙක්වත් නෑ, කොරෝන හින්ද මටත් ලගට යන්න බයයි.
119 ගැහුව, ඒ මගුල බිසී. එහෙම්ම ගියා ටවුමට, හන්දියෙ ඉන්න පොලිස් බුවාල දෙන්නෙක්. උන්ට කීවම උන් ඒ වෙලාවෙම ට්රැපික් එකට ඉන්ෆොර්ම් කලා. මට යන්ඩ කිව.
එද්දි තමා මතක් උනෙ, අරුන් බීල නන්, තව 25ක් කෙල වෙනවා, වෑන් එකෙ අලාබෙට අමතරව.

