ඔය කවුරුත් කියලා තියන විදියට කලින් දවසෙ හරි දවස් දෙක තුනකට කලින් හරි ගිහින් ලර්නර්ස් එකකින් බයික් එකක් සෙට් කරගෙන ෆෝන් නම්බර් එහෙම අර ගනින්
අනිවාර්යෙන් කලින් පුරුදු වෙන්න, ගොඩක් වෙලාවට ට්රයල් දවසෙ උදේ ටිකක් පදින්න දෙනවා
ට්රයල් දවසට කලින් සල්ලි දෙන්න කලින් දෙන්න යන්න එපා, පොඩිම ගානක් නම් නෙමෙයි 2000ක් 2500ක් ගනීවී. මම අවුරුදු හත අටකට කලින් අරගත්තෙ එතකොටත් 1500ක්ද කොහෙද ගත්තා
එතන 8ම නෙමෙයි ගහන්න තියෙන්නෙ සිග්සැග්(නිකන් එක දිගට තිබුනු 8 ඒව පේලියක් වගේ) විදියට කෝන් ටික වටේ දිගට ගිහින් ආපහු හරවන් ඇවිත් දිගටම පදින්න ඕන, ඒ විදියටත් පුරුදු වෙන්න.
තමන්ගෙ බයික් එකෙන් පෙන්නනවා නම් හෙන කට්ට, ලර්නර්ස් ඉන්ශුවරන්ස්ද මොකද්ද එකකුත් තියෙන්න ඕන
ස්කූටියෙන් පෙන්නුවොත් ඒ ලයිසන් එකෙන් ක්ලච් බයික් බෑ
ලර්නර්ස් වල තියන ක්ලච් එක නැති ගියර් එක විතරක් තියන එකෙන් පෙන්නුවොත් ඕන බයික් එකක් පුලුවන්.