ලව් කතා

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    සාමාන්‍යයෙන් ඔබ පොත් පත් කියවන කෙනෙක් නම් පරිවර්තන, කෙටිකතා, කවි, මේ වගේ පොත් අතරේ ආදර කතා එහෙමත් කියවනවා ඇති. ඒ කතා කියවන විට එක කොටසක් හොටු පෙරාගෙන ආදරේන් මත් වෙලා මෙව්වා වෙලා සිටින අතර ඉතිරි කොටස මෙවැනි ලව් කතා කියවන්නේ ආතල් එකටය. අපේ මේ උත්සාහය මේ ආතල් එක මොනවගේද කියා සොයා බැලීමය.

    1. ධනවත් පෙම්වතියගේ දුප්පත් පෙම්වතා.



    Lovestroies-01-768x403.jpg


    ගොඩක් කතා වල කොල්ල දුප්පත් වන අතර කෙල්ල පට්ට පෝසත් වෙයි. මෙහි විලෝමය වන්නටත් බොහෝ වෙලාවට ඉඩ තියෙන අතර වැඩිපුර ඇත්තේ මේ ශානරයේ කතා ය. එහිදී කොල්ලා බොහෝවිට තමන්ගේ උසස් පෙළ විභාගය අවසාන කර රස්සාවක් සොයා නගරයට එන අතර, දවල්ට වතුර උගුරක් පමණක් පානය කර ලාංතරස් වී මෙලෝ සිහියක් නැතුව සොම්බියෙකු ලෙස පාර හරහා මහා දවල් මාරු වෙනවිට කොහෙන්දෝ පැමිණි මෝටර් රථයක හැප්පෙන්නට ඇති ඉඩ කඩ ඉතා ඉහලය.
    ඔව් ඔබ හිතුවා හරි! කාර් එක පැදගෙන ඇවිත් තියෙන්නේ කෙල්ල තමා ය. ඒ අප්පච්චි බර්ත් ඩේ එකට අරං දුන්න කිරිටෝයියා කාර් එකය. කතා රචකයා කාර් එකත් කෙල්ල ගැනත් කරන වර්ණනාව පිටු එකහමාරක් විතර වන අතර අනේ අර කහ ඉරේ වැටි සිටින කොල්ලාව උස්සන්නට කියවන එකෙකුටවත් වගේ වගක් නැත.


    2. සුපර් කියුට් හෝ කියුට්නස් ඕවර්ලෝඩ් වීම.



    Lovestroies-02.gif


    කොල්ලා කහ ඉරේ වැටි සිටින විට දොර හැර එලියට එන කෙල්ලගේ දිස්නයට, හිරු රැස් පරාද වෙයි. එතරම් ලස්සනය. කොල්ලාට පෙනෙන්නේ තවමත් සියල්ලම බොඳ වෙලාය. කෙල්ලගේ මුහුණ සඳ වැනිය. ගතේ එක ඩොට් එකක් නැති. උකුනෙක් කොන්ඩේන් වැරදිලා හෝ කෙල්ලගේ අතකට කකුලට හෝ වැටුනොත් උකුනාට හිතෙන්නේ මේ සහරා කතරක් බවයි. අතේ පයේ මයිලක් පේන තෙක් මානෙක නැත. වැක්ස් කරලා ය.
    කෙල්ල නිකම්ම කියුට් නොව එක්කෝ super cute වේ, එහෙම නැතිනම් cuteness overload වේ. තවමත් කොල්ලා කහ ඉර මැද පෙරේතයා පොලේ ගැසූ අයුරින් තවම සිටියි.


    3. The බත් මුල.



    Lovestroies-03.gif


    කතාව කෙලින්ම එතනින් රුපාන්තරනය වන්නේ කොල්ලා ඉස්පිරිතාලේ හෝ බෝඩිමේ ඇඳේ සිටින සීන් එකකින්. බෙහෙත් කර කොල්ලව ගිහින් දමා ඇත්තේ කෙල්ල ය. දැන් බොහෝ දවස් වලට කෙල්ල කොල්ලට බත් මුලක් අරං එයි. ඒ බත් මුල ලොව ඇති සුපිරිම ආහාර සංයුතියෙන් අනුණය. කොල්ලා සිටින්නේ බදුල්ලේ වුවත්, කෙල්ල කොල්ලා එන විට අනුරාධපුරේ “දුටු වැවේ” වැව් මාළු ඇඹුල් තියල් කර රැගෙන එයි. බත් එක පට්ට වයිබ්‍රන්ට් ය. බලන්න ලස්සනය. ඇත්තම කියනවා නම් කතාව වැඩකට ගත හැකි එකම කොටස මේ කතාවේ තැනින් තැන තියෙන සෙට් මෙනු ටික ය.

    4. සමාජ සම්මතයට පයින් ගැසීම



    Lovestroies-04.gif


    කොල්ලා කොහොමත් රැඩිකල් පොරකි. නිතර ගිටාර් එකක් එල්ලගෙන හන්දිගානේ සින්දු කියන සංගීත කාමියෙකි. යුක්තිය අසාධාරණය ගැන අසා වත් නැත. කෙටියෙන් කියනවා නම් මෙවන් තරුණයින් අනෙකුත් තරුණයින් ආදර්ශයට ගත යුතු ය. එහෙත් ඔහු ප්‍රේම කරන යුවතිය වෙනුවෙන් පොලවේ පස් කෑමට වුව ඔහු ඉදිරිපත් වෙයි. දෙවරක් නොසිතයි. ප්‍රේමය ඔහු ජීවත් කරන්නා හුස්ම වන අතර, ප්‍රේමය ඔහුගේ ආහාරය වෙයි.

    5. සංවේදී ටෝක්ස්.



    Lovestroies-05.gif


    මේවා පොත් වලටම සිමා වෙනවා නම් හොඳය. මොකද මෙයින් වන අබග්ග එතරම්ම වන නිසා ය. ප්‍රධානම ඒවා නම් මේ පොත කියවා ඒවායේ ඇති ටෝක්ස් කොල්ලන් කෙල්ලන් තම ලියුම් වලට දැමීමයි.
    “ඔයාගේ ආදරේ මට මහමෙරක් වගේ සුදු, ඔයා වගේ චුටි සුදු කෙල්ලෙක් දැක්කම මට, මේ ලෝකේ ඉන්න එකම වාසනාවන්තය මම කියලා හිතෙනවා සුදු”
    අපේ යාලුවෙක් මෙහෙම ලියල කෙල්ලට දුන්න. කෙල්ල ප්‍රමාණෙන් පොඩි මිනිකුපර් එකකට පොඩ්ඩක් පොඩි ඇති. කෙල්ලගේ ගෙදරට කියන්නේ සුදු කියලා උනාට කෙල්ලගේ සුදට තියෙන එකම දේ දත් ටික විතරයි. කෙල්ල හිතුවේ අපේ එක කෙල්ලව බයිට් එකට ගන්නවා කියලා ලව් එක එතැනින්ම හබක්!


    6. බ්‍රදර් දුෂ්ටයා ඇන්ඩ් අප්පච්චි දුෂ්ටයා



    Lovestroies-06.gif


    කතාවේ බොහෝ වෙලාවට කොල්ලට උදැල්ල දමන්නට බලු බල්ලෙක් නැත. එහෙත් කෙල්ලගේ සුන්දර අහිංසක නිකැළැල් ප්‍රේමයට විරුද්ධ වන්නේ බොහෝවිට තාත්තා හෝ බ්‍රදර් ජී වෙයි. කොහොමත් තාත්තා හෝ සහෝදරයා බොහොම සෙල්ලක්කාර, ධනවත්, අහංකාර වන අතර කොල්ලා අහිංසක මලක් වගේ සමනලයා මොඩ්ල් එකේ කොලු පැටියෙක් වෙන්නට ඇති ඉඩ කඩ බොහෝ ඉහලය.

    7. නැන්දම්මට කරුණාවන්ත වීම.



    Lovestroies-07.gif


    කතාවේ කොල්ලා නැන්දම්මා කොතරම් ගෙරෙව්වද තග දැම්මද නැන්දම්මාට සලකන්නේ තමන්ගේ අම්මටත් වඩා සෙනෙහසින්ය. කෙල්ල කොල්ලව අත හැරියද කොල්ලා නිතර නැන්දම්මාට කතා කර දුක සැප අහන තරම් ඒ බැඳීම දියුණුය. සමහර වෙලාවට කොල්ලා නැන්දම්මට දෙන ටෝක්ස් වල හැටියට කෙල්ලව අත හැර නැන්දම්මා සෙට් වෙයිදැයි කියා සිතන වාර එමට ය.

    8. “කූර” ආදරේ සහ ආවා සොයා ආදරේ



    Lovestroies-08.gif


    නැන්දම්මා සෙට් කරගෙන් බ්‍රදර් හෝ ෆාදර් වත් ජය අරගෙන ලෝකේ නැති ඔබ්ස්ටකල්ස් ගොඩ දාගෙන සින්බෑඩ් වගේ මුහුදු හතෙන් එතෙර වෙලා එන කොල්ලාට එක වරම මුළු ලෝකෙම එපා වෙන, ෆුල් හින්දුස්තාන් වෙන සින් එකක් කතාව අවසානයේ වෙන්නට ඇති ඉඩකඩ බොහොම වැඩිය.
    ඒ වගේම සියල්ලෝම අවසාන සතුටින් විසිර ගියා හ. එහෙමත් නැති නම් සිංහලෙන් කියනවා නම් “finally they live happily ever after” කියා සිතෙන එන්ඩින් එකක් කතාවේ තියෙන්නටත් බැරි නැත. ඒත් වැඩි මාකට් එක ඇත්තේ ට්‍රැජිකල් අවසානයක ට ම ය.




    ඉහත දත්ත වලට අනුකුලව:


    Lovestroies-09.gif



    • ගෙදරින් කැමැත්ත අරගෙන කෙල්ල සන්තෝසෙන් මල් මල් ගවුමක් ඇඳගෙන ස්ලෝමොෂන් විරිතෙන් වෝක් එක දාගෙන එන විට ඉදිරියේ එන චුන් පාන් ඩිමෝ බට්ටේක් ඇවිත් ඇඟේ වැදී කෙල්ල එතනම පෙරේතයා පොලේ ගැසුවා සේ බිම සිටින්නට ඇති ප්‍රතිශතක අනුපාතය 99% කි.
    • දුක දරා ගන්නට නොහැකිව පෙම්වතා කොහෙන්දෝ හොයාගත් පිහියක් තමන්ගේ පපුවට ඇනගෙන කෙල්ලත් සමගම වැලිගම්පිටි යන කොටස වෙනකොට අපේ අක්කිලා කඳුළු බාල්දි හතක අටක් පුරවා අවසානය, තමන්ගේ අතේ නියපොතු ඉවර වෙලා එහා කාමරේ ඉන්න කෙල්ලේගේ නියපොතුත් කා අවසානය.
      ඉන් පසුව තමන් කියවූ පොත ගැන පුදුම වෙන කියවන්නා ඒ හොටු බේරෙන කඳුළු කතාව ලියු ලොකු අයියා, බාප්පාගේ පුතා, එහෙමත් නැත්තන් තනිකඩ පුංචි අම්මාගේ ලොකු පුතා වැනි නම් වලින් හඳුන්වන නවකතා රචකයින් කෙල්ලන්ගේ සිහින කුමාරයා වෙන්නේ කතාව තුල පස් කාගෙන හඬන කොල්ලාට ඇප නැති කරමිනි.
    http://www.aniwa.lk/2016/10/11/1610114-things-that-have-in-every-srilankan-novels/

    :lol: :lol: :lol: