ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලසිත් මාලිංග විසින් කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද(27) පෙරවරුවේ රැස්වුණු විධායක කමිටුව විසින් මෙම තීරණය ගත් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පවතින ගිවිසුම් කඩ කරමින් මාධ්‍යයට අදහස් දක්වා මතභේදාත්මක කරුණු ප්‍රකාශ කිරීම ඔහුට එරෙහිව මෙසේ විනය පරීක්ෂණයක් පැවැත්වීමට හේතුව වී තිබේ.
මාලිංග අවස්ථා දෙකකදී එසේ කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා නීතිවේදී අසේල රැකව විනය කමිටුව නියෝජනය කරන අතර, එහි සභාපති ලෙස අසේල රැකව මහතා කටයුතු කරයි.
මේ පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ඉල්ලා අස්වීම, ජාතික කණ්ඩායම සඳහා අතුරු පුහුණුකරුවෙකු පත්කිරීම, 23න් පහළ පළාත් ක්‍රිකට් තරඟාවලිය හා සිම්බාබ්වේ කණ්ඩායමෙ ශ්‍රී ලංකා තරඟ සංචාරය පිළිබඳව සකච්ඡා කිරීම සඳහා අද (27දා) රාත්‍රී 7.00ට විශේෂ විධායක කමිටු රැස්වීමක් කැඳවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ

ඉතිං බල්ලො වගේ බලං ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ 