ලාංකික තරුණයා ඝාතනය
ලාංකික තරුණයාගේ ඝාතනයේ සැකකරු උසාවියේදී සමාව ඉල්ලයි
බ්‍රිතාන්‍යයේ පීසා අවහන්හලක රියදුරෙකු වශයෙන් සේවය කරමින් තොරතුරු තාක්ෂණ උපදේශකවරයෙකු වීමට සිහින මැවූ ලාංකික තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙකු උසාවියේදී වරද පිළිගෙන තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත්තේ කෂීම් අහ්මඩ් නැමැති 18 හැවිරිදි තරුණයෙකි.
ඔහු බ්‍රිතාන්‍යයේ ඩානෝල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසෙයි.
ඔහු අතින් ඝාතනයට ලක්ව ඇත්තේ තවීෂ ලකිඳු පීරිස් නැමැති ශ්‍රී ලාංකික තරුණයෙකි.
තොරතුරු තාක්ෂණ උපදේශකවරයෙකු ලෙස රැකියාවක් කිරීමට සිතා ශ්‍රී ලංකාවේ සිට වැඩිදුර අධ්‍යාපනයට තවීෂ 2011 වසරේදී බ්රිතාත්යයට ගොස් ඇත.
එසේ ගිය ඔහු බ්‍රිතාන්‍යයේ හලාම් සරසවියේ එම පාඨමාලාව හදාරමින් සිට තිබිණ.
එසේම ඔහු අමතර රැකියාවක් වශයෙන් ෂෙෆීල්ඩ් ප්‍රදේශයේ පීසා අවහන්හලක රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී ඉකුත් වසරේ ඔක්තෝබර් 27දා ඝාතනයට ලක්ව තිබුණි.
පපුවේ පිහි ඇනුම් තුවාල සහිතව පීසා ප්‍රවාහනය කළ වාහනය තුළම ඔහු මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබිණ.
අදාළ නඩුව ඊයේ කැඳවා තිබූණි.
එම අවස්ථාවේදී මෙම ඝාතනයේ තවත් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති ෂම්රාසේ කාන් (25) නැමැත්තා උසාවියේදී සිය නම පමණක් හෙළි කර ඇති අතර තමන් මෙම ඝාතනයට සම්බන්ධ නැති බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලාංකික තරුණයාගේ ඝාතනය සිදුවූ දිනම සිදුව ඇති සොරකම් සිද්ධි දෙකකට ද මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු සම්බන්ධ බවද කියැවෙයි.
නඩු විභාගය අදත් සිදු කිරීමට නියමිත අතර විත්තිකරුට දඬුවම් නියම කිරීමට ද නියමිත බව සඳහන්ය.
අදදෙරනබ්රිතාන්යයේ පීසා අවහන්හලක රියදුරෙකු වශයෙන් සේවය කරමින් තොරතුරු තාක්ෂණ උපදේශකවරයෙකු වීමට සිහින මැවූ ලාංකික තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙකු උසාවියේදී වරද පිළිගෙන තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත්තේ කෂීම් අහ්මඩ් නැමැති 18 හැවිරිදි තරුණයෙකි.
ඔහු බ්‍රිතාන්‍යයේ ඩානෝල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසෙයි.
ඔහු අතින් ඝාතනයට ලක්ව ඇත්තේ තවීෂ ලකිඳු පීරිස් නැමැති ශ්‍රී ලාංකික තරුණයෙකි.
තොරතුරු තාක්ෂණ උපදේශකවරයෙකු ලෙස රැකියාවක් කිරීමට සිතා ශ්‍රී ලංකාවේ සිට වැඩිදුර අධ්‍යාපනයට තවීෂ 2011 වසරේදී බ්රිතාත්යයට ගොස් ඇත.
එසේ ගිය ඔහු බ්‍රිතාන්‍යයේ හලාම් සරසවියේ එම පාඨමාලාව හදාරමින් සිට තිබිණ.
එසේම ඔහු අමතර රැකියාවක් වශයෙන් ෂෙෆීල්ඩ් ප්‍රදේශයේ පීසා අවහන්හලක රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී ඉකුත් වසරේ ඔක්තෝබර් 27දා ඝාතනයට ලක්ව තිබුණි.
පපුවේ පිහි ඇනුම් තුවාල සහිතව පීසා ප්‍රවාහනය කළ වාහනය තුළම ඔහු මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබිණ.
අදාළ නඩුව ඊයේ කැඳවා තිබූණි.
එම අවස්ථාවේදී මෙම ඝාතනයේ තවත් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති ෂම්රාසේ කාන් (25) නැමැත්තා උසාවියේදී සිය නම පමණක් හෙළි කර ඇති අතර තමන් මෙම ඝාතනයට සම්බන්ධ නැති බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලාංකික තරුණයාගේ ඝාතනය සිදුවූ දිනම සිදුව ඇති සොරකම් සිද්ධි දෙකකට ද මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු සම්බන්ධ බවද කියැවෙයි.
නඩු විභාගය අදත් සිදු කිරීමට නියමිත අතර විත්තිකරුට දඬුවම් නියම කිරීමට ද නියමිත බව සඳහන්ය.
බම්පියක් නැද්ද?