ලයිෆ් ආෆ්ටර් ටයින් ද නොට්

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ලයිෆ් ආෆ්ටර් ටයින් ද නොට්

    මගේ පෞද්ගලික අත්දැකීම් ටිකකුත් මගේ ලඟම යාළුවො කීප දෙනෙක් එක්ක සෙට් වුනාම කථා කරපු ඒවත් එක්ක මේ උපදෙස් පිංච දාන්න හිතුණා.හෙට අනිද්දා,ඉස්සරහට දින වකවානු නැතිව හරි ඩබල් වෙන්න ඉන්න කස්ටියට මේ ටික වැදගත් වෙයි .

    වේලක් දෙකක් නොකා ඉන්න කොල්ලෙකුට පාසල් කාලෙදීම පුරුදු වෙනවා.ඒ අම්මලා උදේට හදලා දෙන කෑම පෙට්ටිය ලැජ්ජාවක් වගේ දෙයක් ලොකු වේගෙන එනකොටම පුරුදු වෙන නිසා වෙන්න ඇති.එතනින් පටන් ගන්නා කට්ට කෑම කසාද බඳින දවස් වෙනකොට හෙන ගැහුවත් ගානක් නෑ වගේ ඉන්න අපි පුරුදු වෙනවා.ගහ මරාගෙන ,පිටකොටුවේ ගිණි අව්වේ මල් වත්ත පාරේ shopping කරපු එකෙකුට ,පිටකොටුවේ නාට්ටාමිලා කෑ ගහනකොට අයින් නොවුනොත් අත් දකින්න වෙන දේ එහෙම හොඳට මතක හිටිනවා.

    උදේ ඉඳන් හවස් වෙනකං පර්ලිමෙන්ට් ground එකේ දවසම Cricket ගහලා මහන්සිය,එතකොට හිතං හිටපු තරම් cricket ගහන එකත් ලේසි නෑ කියලා තේරුම් ගන්නවා.TV එකේන් බලලා ceylon team එක evaluate කරපු එක වැරිදි බව තේරුම් ගන්නවා.

    අනෙ පුතේ නංගිව/අක්කව එක්කං එන්න කියලා අම්ම කිව්වම පරක්කු වෙලා ගිහිං බැණුම් අහගෙන ආරක්ෂාවට Bodyguard ජොබ් එක කර කර ඒගොල්ලෝ පිටිපස්සේ ගිහිං මේ මොන මළකරදයක්ද කියලා හිතට ආවා.නිදහසක් නෑ කියලා හිතුණා.

    යාළුවොත් එක්ක තරගෙට බීලා කබරයා දාලා වටේටම නෝන්ඩි වෙලා මිනිහෙකුගේ බොන ලිමිට් එක අපි ඉගෙන ගන්නවා.යාළුවො එක්ක Trip යනකොට තණමල්විල වාහන නවත්තලා හොරෙන් ගංජා රහ test කරන්න පුරුදු වුනාම,මසාජ් SPA වල අක්කලාට කියලා Happy Ending ඉල්ලලා පොලිසියට අහුවුනොත්,ගෙවල්/පොලිසි වලට පීචං වුනොත් කියන බය කියන දේ හොඳට පුරුදු වුණා.

    ප්‍රයිවෙට් බස් එකක හරි කෝච්චියේ හරි footboard එකේ තනි අතින් වවුලෙක් වගේ එල්ලුනාම driver එක්ක ආපු කේන්තිය පාලනය කරගෙන අළුතින් නගින බහින ගෑණු අයට ඉඩ දෙන්න කියලා කොන්දොස්තර කෑ ගහද්දි ආපු කේන්තිය යට කරගෙන අපිට ඉවසීම ,ගෑණු කියන ප්‍රජාවට ගෞරව කරන එක පුරුදු කලා පොඩි කාලේදී ඉබේටම.

    ඉස්කෝලෙදි cricket ගහලා ජය පරාජය දරා ගන්න හැටි ,cadeting කරලා අපේම වයසේ Officer වුනු එවුන්ගෙන් ගුටි කාලා විනය කොච්චර වැදගත්ද කියලා ඉගෙන ගන්නවා .

    ඉස්කෝලෙන් එළියට ඇවිත් Campus එකෙදි විභාගයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා.පිරිමියකුගේ තියෙන්න ඕනේ පෞරුෂය,නායකත්වය එතකොට සාමුහිකව වැඩ කරනකොට සමාජෙ කෙල්ලෝ ඔක්කොම අපි හිතන ජාතියේ එවුන් නෙමේ හරි වෙනස් කියලා පළවෙනි පාරට අපි ඉගෙන ගන්නවා.මිශ්‍ර පාසැලක හිටපු කොල්ලෝ නම් ඉස්කෝලේ කාලේදී මේ අත්දැකීම විඳිනවා ඇති .

    ඉස්ඉස්සෙල්ලම රස්සාවකට ගිහිං ගෙදර එද්දී මරදානේ,කොටුවේ වගේම බම්බලපිටියේ පාර අයිනේ තොල් රතු කරලා ,handbag එකයි කුඩෙයි විතරක් අතේ තියාගෙන ඉන්න ගෑනුන්ව දැකලා අනේ අපොයි මෙහෙමත් නරක ගෑණු කියලා පළවෙනි පාරට හිතට ගන්නවා.

    ඊට පස්සේ ඉතුරුකරගත්තු සල්ලි ටිකකින් පොඩි Loan එකකුත් ගහලා තමන්ටම කියලා වාහනයක් ගන්නවා.ලොකු මිනිහෙක් කියලා එන ගටත් එක්කම කසාදයක් බඳිනවා.ඒත් ඒ බඳින කෙනා අපි ඔය කාලයක් තිස්සේ කරපු දේවල් එකක්වත් කරලා නෑ කියලා හිතුණම තවත් ලොකු ගටක් ඇඟට දැනෙනවා.අපි මෙහෙම කරමු.ඒක කෙලවුනොත් මෙහෙම ගොඩ දාමු.ඒත් බැරි උනොත් අරහෙම කරමු ….ටෝක්ස් ගොඩායි ..ඔතනම තමා කෙලවෙන්නෙ! කසාද ජීවිතේ කියන්නේ හිතන්න බැරිතරම් ප්‍රශ්ණ එන ප්‍රෙහෙලිකාවක් ..

    ඔය මං කියපු හැමදෙයක්ම හෝ 99% හෝ මීට වඩා වැඩ ගොඩක් හැම කොල්ලෙක්ම කරලා තියෙන්න ඕනි බඳින්න කලින්.ඔය හැම දේකින්ම අපි අපේ ජීවිතවලට පාඩම් ඉගෙන ගන්නවා.විශේෂයෙන්ම කසාද බැන්දට පස්සේ ඔය ටික තමා වටින්නේ ..

    ගෙදරම ලෝකය වුණු ,අධ්‍යාපනයටම යොමුවූ ගැහැණු ළමයකුගෙන් පවුලක වගකීම්,යුතුකම් ,බැරෑරුම් තීරණ ගන්නා අවස්ථා වලට මුහුණ දීම අපේක්ෂා කිරීම අමාරුයි.බහුතරයක් කෙල්ලන් වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් කැදැල්ලේ ඇතිවූ කිරිල්ලියන්මයි.කොළඹ ,කළුතර ,ගම්පහ ,ගාල්ල ,නුවර ,මාතලේ වගේ දිස්ත්‍රික්ක වල නම් ආයේ දෙකක් නෑ .

    "කෙල්ලන් වෙනම සත්තු කොට්ඨාශයක් කියලා හිතපන් එතකොට හරි.උඹ ඒ සතා එක්ක ඉන්න විදිහ කොහොමහරි ඉගෙන ගන්න ඕනේ."

    මේ මීට අවුරුදු 15 කට විතර උඩදී තවත් මගේ හොඳම යාළුවෙක් මට දීපු උපදේශයක් .

    ඒ හින්දා මම දැනට මගේ අති උතුම් භාර්යාව අනුගමනය කරන පොඩි පහේ මාර්ග නීති ටිකක් හැමෝගෙම දැනගැනීම පිණිස දාන්නම්.

    1.ප්‍රශ්ණ වලට ඇහුම්කන් දෙනවා වගේ ඉන්න.
    ගොඩක් ගැහැණු අයට ඉක්මණට අමතක වෙනවා.ඒ ඒගොල්ලෝ සුටි සුටි දේවල් ලොකු ප්‍රශ්ණ කියලා දකින නිසා.ඉතිං උපක්‍රමශීලී වීම අත්‍යවශ්‍යයි.මම ඔය ගැන අහලා තියෙන ඇත්ත කථාවක් දාන්නම්.

    ඉස්සර ජේ.ආර් ජයවර්ධන ජනාධිපති තුමා හම්බවෙන්න ඇමති කෙනෙක් එතුමාගේ ගෙදර ආවලු.එතකොට තේ දෙකක් අරං ආපු ජනාධිපති ආර්යාව ඇමතිතුමා ඉස්සරහම ජනාධිපතිතුමාට කිව්වලු “මිනිස්සුන්ට දැන් ජීවත් වෙන්න අමාරුයි බඩු මිල අඩු කරමු” කියලා.ජනාධිපතිතුමාත් කිව්වලු “ඔව් ඔව් ඇත්ත තමා කොහොමද පොඩි මිනිහෙක් ජීවත් වෙන්නේ අපිටත් අමාරුයි නම් මෙහෙම නේද?” කියලා.ටික වෙලාවකට පස්සේ ආර්යාව ගියාම ඇමතිතුමා ඇහුවලු ජනාධිපතිතුමාගෙන් “සර් ,මම එහෙනම් පාර්ලිමේන්තුවේ විවාදයකට වෙලාවක් වෙන්කරගන්නම් ජීවන වියදම ගැන කථා කරන්න නේද ?” කියලා .එතකොට යකා නැගපු ජනාධිපතිතුමා ඇමතිතුමාට කිව්වලු “තමුසෙට පිස්සුද ඕයි ? තව රටේ කොච්චර ප්‍රශ්ණ තියෙනවද විසදන්න..තමුසේ දන්න ප්‍රශ්නෙ ඕක විතරද ”

    2.ප්‍රශ්ණයක් ආවම in detail හැම දේම කියන්න යන්න එපා.ඒත් කියනවා වගේ ඉන්න.පොඩ්ඩක් ප්‍රශ්ණේ තනියම විසඳ ගත්තට පස්සේ විතරක් කියන්න.

    ප්‍රශ්ණ ආවම පුළුවන් තරම් Wifeට නොකියා ඉන්න.මොකද ඒගොල්ලෝ ඉක්මනට කලබල වෙනවා අත්දැකීම් අඩු නිසා .
    කියන්නම ඕනේ නැතුව බෑමයි කියලා හිතෙනවනම් කියලා දාන්න.හැබැයි පල්ලෙහා තියෙන ප්‍රසාද ප්‍රශ්ණ වලටත් උත්තර දෙන්න රෙඩි වෙලා .
    අපි දැන් මොකද කරන්නේ ? අපි ඉවරෙටම ඉවරායි අය්යෝ ඇයි ඔයා මෙහෙම වෙන්න දුන්නේ ? අපි කොහොමද මුණ දෙන්නේ නෑදෑ කට්ටියට ? යාළුවන්ට මං මොකක්ද කියන්න ඕනේ ?

    3.කෙල්ලෙකුගේ යථා ස්වරූපය අධ්‍යනය කර බලන්න.
    කෙල්ල දරුවන් දෙතුන්දෙනෙක්ගේ අම්මා වුණාම තමා බලන්න ඕනේ.
    කෙල්ලෙක් ඉස්සරවෙලාම ඇඟට දැනෙන කට්ටක් කන්නේ ප්‍රථම දරු උපතේදී.රෑ එළිවෙනකල් ඇහැරගෙන බබාට කිරි දීගෙන ආයේ දවල්ටත් ඒකම කරන එක අපිටත් හරි අමාරු වැඩක්.පොඩි එකෙක් පැය 1-2න් වගේ ඇහැරෙනවා.ඉතිං අළුත් අම්මලට නින්දක් නෑ.බබාගේ වැඩ තනියම කරගන්න එක අමාරු වෙනවා.ඔන්න ඉතිං හොස්ස ලඟින් මැස්සා යන්න බෑ මේ කාලේදී.තාත්තලා කරන බම්බුවක් නෑ.දන්න ඉටි ගෙඩියකුත් නෑ.අපි තමා බබාලා ගැන දන්නේ..තාත්තලා දන්නේ හැමදාම වෙලාවට නිදා ගන්න තමා..බ්ලා බ්ලා බ්ලා…
    ඉතින් ඔය කාලේදී ටිකක් ඉවසීමෙන් ඉන්න ඕනේ..මොකද ඔය අවුරුද්ද දෙක ඇහැරලා ඉන්න අම්මලා වගේ නෙමී මුළු පවුලේම බර /වගකීම පණ තියෙන කල් අපේ ඔළුවේ වැඩ කරන නිසා.

    4.ඉවරයක් නැති චෝදනා වලට මුහුණ දීම.
    පුතා හරිම දඟයි.මට වැඩ ඉවරයක් නෑ.අපි කාලෙකින් කොහෙවත් ට්‍රිප් එකක් ගියෙත් නෑ.ඔයා නම් යාළුවො එක්ක නිතරම සෙට් වෙනවා.අරගොල්ලෝ අරහේ ගිහිං.FB පිච්චර්ස් දාලා.අපි හැමදාම ඉතුරු කරනවා විතරයි.මේ කාලේ ගියේ නැත්නම් කොයි කාලේ යන්නද ? බ්ලා බ්ලා බ්ලා
    හදිස්සියකට ලෙඩක් දුකක් ,මරණයක්,අම්මලට කරදරයක් එන්නේ මාස ගානකට කලින් කියලා නෙමේ.අතේ මිටේ කීයක් හරි තියෙන එක පවුලක් උනාම අනිවාර්යයි.සල්ලි ටිකක් තිබ්බ්බොත් අඩු ගානේ මානසිකව හරි පීඩනය ටිකක් අඩුවෙනවා අමාරු /දුෂ්කර අවස්ථාවල.ඒක ඔළුවේ තියාගෙන පවුලේ Entertainment manager රෝල් එක කරනවා නම් තමා හොඳ.


    ඔය මේ දක්වා පසුගිය වසර කීපයක් තුළ මම ලබපු අත්දැකීම්.තව දවසින් දවස අත්දැකීම් ලබනවා.වයසට යන්න යන්න තමා ගෑණු කෙනෙක් අවබෝධ කර ගන්න පුළුවන් .

    පිරිමියකුට මේ ලෝකේ දකින්න ආසම රූපය ස්ත්‍රියකගේ රූපය කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තිබුනා මම කියවලා තියෙනවා.ගෑණු කෙනෙකුට මේකේ අනිත්පැත්ත.
    සමහර පවුල් තනිකරම run කරන්නේ අම්මලා තට්ට තනියම.එහෙම අය නැතුව නෙමේ ඒත් බොහොම අතළොස්සයි.ඒක වරදවා වටහා ගන්න එපා.අම්මා වරුන්ම තමා මතු බුදු වෙන්නේ.මගේ අම්මත් එහෙමමයි.හැබැයි සමහර අය එහෙම නෙමේ.

    මම දන්න පවුලක ගෑණු ළමයෙක් ඉගෙන ගත්තේ කොළඹ විශාඛා එකේ.මම ඉස්කෝලේ දැම්මේ එයාට ගෞරවයක් විදිහට.මේ කථාව දාන්නෙත් උපහාරයක් විදිහට.වැඩ කරන්නේ රාජ්‍ය ආයතනයක බොහොම පහළ නිලධාරිණියක් විදිහට.එයාගේ husband මගේ අතිජාත මිත්‍රයෙක්.ඉගෙන ගත්තේ කොළඹ තියෙන ජනප්‍රිය පිරිමි ඉස්කෝලෙක.වැඩ කරන්නේ පෞද්ගලික අංශයේ පහළ ශ්‍රේණියක.පවුලේම මාසික මුළු ආදායම රුපියල් 70,000.මේ වෙද්දී දරුවෝ දෙන්නයි ,Alto කාර් එකයි එක තට්ටුවක වැඩ ඉවර කරපු ගෙයකුයි,ලක්ෂ 5ක FD එකකුයි තියෙනවා.මගේ යාළුවා මාත් එක්ක සෙට් වුන වෙලාවක මාත් එක්ක කියපු කථාවක් මම දාන්නම්.

    මගේ යාලුවට එක සෙනසුරාදා දවසක උදේට කන්න wife හදලා තිබ්බේ සම්බෝලයි බතුයි විතරලු .ඉතිං යාළුවා ඇහුවලු “ඉතිරිකරනවා කියලා නොකා නොබී මැරෙන්නද හදන්නේ” කියලා..එතකොට wife කිව්වලු “කවදාහරි දවසක කන්න නැතිඋනොත් අපිට කන්න වෙන්නේ ඔය දෙක විතරයි.ඒ නිසා ඒ බව දැනගෙන දැන් ඕක ආසාවෙන් කන්න.තව ගොඩක් දේවල් අපිට මේ දරුවෝ දෙන්නා වෙනුවෙන් කරන්න තියෙනවා.මේ පටං ගත්තා විතරයි”.
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    දවස පුරා ෆේස්බුක් එකෙයි ඉන්ටනෙට් එකෙයි රග රඟ රඟ ඉන්න මල්ලිලට හොද ත්‍රෙඩ් එකක්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,422
    20,873
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S !
    REP++++++
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    කතාව ඇත්ත මචන් මම දැන් ඔයදේ අත්විදිනවා