ලාංකික ජනතාවට මැජික් පෙන්නු දුරකථන මයිටා

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ලාංකික ජනතාවට මැජික් පෙන්නු දුරකථන මයිටා

    ලාංකික ජනතාවට මැජික් පෙන්නු දුරකථන මයිටා අතේ පත්තු වෙයි
    Virus-HP.jpg
    දූවිලි සහිත ඕනෑම අපිරිසුදු පරිසරයකදී මෙවැනි මයිටාවන් ජංගම දුරකථනවලට ඇතුළු විය හැකියි...
    ලාංකික ජනතාවට මැජික් පෙන්නීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය පතළ කොට හැරිය ජංගම දුරකථන මයිටා කතාව අසත්‍යක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    මෙය මිනිසුන් මුලාවට පත් කිරීම සඳහා අතිශයෝක්තියෙන් ගොතන ලද කථාවක් බව මුල් වරට ප්‍රසිද්දියේ පවසන ලද්දේ අමිල ගුණරත්න මහතා විසිනි. ජංගම දුරකථන මයිටා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනය දිනමිණ පුවත්පත වාර්තා කලේ මෙසේය.

    ජංගම දුරකථන ආශ්‍රිතව මයිටා වර්ගයේ කෘමියකු බෝවී ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බැවින් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවට දැනුම් දෙයි. සිද්ධියට මුල්වී ඇති ජංගම දුරකථනයට මයිටාව ඇතුළුවී ඇත්තේ බාහිරින් බවත්, එම සතා කිසිසේත්ම ජංගම දුරකථනයෙහි ඇතිවූවකු නොවන බවත් අමාත්‍යංශය පවසයි.

    එසේම දූවිලි සහිත ඕනෑම අපිරිසුදු පරිසරයකදී මෙවැනි මයිටාවන් ජංගම දුරකථනවලට ඇතුළු වියහැකි බවද පෙන්වා දෙයි. වෛද්‍ය පර්යේෂණායතනයේ සේවකයකුගේ දුරකථනයෙන් හමුවූ මයිටාවා ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු තැනක භාවිතාවන ජංගම දුරකථනයකින් මෙතෙක් සොයාගෙන නැති බවද සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.
    :P

    Copied by hotandfastnews:rofl: