ලස්සන නිසදැසක්

jayafast

Member
Aug 24, 2010
200
29
0
ලස්සන නිසදැසක්

ඔබගේ මුහුණ මැවි මැවි පෙනෙන විට
වින්ද ඒ අහිංසක සතුට,
අමතක වුවත් කෙසේ හෝ මතකෙට නැගීමට
කල උත්සාහය,
සොඳුර මා ඔබට ආදරේ කල තරම්

දෙනෙත් විවරවත්,පියවූ විටත් ඔබ ගැනම
මෙනෙහි කල මා,
මගේ ගමන පසක තබා ඔබේ ගමනට
දිරි දුන් මා,
සොඳුර මා ඔබට ආදරේ කල තරම්

එදා මහා වරුසාවේ එකම කුඩයක මා උත්සහ ගත්තේ
ඔබව රැකීමට නොව ඔබගේ පොත රැකීමටය,
ඒ ඔබගේ ඉලක්කය සපුරාලීමට ඇති,
තවත් උපකාරයක් වූ නිසාය
සොඳුර මා ඔබට ආදරේ කල තරම්

අවසන් වූ පසු ඉගෙනීම සාර්ථකත්වයේ රාමුවෙන්
පිටතට විසි වූ මා,
සාර්ථකත්වයේ ඉහල සිටි ඔබට අතීතය ගැන සාක්ෂියක්වත් නොතබමින්
අමතක වූ මා,
සොඳුර මා ඔබට ආදරේ කල තරම්

සුදුසුකම් නොමැතිව රැකියාවක් සොයමින් ජීවිතය තුල
අතරමං වූ මා,
කියන්නේ කෙලෙසද ඔබට දොසක් ,මගේ ජීවිතය මාම
විනාශ කරගෙන හමාරය.
සොඳුර මා ඔබට ආදරේ කල තරම්

එදා පැතුවෙත් ඔබේ දියුණුවයි
අද පතන්නෙත් ඔබේ දියුණුවයි
හැකිනම් මතකෙට නගන්න අද සමාජයේ අවලංගු චරිතයක් වූ

මා

සොඳුර මා ඔබට ආදරේ කල තරම්