ලසිත් මාලිංග ශ්රී ලංකා එක්දින, T20 නායකත්වය&#
සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග වහාම ක්රියාත්මක වන පිරිදි ශ්රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත. මේ දක්වා දිනේෂ් චන්දිමාල් එම කණ්ඩායම් දෙකේම තාවකාලික නායකයා වශයෙන් කටයුතු කළ අතර මේ අනුව චන්දිමාල් එම තනතුරින් ඉවත්වනු ඇත.
එසේම එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙකේ උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව ඇති අතර ඔහු කලක් මුළුල්ලේ ශ්රී ලංකා සංවර්ධන කණ්ඩායමේ ද නායකත්වය දැරීය. නවසීලන්තය සමග තරඟාවලියේ සිට මෙම පත්වීම ක්රියාත්මක වනු ඇති අතර 2019 ලෝක කුසලානය ඉලක්ක කරගෙන කණ්ඩායමේ සිදුකරන වෙනස්කම් යටතේ මෙම නායකත්වය පැවරීම් සිදුකර ඇති බව වාර්තා වේ.
නව තේරීම් කමිටුව යටතේ ඇන්ජෙලෝ මැතිව්ස් නැවත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමට එක්කිරීමේ සූදානමක්ද පවතින බව සැලවේ. එසේම පුහුණුකාරිත්වයේදී සුවිශේෂ වෙනස්කම් කිහිපයක් පසුගිය දිනවලදී කරණු ලැබීය
මූලාශ්රය - https://her.lk/latest-news/904-breaking-news-t20