"2014 අවුරුද්දේ විතරක් SAITM ආයතනය ලැබු ලාභය රුපියල් මිලියන 1265ක්".
කට්ටිය මත පළකරනවා වෛද්ද්ද්‍යා විද්‍යාලයකට ආයෝජනය කරන්න මිනිස්සු කැමති නෑලු

හරි අමරුවෙන්ලු හොයාගත්තේ 
හරි අමරුවෙන්ලු හොයාගත්තේ
"2014 අවුරුද්දේ විතරක් SAITM ආයතනය ලැබු ලාභය රුපියල් මිලියන 1265ක්".
කට්ටිය මත පළකරනවා වෛද්ද්ද්‍යා විද්‍යාලයකට ආයෝජනය කරන්න මිනිස්සු කැමති නෑලුහරි අමරුවෙන්ලු හොයාගත්තේ
බොහොම ස්තුති යාළුවා, - 35 ට. , ඔබගේ හිත රිදුනනම් සමාවන්න.![]()
මෙච්චර ගානක් හොයන්න පුලුවන්නම් එකේ ප්‍රමිතිය වැඩි කරලා තව මේ වගේ විශ්ව විද්‍යාල ටිකක් අරියනම් හොදයි නේද ?


ඔව් හරියට අපි අදිවේගී මාර්ගයේ ගිහින් එක අදායම් ලබනවා වගේ නේ![]()
ලංකාවේ සල්ලි කාරයෝ බහුතරය කරන්නේ මුල්ල්‍ය වෙළදාම හා බාන්ඩ වෙළදාම...[/QUOTE]
Polee karayangen economy ekata indirect sewayak wenawa. Samahara wita umba oya lokuwata kiyana loadstar karayanta wada loku sewayak karanawa.
Anika Avant Garde Security Service kiyanne $$$ billion ganak Lankawata ganna puluwan business ekak. Navy eke weda karapu kee denekta maseta Laksha 2 withara padi gewwada? Ada oya business eka pitarata samagamak allagena neda? Oke wedakarapu minissu gedara.
Daya Gamage ge business walatath MR oya wage wedak thamai kale.
Sinhalunge awasanawa. Ekek udata yanakota 10 denek innawa edala walata danna
SAITM එකෙන් මෙතෙක් පිටවූ සිසු සිසුවියන්ට තව වසරක කාලයක් දැඩි සායනික පුහුණුවක් ලබාදී ඉන් අමතරව රජයෙන් පත්කළ පිළිගත් වෛද්‍ය මඩුල්ලක් මගින් පවත්වන විභාගයකින් සමත් වූ පසු ඔවුනට රැකියාව කිරීමේ අවස්තාව ලබා දේ නම්, ඉදිරියට බඳවා ගන්න සිසුන්ට මා කලින් විස්තර කල ආකාරයට ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබාදී ප්‍රමිතිගත විභාගයකින් පසු සමත් කරයි නම් මම කිසිඳු චකිතයකින් තොරව SAITM දොස්තර කෙනෙකුගෙන් ඕනෑම අබාධයකට ප්‍රතිකාර ගනිමි.
ලලිත් කොතලාවල, SAITM සහ Sunway අධිරාජ්‍යය
මුස්ලිම් බහුතරයක් සිටින, භූමි පුත්‍ර නමින් මුස්ලිම්වරුන්ට පමණක් බොහෝ රාජ්‍ය පහසුකම් ලබා දෙන, මැලේසියාවේ, චීන සම්භවයක් ඇති ජෙෆ්රි චේ 1974 දී ඉදිකිරීම් අංශයේ ව්‍යාපාරයක් ඇරඹුවේය. රජය පමණක් නොව රටේ ජනතාවද ජෙෆ්රි චේ පසු පස සිටියේ ජාතික සම්භවය කෙසේ වෙතත් ව්‍යාපාරිකයෙකුගේ බිහිවීම රටට වැඩදායක බැවිනි. විශේෂයෙන්ම කුඩා සමාගමකින් පටන් ගෙන තම ජීවිත කාලය තුල මහා පරිමාණ ව්‍යාපාරික අධිරාජ්‍යයක් දක්වා ගමන් කල හැකි ව්‍යාපාරිකයන් බිහිවන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින සේ කලාතුරකිනි. එවන් ව්‍යවසායකයෙකුගේ අනුප්‍රාප්තිය වටහා ගැනීමේ ඉවක් මේ රටේ වැසියාට ඇත.
කුඩාවට පටන් ගත් Sunway ව්‍යාපාරය අද විශාල අධිරාජ්‍යයකි. විශ්වවිද්‍යාල (පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකක්ද ඇතුළුව), සුපිරි වෙළඳ සංකීර්ණ, රෝහල්, අහස උසට නැගුන සුඛෝපභෝගී නිවාස සංකීර්ණ, දැවැන්ත විනෝදාගර (theme පාර්ක්), උද්‍යාන, ජාල තටාක, ආදී සියළුම නවීන අංගෝපාංගයන්ගෙන් සපිරි Sunway ව්‍යාපාර ජාලය අති නවීන අහස් මහාමාර්ග වලින් යා වුනු වෙනමම ලෝකයකි. එහි මුල්‍යමය වටිනාකම ඩොලර් බිළියන 10ය ඉක්මවයි. ව්‍යාපාර ජලයෙන් 14,000 ට ඍජු රැකියා ප්‍රමාණයක් උත්පාදනය කර ඇති අතර මිලියනයකට පමණ වක්‍ර ආදායම් මාර්ග උපයා දී ඇත. මැලේසියානු රජය ලබා දිය හැකි සෑම පහසුකමක්ම මෙන්ම සිවිල් පුරවැසියෙකුට ප්‍රධානය කල හැකි ඉහලම නම්බු නාම වලින්ද ජෙෆ්රි චේව දිරිමත් කරන ලදී. මේ අධි ධනවත් මිනිසා මැලේසියානුවන් අතර ඉහලම ගෞරවයට පාත්‍ර වන අතර සැමදෙනාම ඔහුට බෙහෙවින් ආදරය කරයි.
අනූව දශකයේදී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ ආසියානු ශාකාව ලංකාවේ ඇරඹීමට යෝජනාවක් පැමිණියේය. එවකට තිබූ චන්ද්‍රිකා රජයේ බොහෝ දෙනෙක් මෙම ව්‍යාපෘතියේ ඇති වැදගත්කම අවබෝධ කරගත්තද ඒ වකවානුවේ එම රජය ජ. වි. පෙ. සමග ඇති කරගෙන තිබු සංහිදියාව නිසා එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට තරම් කිසිවෙක් නිර්භීත නොවීය. ලංකාවට එපා දේ කවදත් තමන්ගේ කර ගන්නා ඉතිහාසයක් ඇති මැලේසියාව මෙතැනදීද යුහුසුළු විය. ජෙෆ්රි චේගේ ආරාධනයෙන් මොනෑෂ් සරසවියේ ආසියානු මණ්ඩපය Sunway නගරයේ බිහිවිය. අද එය මැලේසියාවට ඩොලර් මිලියන ගණනාවක් ගෙන එන ව්‍යාපෘතියකි. ලංකාවේ සිසුන් බොහෝ ගණනක් මෙන්ම ශ්‍රී ලාංකික සරසවි වල සේවය කල ආචාර්යවරුන්ද අද වන විට මෙම සරසවියට අනුයුක්ත වී ඇත.
ජේ ආර් ජයවර්ධන රජය දාස මුදලාලිගේ කොඳු නාරටිය කඩා දමන විට මේ රටේ ජනතාව හුරේ දමන්න විය. මහින්ද රාජපක්ෂ රජය ලලිත් කොතලාවලගේ සෙලින්කෝ අධිරාජ්‍ය බිඳ දමන විට මේ රටේ සිටින බොහෝ ඇත්තෝ "ඕකට හොඳ වැඩේ" යැයි ක්‍රෝධය මුසු සතුටකින් කීහ. ඊයේ පෙරේදා Avant Garde ආයතනයට කෙනෙහිලි කම් කරන විටද වතපොතේ බොහෝ දෙනෙක් ප්‍රීතියෙන් පිනා යනු මම දුටිමි.
මා කුඩා කල අපේ අම්මා මා කැටිව බම්බලපිටියේ වජිරාරාමයට මසකට වරක්වත් යන පුරුද්දක් විය. ඒ නාරද හාමුදුරුවන්ගෙනුත් මඩිහේ පඥාසිහ නාහිමිගෙනුත් බණ ඇසීමටයි. මඩිහේ පඥාසීහ හාමුදුරුවෝ නිතරම කියූ එහෙත් මට ඊළඟ වසර පහළොව පමණ වනතෙක් නොතේරුණු කියමනකි.
"පිංවතුනි හැමවිටම හිතන්න දුප්පතුන් නැතිවේවා කියා. අද බොහෝ දෙනෙක් උදේ හවස පතන්නේ පොහොසතුන් නැතිවේවා කියායි. සමහර පිංවතුන් දවල් පෙළපාලියේ යනවා පොහොසතුන් බංගවෙලාම පල කියල මොර දිදී. රෑට පන්සලට ඇවිත් සාධුකාර දිදී අහගෙන ඉන්නවා අනේපිඬු සිටාණන් ජේතවනාරමේ මිලට අරන් සසුනට පූජාකරපු හැටි".
රෝහණ විජේවීර මෙරට එකම වැසියෙකුටවත් රැකියාවක් ලබා දුන් බවක් අප දන්නේ නැත. අනෙක් අතට ඔහුගේ අනුගාමිකයෝ නොයෙකුත් වකවානුවල එවකට පැවති දහසකුත් රැකියා අවස්ථාවන් විනාශ කර දමන ලදී. එහෙත් බොහෝ දෙනෙකුට විජේවීර තම සදාදරණීය නායකයාය. මෙරට ජනතාවට රැකියා 11,000 පමණ උත්පාදනය කල ලලිත් කොතලාවල පොදු මිනිසාගේ පරම සතුරාය.
වෘත්තීය සමිති නායකයන් වෘතීය අයිතීන් වෙනුවෙන් සටන් කරන්නේ වෘතිකයාට රැකියාවක් තිබෙන බැවිනි. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල බොහෝ වෘතිකයන්ට රැකියාව ලබා දෙන්නේ පෞද්ගලික අංශයයි. මින් පරිබාහිරව සමාජවාදී දේශපාලන රාමුවක් තුල රජයේ පාලනයට යටත් රැකියා ක්‍රමවේදයකට ගිය සියලුම රටවල් පාහේ අසාර්ථක විය. මේ පිළුණු වූ කතා වස්තුව නැවත වැමෑරිමෙන් දැන් පලක් නැත.
රැකියාවේ මට්ටම ඉහලට ගෙන ඒම සඳහා අරඟල කල යුත්තේ රැකියා සපයන්නාට එදිරිව වෛර බැඳ ඔහු විනාශ කිරීමට අවි මෑනීමෙන් නොවන බව අප පැහැදිලිව තේරුම් ගත යුතුය. වෛද්‍යවරයාගේ සිට කසළ ශෝධකයා දක්වා සියළුම වෘත්තීය ක්‍රියාකාරකම් රෝබෝවක මාර්ගයෙන් සිදුවන යුගය යතාර්ථයක් බවට පත්වෙමින් තිබෙන බවත් අප අමතක නොකළ යුතුය.
ව්‍යාපාරිකයාද මනුෂ්‍යයෙකු බව යථාර්ථයයි. ලැබෙන ආදායම තව තවත් වැඩි කරගැනීමට යත්ත දැරීම මනුෂ්‍යාගේ ස්වභාවයයි. එය එක පැත්තකින් රැකියා උත්පාදනය වැඩි කිරිමෙහි ලා දායක වන අතර අනෙක් පසින් නිසි අනිසි හැම ආකාරයකින්ම තම අරමුණ කරා යාමට ව්‍යාපාරිකයා පොළඹවයි. මෙය අනේපිඩු සිටාණන්ගේ සිට ජෙෆ්රි චේ දක්වා සියලුම ව්‍යාපාරිකයන්ට වලංගුය. රජයේ මෙන්ම සමාජයේද සෙවුම් ඇස සහ මැදිහත්වීම අවශ්‍යවන්නේ ව්‍යාපාරය නොමරා මෙහිදී ඇතිවන අනිසි කටයුතු අවමයක් කරගැනීමටයි. එය නිසි අයුරින් කරන රජය සහ සමාජය දියුණු වෙයි. මේ සරළ ක්‍රියාවලිය තේරුම් ගත නොහැකිවීම ලාංකිකයාගේ අවාසනාවයි.
මතක තබා ගන්න අපගේ ප්‍රාථමික, ද්විතීය, තෘතීය මෙන්ම චාතුර්ව අධ්‍යාපනයද සිදුකරන්නේ 99.9% ක් රැකියා අපේක්ෂකයින් බිහි කිරීමයි. ඒ සියල්ලගේ අභිප්‍රාය සැපිරිය යුත්තේ 0.1% වන රැකියා උත්පාදකයාය. රැකියා ඉල්ලමින් බෝර්ඩ් කෑලි උස්සාගෙන මහපාරේ කෑ මොර දෙන දහසක් දෙනාද හැකිතාක් බැට දෙන්නේ මේ රැකියා උත්පාදකයාටමය. ඉතින් මේ රටට සිදුවන දේ මා අමුතුවෙන් කිව යුතු නැත.
පසුගිය සතියේ මගේ කිට්ටු මිතුරෙක් මා සමග කල Skype කතා බහක් මෙහි සඳහන් කිරීමට සිතෙයි.
"චන්දිම, ඔයා කැමතිද SAITM එකෙන් පාස් වෙලා ඉන්න ඩොක්ටර් කෙනෙක් ලඟට ගිහින් බෙහෙත් ගන්න"
ඔහු මුදල් අය කර ලබාදෙන අධ්‍යාපනය පිලිබඳ මගේ ලිපි කියවා ඇත. ඔහු මා රැගෙන යන්න හදන තැන මට වැටහේ.
"ඇත්තටම නැහැ" මම කෙලින්ම පිළිතුරු දුනිමි.
"ඒක තමයි. අපි කට කැඩෙන කන් කියන්නේ ඔය ඉලව්ව වහල දාන්න කියලා. කෝ ඉතින් සමහර බක පණ්ඩිතයන්ට ඕක තේරෙන්නේ නැහැනේ" ඔහු ව්‍යංගයෙන් මට පහර දෙයි.
"මචං නහයේ කුරුලෑවක් අවහම නහය කපල විසි කරන එකද විසඳුම" මම බොහොම පහල ස්වරයකින් මිතුරාගෙන් ඇසුවෙමි.
SAITM ඇරඹෙන්නේ රාජපක්ෂ පාලන සමයේය. එහි ප්‍රථම වෛද්‍ය උපධි ලාභීන් බිහිවන්නේ සිරිසේන පාලන සමයේය. එවකට මෙම ආයතනය ස්ථාපිත කිරීමට පුරෝගාමී වූ ඇමති දෙපල මේ රජයේද ඇමති වරුන්ය. SAITM අසරණ වුයේ එම රජය සහ මෙම රජය මේ ව්‍යාපෘතිය දෙස අන්ධ ඇසින් බලා සිටි නිසාය. සියලු දෙනාට අවශ්‍ය වුයේ කෙසේ හෝ මුදල් අය කරන වෛද්‍ය විද්‍යාලයක් බිහි කිරීම පමණකි. එහි තත්ත්ව පරික්ෂාව පිළිබඳව කිසිවෙක් උනන්දු නොවුහ. මා දකින ලෙස මෙයට පාදක වන්නේ මීට වසර 30 කට පමණ පෙර සිදුවූ බලවත් වරදකි.
1987-88 කාලයේදී ලංකාවට තම ප්‍රථම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහිමි විය. ඒ වෙනුවට ජාතික වියදම් ගොනුවට තවත් බරක් එකතුවිය. ඉතා ක්‍රමානුකුලව ආරම්භ කල උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රේමදාස රජයේ ජනප්‍රිය දේශපාලනය හරහා රජයට පවරා ගන්නා ලදී. මේ පිළිබඳව වෙනත් වෙබ් පුවත්පතක දීර්ඝ ලිපියක් පලවූ බැවින් මා ඒ පිළිබඳව වැඩි දුර නොලියමි.
(http://lankaenews.com/news/4205/si)
1992 දී දුරදර්ශි මැලේසියානු අධ්‍යාපන ඇමතිවරයා ලංකාවට වූ අහිමිවීම තම රටේ හිමිකම කරගනිමින් IMU පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය බිහිකිරීමට මැලේසියානුවන් දිරිමත් කළේය. මුල සිටම දැඩි තත්ත්ව පාලනයක් යටතේ ඉදිරියට පැමිණි මෙම වෛද්‍ය විද්‍යාලය අද ලොව බොහෝ රටවල ඉතා ඉහල පිළිගැනීමකට ලක්වන වෛද්‍යවරු බිහි කරයි. ලාංකික සිසුන් දහස් ගණනක් මෙම වෛද්‍ය විද්‍යාලයෙන් උගෙනුම ලබා ලොව පුරා සේවය කරන බව ඔබ නොදන්නවා ඇත. ඒ වෙනුවෙන් ලංකාවෙන් ඉවතට ඇදී ගිය මුදලින් මේ රටේ තවත් වෛද්‍ය විද්‍යාල දෙකක්වත් මේ වන විට ගොඩ නගන්න තිබුණි.
රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එලෙසින්ම ඉදිරියට ආවා නම් SAITM බිහිවන්නේ මීට වඩා ඉතා ඉහල ප්‍රමිතියකිනි. නමුත් SAITM බිහිවන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිළිබඳව ලංකාව තුල කිසිඳු මිණුම් සලකුණක් (bench-marking) නොමැතිවයි. ඒ පිළිබඳව මැලේසියාව වැනි රටකින් උපදෙස් ලබාගැනීමටද ආයෝජකයන් යොමු කරවීමක් රජය විසින් සිදුකර නොතිබුණි. වසර ගණනාවක සිට රටේ සියළුම විශ්ව විද්‍යාල (මුදල් අය කරන සහ නොකරන) විෂය මට්ටමින් ප්‍රමිති පාලනයකට ලක් කිරීම සහ තත්ව ඇගයීම සඳහා බලයලත් කමිටුවක අධීක්ෂණයට යටත් කිරීමේ අවශ්‍යතාවයක් පවතී. එය නොසිදුවීම තුල ආයෝජකයාගෙන් අපට ලාබ ලැබීමෙන් ඔබ්බට යමක් බලා පොරොත්තු වීම අසීරුය.
මේ පිළිබඳව නැගී සිටීමට හෝ ජාතික මට්ටමෙන් සංවාදයක් ඇති කිරීමට අද SAITM වැසීමට පොලවේ හැපෙන කිසිවෙකු එදා සිටම උනන්දු වුයේ නැත. රජයේ රෝහලේ සේවය කරන පැය කිහිපයෙන් එපිට දවසේ වැඩි හරියක් නින්දක් කෑමක් පවා හරි හැටි නොගෙන පෞද්ගලික රෝහල්, ඩිස්පැන්සරි වල ජීවිතය ගත කරන වෛද්‍යවරු මෙම මුදල් ගෙවා ඉගෙන ගන්නා සිසු සිසුවියන්ට මුදල් අය කර හෝ සායන පුහුණුව ලබා දීම ප්‍රතික්ෂේප කළේය. මේ පිළිබඳව මා මැලේසියාවේ මිතුරු වෛද්‍යවරයෙකුට පැවසූ විට ඔහු කියා සිටියේ ලංකාව ගැන තමන් ඉතා සතුටට පත්වෙන බවයි. මන්ද මෑත අනාගතයේ කවදාක වත් ලංකාවෙන් මැලේසියාවට ආර්ථික තර්ජනයක් එල්ල නොවෙන බව ඔහුට ඉතා හොඳින් පැහැදිලි වීමයි.
වෛද්‍ය විද්‍යාලයක් වැනි ව්‍යාපෘතියකට ආයෝජකයන් සෙවීම දුෂ්කර කාර්යයකි. එබැවින් පිහිටුවා ගත් මේ ආයතනය ජාතික සම්පතක් ලෙස දැකීම ජාතික අවශ්‍යතාවයකි. එහෙත් වෙනත් බොහෝ කාරණා සම්බන්ධයෙන් මෙන්ම මෙහිදීද ලාංකික ජන විඥානය මුහුකුරා ගොස් නැති බව මගේ හැඟීමයි. එය එසේ වනතෙක් අප නොදියුණු රටක් ලෙස සිටිය යුතුය.
මීට වසර තුනකට පමණ පෙර මම අකුණු ආරක්‍ෂණ උපදේශක වරයා ලෙස කණ්ඩලම හෝටලයට ගොස් එහි දෙදිනක් ගත කලෙමි. මෙහිදී මා දුටුවේ පිරිසක් සමග විත් රස මුසු ආහාරයෙන් තෘප්ත වන විමල් වීරවංශ මැති තුමාය. මෙම හෝටලය ගොඩනැගීම අරඹන විට මෙතුමා ඇතුළු විශාල පිරිසක් පොලවේ පස් කමින් ඊට විරෝධය පෑවා මට මෙන්ම ඔබටද මතක ඇතැයි සිතමි.
දඹුල්ල ප්‍රදේශයේ දුප්පත් ජනතාවගෙන් කී දෙනෙකුට කණ්ඩලම හෝටලයෙන් ආහාර වේලක් මිලදී ගත හැකිද? පිළිතුර බොහෝ විට බින්දුව වනු ඇත. එහෙත් කණ්ඩලම හෝටලය නිසා ආහාර වේල සරි කරගන්නා කී දහසක් දඹුල්ලේ ඇත්ද? අද විමල් වීරවංශ මැතිතුමාටත් මෙලෙසම හිතෙනවාදැයි මම නොදනිමි.
SAITM එකෙන් මෙතෙක් පිටවූ සිසු සිසුවියන්ට තව වසරක කාලයක් දැඩි සායනික පුහුණුවක් ලබාදී ඉන් අමතරව රජයෙන් පත්කළ පිළිගත් වෛද්‍ය මඩුල්ලක් මගින් පවත්වන විභාගයකින් සමත් වූ පසු ඔවුනට රැකියාව කිරීමේ අවස්තාව ලබා දේ නම්, ඉදිරියට බඳවා ගන්න සිසුන්ට මා කලින් විස්තර කල ආකාරයට ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබාදී ප්‍රමිතිගත විභාගයකින් පසු සමත් කරයි නම් මම කිසිඳු චකිතයකින් තොරව SAITM දොස්තර කෙනෙකුගෙන් ඕනෑම අබාධයකට ප්‍රතිකාර ගනිමි. මෙහිදී වෛද්‍යවරයා ඉගෙන ගත්තේ මුදල් ගෙවාද නැත්නම් නොමිළේද යන්න හෝ ඔහුගේ උසස් පෙළ ප්‍රතිපල මට අදාළ නොවේ.
එදා සමාජය ද්විතීක අධ්‍යාපන සුදුකම් කිරමින් සිටියා නම් ඇල්බට් අයින්ස්ටයින් ඇතුළු ලොව දිනු බොහෝ විද්‍යාඥයන් විද්‍යාවේ තිබිරිගෙයිම මිය යන්න තිබුණි.
උපුටා ගැනීම http://chandimagomes.blogspot.my/2016/07/saitm-sunway.html



පෞද්ගලික අධ්‍යාපන ආයතන තියෙන එකට මම එකඟයි .පෞද්ගලික අධ්‍යාපන ආයතන නිසා රජයෙ එව්වා වැහෙනවා නම් ඒක විහිළුවක්. පෞද්ගලික වෛද්‍යවිද්‍යාලත් තියෙනවට මම එකඟයි. හැබැයි නිසි නියාමනයකින් පිළිගත්පුහුණුවකින් සමන්විත වෙච්ච පාඨමාලා තියෙන්න ඕනේ .සරලවම කිව්වොත් මිනිහෙක්ට බෙහෙත් දෙන එක සෙල්ලමක් නෙමේ නේ. ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න බැහැ නේ. ඒත් ය උද්ඝෝෂනය කරන එවුන් කෑ ගහන එවුන් කැ ගහන්නේ තමන්ගෙ සුඛවිහරණය නිසා මිසක් රට ගැන හිතලාවත් ක්ෂේස්ත්‍රය ගැන හිතලාවත් නෙමේ. සයිටම් එක පටන් ගන්න අවසර දීපු එස් බී දිසානායකත් කාලයක් ශිෂ්‍ය ක්‍රියාකාරී නයකයෙක් කැම්පස් එකක .ඉතිං ඔය අද කෑ ගහන එවුනුත් තව ටිකක් කල් ගිහින් සල්ලි වල සුවඳ දැනෙන කොට අද දීපු පොර ටෝක්ස් පැත්තක දාලා වෙනස්ම දෙයක් කතාකරයි.




Bumpරෝහණ විජේවීර මෙරට එකම වැසියෙකුටවත් රැකියාවක් ලබා දුන් බවක් අප දන්නේ නැත. අනෙක් අතට ඔහුගේ අනුගාමිකයෝ නොයෙකුත් වකවානුවල එවකට පැවති දහසකුත් රැකියා අවස්ථාවන් විනාශ කර දමන ලදී. එහෙත් බොහෝ දෙනෙකුට විජේවීර තම සදාදරණීය නායකයාය. මෙරට ජනතාවට රැකියා 11,000 පමණ උත්පාදනය කල ලලිත් කොතලාවල පොදු මිනිසාගේ පරම සතුරාය.