ලස්‌සන මෘගයකු වූ කෲර ගැහැණිය...

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    කාන්තාවක් කී සැණින් නැගෙන අනන්‍යතාව බෙහෙවින් සුන්දර වූත්, සංවේදී හදවතක් ඇති කාරුණිකත්වයයි. සැබැවින්ම ඇය ලස්සනය. එහෙත් අතිශය කෲර හදවතක් ඇත්තියක් යැයි කිවහොත් එයද නිවැරැදිය.

    1930 වසරේ ජර්මනියේ උපත ලද ‘‘ඉර්මා ග‍්‍රිස්ගේ ගේ පියා ‘‘ඇල්ප‍්‍රඞ් ගි‍්‍රස්’’ ප‍්‍රබල නාසි විරෝධී පුද්ගලයෙකු විය. උපතින් ගොවි පවුලක වුවත් ඉර්මා බාල කාලයේ පටන්ම ස්වභාවයෙන්ම දරුණු සිත් ඇති දැරියක් වූවාය. ඇයට බාල පවුලේ සහෝදර පිරිස 4 කි. කුඩා කාලයේ පටන්ම ඉර්මාට ඉගෙනුම් කටයුතු වෙනුවෙන් කිසිදු උනන්දුවක් වූයේද නැත.

    සමහර විට මේ සියල්ල සිදු වෙන්නට ඇත්තේ දෛවෝපගත ලෙසින් විය හැකියි. ඇයට වයස අවුරුදු 13 ක් වෙත්ම ඉර්මාගේ මව සිය දිවි නසා ගත් හෙයින් ඇය තවත් අසරණ වූවාය. උසස් විද්‍යාවන් කෙරෙහි කිසිදු ඇල්මක් නොවූ නිසා ඉර්මා පාසලෙන් ඉවත් වූවාය.

    මේ වෙන ඇගේ පියා ඇල්ප‍්‍රඞ් එන්. එස්. ඞී. ඒ. පී. සංවිධානයට සම්බන්ධව සිටි අතර ඉර්මා හිට්ලර් යෞවනයේ කාන්තා බළකායේ හෙදියක ලෙසින් සේවයට සම්බන්ධ වූවාය. එහෙත් ඇය හෙද සේවය වෙනුවෙන් සාර්ථක චරිතයක් නොවීය. මානව දයාවක් නොමැති සහ තෙතමනයක් හිතක නැති අමානුෂික කාන්තාවක් වෙුනවෙන් සත්‍ය වශයෙන්ම මෙම චරිතය සුදුසු නොවීම අරුමයක්ද නොවන්නේය. ඒ නිසා ඉර්මා මෙම රෝහලේ යන්ත‍්‍ර කි‍්‍රයාකරවන්නියක ලෙසින් මාරු කරන ලදී.

    මේ අතර 1942 වසරේදී ඉර්මා එස්. එස්. සේවයට සම්බන්ධ වූයේ පියාගේ දැඩි විරෝධය පවා නොතකමින්ය. ‘‘රුවන්ස්බර්ක්’’ හි පුහුණු කාලසීමාව සති හතරක් වුණත් ඇය සති තුනක කාලයකින් එම පුහුණුව සාර්ථක ලෙසින් අවසාන කිරීමට සමත් වූවාය.

    ඇගේ කුරිරු හැසිරීම නිසාම ඇය ‘‘ඔස්විට්ස්හි’’ පිහිටි සිරකඳවුරට යවන ලදී. එහිදී ඇය සේවය කළේ කාන්තා රැඳවියන් භාර නිලධාරිනිය ලෙසයි. මේ වෙන විට කඳවුරේ කාන්තා රැුඳවියන් 30,000 ක් පමණ වූහ. සිරකරුවන් වෙනුවෙන් පනවන ලද දැඩි වධ බන්ධන ක‍්‍රියාත්මක කිරීමේදී ඉර්මා තරම් කිසිවෙකුත් දක්ෂ නොවුණ නිසා ඇය මෙම කඳවුරේ අධ්‍යක්ෂ තනතුර උසස් කිරීමට එතරම් කාලයක් ගත නොවීය.
    P32 2
    P32-1.jpg

    ඇය නිතරම බර බූට් සපත්තු යුගලක් පැළඳ සිටි අතර හිසකෙස් රන්වන් පැහැයෙන් යුක්ත අතර දෙනෙත් නිල් පැහැයෙන් දීප්තිමත් විය. එක් අතක පිස්තෝලයක් සහ අනෙක් අත කසයකි. හදිසියේ හෝ සිරකරුවෙකු ගිමන් හරිනු දුටුවොත් ඉර්මාගෙන් ලැබෙන කසපහර වැරදුනේ නැත.

    ඇය කාන්තාවන්ට වෙඩි තැබීමේදී කිසිම දිනක ඉලක්කය වැරදුවේ නැත. දඩයම් බල්ලන් දින ගණනාවක් කුසගින්නේ තබා සිර කඳවුර වෙතට මුදා හැරියේ සිරකරුවන් දරුණු ලෙසින් හපා කෑමටයි. සිරකරුවන් ඉර්මා හඳුන්වන ලද්දේ ‘‘ලස්සන මෘගයෙක්’’ ලෙයසි. සිකරුවන්ට ලිංගික සමච්චල් කළ ‘‘නිම්ෆෝමියානියෙකු’’ ලෙසින්ද ඉර්මා මෙම සිරකඳවුරේ ප‍්‍රසිද්ධිය ලබා සිටියාය. මේ නිසාම ජර්මානු කාර්ය මණ්ඩලයේ ඇය වෙනුවෙන් විශාල ඉල්ලූමක් තිබූ අතර වරක් ඉර්මා ගබ්සාවක්ද කර ගත් බැව් වාර්තා වේ.

    ඉර්මා යනු මිනිසුන් වේදනාවට පත් කොට සතුටට පත් වීමේ විකෘති මානසිකත්වයකින් යුක්ත කාන්තාවක් වූවාය. මේ නිසාම ඇය වධකාගාරයේ සිටි වෛද්‍යවරියක වූ ‘‘ගිසෙල්ලා පර්ල්’’ ගේ සායනික ශල්‍ය කර්ම වෙනුවෙන් රෝගීන් සැපයූ අතර ඔවුන් නිර්වින්දනය නොකරම විවිධ පරීක්ෂණ වෙනුවෙන් යොදා ගත් අතර ඉර්මා එයින්ද ලැබුයේ අමානුෂික තෘප්තියකි.

    1945 වසරේදී ඉර්මා බර්ගන්-බෙල්සන් වධකාගාරයට මාරු කර යවන ලදී. එහිදී ඇගේ ජනපි‍්‍රය දඬුවම් ක‍්‍රමය වූයේ සිරකරුවන් වැලි මත දණ ගස්වා හිසට විශාල ගල් කුට්ටියක් රඳවා තැබීමයි. දැඩි හිමපතනය සිදු වෙන කාලවලදී ඔවුන් එළිමහනේ සිටුවා තබන ලදී.

    කෙසේ වුණත් මේ ආමානුෂික පාලිකාවට දිගින් දිගටම සිය කෲරකම් කි‍්‍රයාත්මක කිරීමට ඉඩ ලැබුණේ නැත. දෙවැනි ලෝක යුද්ධය ජර්මානුවන්ට අවාසි සහගත විය. 1945 වසරේ අපේ‍්‍රල් මාසයේදී බි‍්‍රතාන්‍ය සොල්දාදුවන් විසින් ඇය අත්අඩංගුවට ලත් අතර බෙල්ගන් යුද අපරාධ නඩුවේ 9 වැනි වගන්තිය යටතේ ඇය වරදකාරිය බවට ප‍්‍රකාශ විය. එහෙත් ඉර්මාට මේ වෙනුවෙන් අභියාචනා කිරීමට ඉඩක් තිබුණි. ඒ ඇය මේ සියලූ කෲර වධ හිංසන පමුනුවනු ලැබුවේ පරිපාලකයන්ගේ අණක් නිසා මෙන්ම රට වෙනුවෙන් වූ සේවයක් ලෙසින්ය. එහෙත් ඉර්මා සමාව වෙනුවෙන් කෙළ බිඳක්වත් වැය කළේ නැත. තීන්දුව ඉදිරියේ නොසැලී සිටියාය. මරණ දඬුවම ක‍්‍රියාත්මක වීමට පෙර දිනයේ ඉර්මා ඇගේ තවත් කෲර මිතුරියක වූ ‘‘එලිසබෙත් වොල්කෙන්රාත්’’ සමග එක්ව ගී ගයමින් සතුටු වූවාය.

    1945 වසරේ දෙසැම්බර් 13 වැනි දින විසි දෙහැවිරිදි වියේ පසු වුණ ඉර්මා ගි‍්‍රස් එල්ලා මරණයට පත් කරන ලදී. මේ වෙන විට මරණ දඬුවම ලැබූ ළාබාලතම නාසි අපරාධකාරිය ඇයයි.

    පුන්‍යා චාන්දනි ද සිල්වා

    https://divaina.com/sunday/index.php/visheshanga2/14654-hnb-2020-3-160
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    හිට්ලර් තමන්ට අවශ්‍ය අය හොයාගන්න පුදුම හැකියාවක් තිබු කෙනෙක් නේද ?

    මේ වගේ අමානුෂික ක්‍රියා සිදුකර තෘප්තිමත්වන අය අදද අප සමාජයේ ඇත. ප්‍රසිද්ධ චරිතද ඇත.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,886
    4,287
    113
    හිට්ලර් තමන්ට අවශ්‍ය අය හොයාගන්න පුදුම හැකියාවක් තිබු කෙනෙක් නේද ?

    මේ වගේ අමානුෂික ක්‍රියා සිදුකර තෘප්තිමත්වන අය අදද අප සමාජයේ ඇත. ප්‍රසිද්ධ චරිතද ඇත.

    කවුද බන් ??
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිට්ලර් තමන්ට අවශ්‍ය අය හොයාගන්න පුදුම හැකියාවක් තිබු කෙනෙක් නේද ?

    මේ වගේ අමානුෂික ක්‍රියා සිදුකර තෘප්තිමත්වන අය අදද අප සමාජයේ ඇත. ප්‍රසිද්ධ චරිතද ඇත.
    o_O