ලස්සන_නර්ස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
stock-vector-female-doctor-208100797.jpg




අලංකාර හෙදිය



සිමොන්ස් මට හමු වූයේ ටොරොන්ටෝවේ එක් ප්‍රධාන රෝහලකදීය​. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සහ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ මනෝ වෛද්‍යවරු මෙන්ම අනෙකුත් මනෝ විද්වතුන් සිටි සැසියකදී සිමොන්ස් ප්‍රමුඛ අසුනක් නියෝජනය කලාය​. ඇය මෙම සැසියේදී අනෙකුත් වෘත්තිකයන් සමග හරි හරියට කරුණු කාරනා පෙන්වා දුන්නාය. ඇයගේ අදහස් හර බර ඒවා විය​. හෙදියක වීම නිසා කිසිවෙකු ඇයගේ අදහස් බැහැර කලේ නැති බව මට හොඳාකාරව පෙනුනි.



සිමොන්ස් උසැති පියකරු කාන්තාවකි. කොණ්ඩය කොටට කපා සිටි ඇය තම රන් හිසකේ වලින් අර්ධයක් ලා කොළ පාටකින් වර්ණ ගන්වා ගෙන සිටියාය​.


පෙර කීවාක් මෙන් ඇය හෙදියකි. ඇයට නර්සිං පිලිබඳ උපාධියක් මෙන්ම මැනිටෝබා විශ්ව විද්‍යාලයෙන් නර්සිං පිලිබඳව ආචාර්‍ය උපාධියක් Doctor of Philosophy in Nursing (PhD) තිබෙන බව මම පසුව දැන ගත්තෙමි.


නර්සිං පිලිබඳව උපාධියක් තවමත් ලංකාවේ නැත​. එවැනි උපාධියක් ආරම්භ කිරීමට තැත් කල කාලයේ ඊට විරෝධතා එල්ල විය​. එම නිසා එකී යෝජනාව හමස් පෙට්ටියට ගියේය​. මේ අදහසට වැඩිපුරම විරෝධය දැක්වූයේ සෞඛ්‍ය සේවය තමන් ගේ ප්‍රවේණියක් ලෙස සලකන බමුණන් පිරිසකි. මට මෙහිදී තව යමක් මතක් වේ. 1995 වසරේදී විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය ජී. ඒ රණතුංග මහතා සූතිකාගාර වල සේවය කරන හෙදියන්ට Cardiotocography (CTG) හෙවත් සීටීජී යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සහ සීටීජී පට පිළිබඳ ප්‍රාථමික පුහුණුවක් දීමට අදහස් කලේය​. නමුත් බමුණන් වහාම ඊට විරෝධතාව දැක්වූහ​.


හෙද උපාධියක් ආරම්භ කරන්නේ නම් එය ඉතා සුවිසල් පිම්මකි. එසේම ලංකාවේ සෞඛ්‍ය සේවය වඩාත් ගුණාත්මක කිරීමට ඉන් අවකාශයක් ලැබෙනු ඇත​. මෙපමණක් නොවේ නුපුහුණු හවුස් මේඩ්ලා පිටරට ශ්‍රමිකයන් ලෙස රට යනව රටක් ලෙස ප්‍රචලිත ලංකාවට උපාධියක් සහිත පුහුණු හෙදියන් පිටරට සේවය සඳහා යැවීමට ඉඩ ලැබෙනු ඇත​. උතුරු ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පුහුණු හෙදියන් සඳහා ඉල්ලුමක් තිබුනද ලංකාව පරාජය කොට පිලිපීනය තම හෙදියන් රට විරුවන් ලෙස එම රට වලට යවා විදේශ විනිමය උපයා ගනිති. එහෙත් බමුණන් නිසා ලංකාව රට යවන්නේ හෙදියන් නොව ආරියවතීලාය​. මේ ආරියවතීලා මැද පෙරදිග ගොස් ඇණ ගස්සවා ගෙන හෝ පෙට්ටි වලින් යළි සිය රට බලා එති.


සැසිය අවසානයේදී මම සිමොන්ස් සමග කතා කලෙමි. හෙදියක ලෙස පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සහ මත්ද්‍රව්‍ය භාවිතය නිශේදනය සඳහා හෙදියකගේ කාර්‍යභාරය ඇය පෙන්වා දුන්නාය​. තවද මාගේ මූලයන් අනුමාන කල ඈ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුණු ශ්‍රී ලාංකික සරණාගතයන්ට හෙද කමින් සහාය වූ අයුරු ඇය කීවාය​.


සිමොන්ස් ලංකාවේ උපත ලබා සිටියේ නම් ඈ මෙතෙක් ආ වෘත්තීය දුර ඇයට ඒමට ලැබේද කියා මම අවංකවම සිතුවෙමි. සිමොන්ස් ලංකාවේ උපත ලබා සිටියේ නම් හෙද උපාධියක් ලබා ගැනීම සහ හෙදකම පිලිබඳව ආචාර්‍ය උපාධියක් ලබා ගැනීම ඇයට සිහිනයක් වනු නොඅනුමානය​. එහෙත් මම ශුභවාදියෙකි. අනාගතයේ යම් දිනෙක හෙද උපාධි මෙන්ම හෙද ආචාර්‍ය උපාධි තිබෙන සිමොන්ස්ලා ලංකාවෙන් බිහි වනු ඇතැයි මම සිතමි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග


 

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    nursing degree tibee.lankaawe rajya sewaye watup vishamata prashnayak nisa tamai degree nursing welete prashna aawe.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔය දොස්ටරයා රුසියන් දෙග්රි කාරයෙක් නේ බන් පොර දොස්ටර උනාට ලංකාවේ නර්සින් දිග්රියක් තියෙනවා කියලවත් දන්නේ නැ .ජපුර තියෙනවා දැන් ගොඩක් කල් අවුරුදු 6ක් විටර


    http://www.sjp.ac.lk/courses/undergraduate-courses/#med
    Faculty of Medical Sciences

    First Degree Courses

    1. MBBS course (05 years)
    2. B.Sc. Nursing (Special) Degree course (04 years)
    3. B.Sc. Nursing (General) Degree course (03 years)

    4. Pharmacy (Special) Degree course (04 years)
    5. Pharmacy (General) Degree course (03 years)
    6. B.Sc. Medical Laboratory Seience (Special) Degree course (04 years)
    7. B.Sc. Medical Laboratory Science (General) Degree course (03 years)
    8. B.Sc. Human Biology (Special) Degree course (04 years)
    9. B.Sc. Human Biology (General) Degree course (03 years)