ලාංකිකයින් ළඟදි කල ලොකුම මෝඩකම් 5ක්. ඔබත් ක&#3

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලාංකිකයින් ළඟදි කල ලොකුම මෝඩකම් 5ක්. ඔබත් ක&#3

    ලාංකිකයින් ළඟදි කල ලොකුම මෝඩකම් 5ක්. ඔබත් කරලා තියෙනවාද?

    අපි අතීතෙ කරපු දේවල් වර්තමානේදී කල්පනා කරලා බලනකොට සමහර දේවල් හරි මෝඩ වැඩ වගේ දැනෙනවා නේද? අපි අනාගතයේදීත් මේ වර්තමානේ කරපු වැඩ හරිම ගොන් පාට විදියට පෙනෙන්නට ගනීවි. මේ කියන්න යන්නෙත් ඒ කාලෙ හරි විදියට පෙනුන ඒත් දැන් අමුතු වැඩ වගේ පෙනෙන දේවල් කිහිපයක් ගැනයි.

    1. කාර් විකුණා ෆෝන් ගැනීම.
    Source - news.discovery.com

    මේක වෙන්නේ 90 දශකය මැද හෝ අගභාගයේ. මතකද ඉස්සරම ආවා ගඩොල් බාගේ කියලා හඳුන්වපු ෆෝන් එකක්. මම හිතන්නේ ඒ ෆෝන් එක නිපදෙව්වේ මොටෝරෝලා සමාගමෙන්. ඒකාලෙ තිබුන ජංගම දුරකථන ජාලයේ නම සෙල්ටෙල්. ඉස්සර ෆෝන් එකත් හැඳින්නුවේ සෙල්ටෙල් කියන නමින්ම තමා. මේ ෆෝන් එකක් මිලෙන් රුපියල් 100000 පැන්නා ඒ කාලෙ. ඉන්කමින් වලටත් සල්ලි ගෙවපු අපි මේ ෆෝන් අයිති කරගන්න පුදුම උත්සහයක් දුන්නෙ.

    ඒ කාලේ සාමාන්‍ය කොරොල්ලා කාර් එකකුත් විකුණුවේ රුපියල් 125000 කට විතර. ඉතින් සමහරු තමන්ගෙ කාර් එක විකුනලා ෆෝන් එකක් ගත්තු අවස්ථා ඒකාලේ සමාජයේ ඕන තරම් තිබුනා. මේකට ප්‍රධානතම හේතුව වුනේ ඒ කාලේ ෆෝන් එකක් අතේ තියෙනවා කියන්නේ එය ඔහුගේ / ඇයගේ සමාජ තත්ත්වය මනින හොඳ මෙවලමක් වීම.

    2. සල්ලි උනන පිරමිඩ් ක්‍රම.

    තවමත් මේ ක්‍රම ග්‍රාමීයපැති වල හොර රහසේ කෙරෙනවා. මේ වෙනකොට මහබැංකුවෙන් මෙවැනි දේවල් කරන එක තහනම් කරේ එක හේතුවක් නිසා – ඒ තමයි, මෙහි උපරිම ප්‍රතිලාභ ලැබෙන්නේ ජාලයේ උඩම ඉන්න කිහිප දෙනාට විතරක් වෙන එක. බොහෝ දෙනෙකුගෙන් මුදල් අරගෙන ඉහලම තලයේ ඉන්න කිහිපදෙනෙක් සතුටු කරන්නේ මොකටද?

    ඒ කාලේ ග්ලෝබල් මනී, ගෝල්ඩ් ක්වෙස්ට් වගේ එක එක නම් වලින් මේ ව්‍යාපාර පටන් ගත්තා. ඒවාට පුදුම විදියට මිනිස්සු ආයෝජනය කරන්න පටන් ගත්තා. මහා බැංකුවෙන් මේ දේවල් තහනම කරනකොට ඒ ව්‍යාපාර කරපු අය අතුරුදහන් උනේ අර අහිංසක ආයෝජකයින්ගේ සල්ලිත් අරගෙන.

    3. සක්විති සහ දඬුවම් මුදලාලි.

    මේ දෙන්නා ගාවම සල්ලි ආයෝජනය කරලා මහමග විතරක් ඉතුරු වෙච්චි මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ අතරේ ලංකාවේ නමගිය ධන කුවේරයින් නැත්තේත් නැහැ. සක්විතිගේ සහ දඬුවම් මුදලාලිගේ තියරිය හරි සරලයි. අධික පොලියක් දෙන බව කියලා අනුන් ලවා මුදල් ආයෝජනය කරගන්නවා. ඒ වගේම ඔවුන් පොලිය විදියට අලුතෙන් බැඳෙන අය ආයෝජනය කරන මුදල කලින් හිටපු කට්ටියට ගෙවනවා. මේ චක්‍රය මෙහෙමම තමයි. ව්‍යාපාරය ගෙන යන මිනිහ ආයෝජකයින්ගෙ සල්ලිවලින් යස අගේට ඉන්නව.

    හැබැයි එක තැනක හරි හිරවීමක් වුනොත් – ආයෝජකයින් බොහෝ දෙනෙක් එකවර ආයෝජනය කර මුදල් නැවත ඉල්ලීම – මේ චක්‍රය බිඳ වැටිලා මුළු ආයෝජකයින් සියල්ලටම මුදල් නැතිවෙනවා. මේ දෙදෙනාට උනෙත් අන්න ඒකයි.

    4. ඇන්ත්‍රැක්ස් වෛරසය හෙවත් පවුඩර් ලියුම.

    මේක ලංකාවට ආවේ අල්කයිඩා ත්‍රස්තයින් ඇමෙරිකාවේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ප්‍රහාර එල්ල කරන්න කලින්. වෛරසය එන්නේ ලියුමක මාර්ගයෙන්ලු. විවෘත කරලා බැලුවම පවුඩර් වගේ දෙයක් අතේ ගෑවෙනවා නම් බොහෝ අවස්ථා වල වෛරසය ශරීර ගත වුනා කියලයි කියන්නේ.

    මේක අල්ල ගත්තු අපේ අයියලා, ඒ අයගේ තරහා කාරයින්ගේ ගෙදර වලට පවුඩර් දාපු ලියුම් කවර ඇරලා. ප්‍රවෘත්ති වලින් මේ ගැන අවධානයෙන් සිටින බොහෝදෙනා බයවෙලා රෝහල් ගත වූ බවට ඒකාලේ පත්තරවලත් වාර්තා පළවුනා.

    5. සිග්නල් / SR ෆ්රෙශ්මින්ට් වලිය.

    90 දශකයේ මුල හෝ 80 දශකය අග හරියේදී අපි දත් බෙහෙත් විදියට්ට පාවිච්චි කලේ සිග්නල් ටුත්පෙස්ට් එක තමයි. තවමත් දත්බෙහෙත් වෙළඳපොලෙන් වැඩි අගයක් අරගෙන තියෙන්නේ සිග්නල් වලින් තමයි. ටික කාලෙකට පස්සේ තව දත් බෙහෙතක් ආවා. එකේ නම SR. ඒ කාලේ ඇඩ් වලත් ගියේ “රතුයි සුදුයි දත් බෙහෙත් වලට වඩා කොළපාට දත් බෙහෙත් තමයි හොඳම” වගේ කතා. ඉතින් සමහරු සිග්නල් ගන්නකොට තවත් අය SR වලට හුරු උනා. එත් මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ දෙකම නිපදවන්නේ එකම සමාගමකින් කියලා.

    මේ වගේ සුන්දර අමුතු වැඩ ඔබටත් අනිවා මතක ඇති. ඒවා කොමෙන්ටුවක් විදියට දාලා ගියා කියලා අපිනම් තරහා වෙන්නේ නැහැ ඔන්න.

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලොකුම මෝඩකම යහපලානේ කියල හිටපු හොරුයි හිටපු වදකයෝයි පාවදෙන්නොයි ජාතියට ආදරයක් නැති අවජාතකොයෝයි කොලු කාරයොයි පත්කරගත් එක:(
     
    • Like
    Reactions: Podi Dagaya

    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    :yes:
    මරුසිරා;19695531 said:
    ලොකුම මෝඩකම යහපලානේ කියල හිටපු හොරුයි හිටපු වදකයෝයි පාවදෙන්නොයි ජාතියට ආදරයක් නැති අවජාතකොයෝයි කොලු කාරයොයි පත්කරගත් එක:(
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    5. සිග්නල් / SR ෆ්රෙශ්මින්ට් වලිය.
    90 දශකයේ මුල හෝ 80 දශකය අග හරියේදී අපි දත් බෙහෙත් විදියට්ට පාවිච්චි කලේ සිග්නල් ටුත්පෙස්ට් එක තමයි. තවමත් දත්බෙහෙත් වෙළඳපොලෙන් වැඩි අගයක් අරගෙන තියෙන්නේ සිග්නල් වලින් තමයි. ටික කාලෙකට පස්සේ තව දත් බෙහෙතක් ආවා. එකේ නම SR. ඒ කාලේ ඇඩ් වලත් ගියේ “රතුයි සුදුයි දත් බෙහෙත් වලට වඩා කොළපාට දත් බෙහෙත් තමයි හොඳම” වගේ කතා. ඉතින් සමහරු සිග්නල් ගන්නකොට තවත් අය SR වලට හුරු උනා. එත් මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ දෙකම නිපදවන්නේ එකම සමාගමකින් කියලා.
    oya raththi kiri pitiy ancor kiripitith ohom kes ekk ne
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මරුසිරා;19695531 said:
    ලොකුම මෝඩකම යහපලානේ කියල හිටපු හොරුයි හිටපු වදකයෝයි පාවදෙන්නොයි ජාතියට ආදරයක් නැති අවජාතකොයෝයි කොලු කාරයොයි පත්කරගත් එක:(

    මේක ඉතින් අමුතුවෙන් කියන්නම ඕනේ නැති නිසා මම අමේතන කිඋවේ නෑ

    මට හුතුන කවුරු හරි කියවී කියලා බ්රෝ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    +ගොඩයි.දැන් කට්ටියට යහපාලනේ එපා වෙලා තියෙන්නේ.ඔන්න මගෙනුත්.:)
     
    • Like
    Reactions: toiya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    මරුසිරා;19695531 said:
    ලොකුම මෝඩකම යහපලානේ කියල හිටපු හොරුයි හිටපු වදකයෝයි පාවදෙන්නොයි ජාතියට ආදරයක් නැති අවජාතකොයෝයි කොලු කාරයොයි පත්කරගත් එක:(

    මෑත ඉතිහාසයේ නියම ගොන් වැඩේ.

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මරුසිරා;19695531 said:
    ලොකුම මෝඩකම යහපලානේ කියල හිටපු හොරුයි හිටපු වදකයෝයි පාවදෙන්නොයි ජාතියට ආදරයක් නැති අවජාතකොයෝයි කොලු කාරයොයි පත්කරගත් එක:(

    shirawata ban.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මරුසිරා;19695531 said:
    ලොකුම මෝඩකම යහපලානේ කියල හිටපු හොරුයි හිටපු වදකයෝයි පාවදෙන්නොයි ජාතියට ආදරයක් නැති අවජාතකොයෝයි කොලු කාරයොයි පත්කරගත් එක:(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මරුසිරා;19695531 said:
    ලොකුම මෝඩකම යහපලානේ කියල හිටපු හොරුයි හිටපු වදකයෝයි පාවදෙන්නොයි ජාතියට ආදරයක් නැති අවජාතකොයෝයි කොලු කාරයොයි පත්කරගත් එක:(

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොකුම මෝඩකම යහපලානේ කියල හිටපු හොරුයි හිටපු වදකයෝයි පාවදෙන්නොයි ජාතියට ආදරයක් නැති අවජාතකොයෝයි කොලු කාරයොයි පත්කරගත් එක:(
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මරුසිරා;19695531 said:
    ලොකුම මෝඩකම යහපලානේ කියල හිටපු හොරුයි හිටපු වදකයෝයි පාවදෙන්නොයි ජාතියට ආදරයක් නැති අවජාතකොයෝයි කොලු කාරයොයි පත්කරගත් එක:(

    :yes::yes::yes::yes::yes:
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    මතකද ඒ කාලෙ පාවිච්චි කරපු දත් බෙහෙත් කුඩ? මට නම මතක නෑ. කඩදාසි පෑකට් එකක අවේ. එකනම් මරු. දෑන් එවා හොයාගන්න නෑ නෙ.:no::no:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ""ලොකුම මෝඩකම යහපලානේ කියල හිටපු හොරුයි හිටපු වදකයෝයි පාවදෙන්නොයි ජාතියට ආදරයක් නැති අවජාතකොයෝයි කොලු කාරයොයි පත්කරගත් එක""

    LOL
     
    Aug 12, 2012
    4,169
    652
    0
    me list ekata thawa lankikayan karapu thawa moda kamak ekathu karanna thiyenawa.

    number 6. Samaharak Minissu Car Van Vikunala Office Daala Karapu Seagull Copy Paste Job Eka :lol: