ලාංකික_වොන්ඩ_වුමන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලාංකික_වොන්ඩ_වුමන්

දිරිය කාන්තාව: ඉරණමට අභියෝග කළ ලාංකික "වොන්ඩ වුමන්"



_106271943_63f6ac60-ec53-4882-afc6-b43948ae8c76.jpg





"ඒ 2015 වසරේ සැප්තැම්බර් මාසේ දවසක් මම යහළුවෙක් එක්ක විල්පත්තුවේ ගියා. ටිකක් දුරක් ඇවිදින කොට යහළුවා කිව්වා මගේ මුහුණ නිල් පාට වෙලා කියලා. මම කිව්වා වීස් එක නිසා වෙන්න ඇති කියලා. මගේ මිතුරා පයිලට් කෙනෙක්. එයා කිව්වා මෙහෙම වෙන්නේ මොළයට ඔක්ෂිජන් සැපයුම මදි වෙන නිසා කියලා." මෙසේ බීබීසී සිංහල සේවය හා පැවසු ඇයගේ නම ශවිනි ප්‍රනාන්දු. වයස අවුරුදු 36ක් වන ශවිනි නුවර වත්තේගම පදිංචිකාරියකි. මේ දිනවල ඇමෙරිකාවේ ජීවත්වන ඇය, ඇමෙරිකානු වෛද්‍යවරුන් විසින් හඳුන්වන්නේ වොන්ඩ(ර්) වුමන් (Wonder Woman) නමිනි. ඒ, ඇය තම දෛවයට මෙන්ම වෛද්‍ය විද්‍යාවට ද අභියෝග කළ දිරිය කාන්තාවක් බැවිණි. විල්පත්තුවේදී අසනීප වූ ශවිනි නැවත සිය නිවසට පැමිණි පසු දෙමව්පියන් සමග නුවර ප්‍රධාන වෛද්‍යවරයෙක් හමුවී තිබේ.


"වෛද්‍ය වාර්තා බැලීමෙන් අනතුරුව ඔහු මාව යොමු කළා කොළඹ වෛද්‍යවරයෙක් වෙත. මම ලංකා හොස්පිටල් එකට ඇඩ්මිට් වුණා. එහිදී මගේ හෘදය සහ පෙනහලු පරීක්ෂා කරලා වෛද්‍යවරයා කිව්වා මගේ හදවතේ සිදුරක් කියලා." "එසේම ඔහු කිව්වා මට තව ජීවත් වෙන්න පුළුවන් අවුරුදු දෙකයි කියලා" ශවිනි පැවසීය. "වෙනත් රටකට ගොස් පරීක්ෂා කර බලන්නද කියා විමසු විට එම වෛද්‍යවරයාට තරහ ගියා. ඔහු කිව්වේ කොහේ ගියත් මගේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ කියලයි." "මට දුක හිතුනා. තරහකුත් ආවා. 'හොඳයි ඩොක්ටර් මම අවුරුදු දෙකකින් ඇවිත් හායි කියන්නම් කියලා' මම මගේ කාමරයට ආවා," ශවිනි අතීතය මතක් කරමින් පැවසීය.

රෝග විනිශ්චය


_106271947_e9e47e06-ddb2-4155-ba56-123ea7ad32e5.jpg



"මම තව අවුරුදු කිහිපයක් කොහොම හරි අල්ලා ගෙන ඉන්නවා" - ශවිනි ප්‍රනාන්දු

ශවිනි ගේ නැගණිය මේ වනවිට ඇමෙරිකාවේ වාසය කරයි. ඇයගේ බල කිරීම මත එක්සත් ජනපදයට ගොස් එහි ප්‍රධාන රෝහලක් වන ජෝන් හොප්කින්ස් (John Hopkins) රෝහලට ඇතුළත් වී පරීක්ෂණයකට සහභාගී වීමට ශවිනි තීරණය කළාය. "මම ප්ලේන් එකේ ගියේ ඔක්ෂිජන් ළඟ තියාගෙන. ඇමෙරිකාවට ගිහිල්ලා දින කිහිපයකින් අවශ්‍ය ප්‍රතිකාර ගත්තා." එහිදී වෛද්‍ය මතය වුයේ ඇය අයිසන්මෙන්ජර් සින්ඩ්‍රෝම් (Eisenmenger's Syndrome) නම් දුර්ලභ රෝගී තත්ත්වයෙන් පෙළෙන බවය. උත්පත්තියේ සිට ඇතිවන හෘද රෝගී තත්ත්වයක් නිසා එය ඇතිවෙන බව වෛද්‍යවරු තමාට පැවසු බව ඇය පැවසීය. එහිදී හෘදය වස්තුවේ ඇතිවන අධික පීඩනය හේතුවෙන් පෙනහලුවලට සහ හෘදය වස්තුවට හානි වීමෙන් එම රෝගී තත්ත්ත්වය ඇතිවන ආකාරය ගැන වෛද්‍යවරු ශවිනි ට හෙළිකර තිබේ. "මට අවුරුදු 33ක් වෙනකම් ලංකාවේ මොනම වෛද්‍යවරයෙකුටවත් මගේ තත්ත්වය සොයා ගන්න බැරි වුණා. මගේ අම්මයි තාත්තයි මාව නොපෙන්වපු විශේෂඥ වෛද්‍යවරයෙක් නෑ. ඔවුන් හැමවිටම කිව්වේ මට වීස් එක කියලා"

ඇමෙරිකාවට යෑමෙන් පසු ජෝන් හොප්කින්ස් රෝහලේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඇය සති 6ක් පමණ ප්‍රතිකාර ලැබීය. "මට මුලදී අඩි 300 - 400ක් වත් ඇවිදින්න අමාරුයි. හරියට මහන්සිය දැනෙනවා. නමුත් දැන් මට අඩි 2,000ක් විතර ඇවිදින්න පුළුවන්" ඇය ඇමෙරිකාවට යෑමට පෙර බ්‍රිතාන්‍යයේ පෝට්ස්මත් (Portsmouth) විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු උපාධිය හදාරා ඇති අතර ඉන්පසුව ඔස්ට්‍රේලියාවේ එඩිත් කැවොන් (Edith Cowan) විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියක් ද හදාරා තිබේ. තම රෝගී තත්ත්වය නිසා ඇමෙරිකාවට පැමිණි ශවිනි නිකරුණේ කාලය ගත කිරීමට අකමැති වුවාය. ඒ අනුව ඇය ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයට ඇතුළු වී සන්නිවේදනය, සංස්කෘතිය සහ තාක්ෂණය යන විෂයයන් යටතේ පශ්චාත් උපාධියක් හැදෑරීමට තීරණය කළාය. "මම එම විශ්වවිද්‍යාලයට යෑමට තීරණය කළේ මට අවශ්‍ය ආකාරයට විෂය මාලාව සාදා දීමට ඔවුන් එකඟ වූ නිසා," බව ඇය පැවසීය.

නව නිර්මාණය


_106271949_a176a11b-e69a-4a01-b010-e487743f2fa5.jpg



ඇය ඇවිදින්නේ ඔක්සිජන් ටැංකිය සමගය


දිනක් ඇය විශ්වවිද්‍යාලයේ සිටින විට ඇයගේ මුහුණ ප්‍රදේශය නිල් පාටවනු මිතුරන් දැක ඇත. එසේ වන්නේ මොළයට ඔක්ෂිජන් ගමනා ගමනය අඩුවීම නිසා බව ශවිනි දනී. "ඇත්තෙන්ම මගේ හදවතේ ක්‍රියාකාරීත්වය නැවතුනා. මම දන්නවා මට විනාඩි තුනක් තියෙනවා මොළයට වෙන හානිය වළක්වා ගැනීමට. මගේ පපුවට මම ම හයියෙන් ගහගත්තා. එතකොට තත්ත්වය ප්‍රකෘති වුණා," තම බියකරු අත්දැකීමක් හෙළිදරව් කරමින් ඇය කීවේය. ඉන්පසු ඇය විශ්වවිද්‍යාලයට හෝ වෙනත් ඕනෑම ස්ථානයකට යන්නේ ඔක්ෂිජන් ටැංකියක් ද අතේ දරා ගෙනය.


මේ ගැන දිගින් දිගටම කල්පනා කරමින් සිටින විට ඇයට අපුරු අදහසක් පහළ වී තිබේ. එනම් තම හෘදය වස්තුවට ඔක්ෂිජන් සැපයුම අඩු වූ විට එය තමාට ඇඟවීමට යම් උපකරණයක් නිපදවිය යුතු බවය. "මම මේ ගැන මගේ වෛද්‍යවරයාට විහිලුවට වගේ කිව්වා. එක වෙන කෙනෙක් නිර්මාණය කිරීමට පෙර එය කරන ලෙස ඔහු මට උපදෙස් දුන්නා," ශවිනි පැවසුවා. 'OxiWear' නම් උපකරණය එහි ප්‍රථිඵලයකි. එහි පේටන්ට් බලයද ඇයට හිමිය. "මම මෘදුකාංග ඉංජිනේරුවරයෙක් නිසා මට මෙම නිර්මාණය කිරීම පහසු වුණා" ඒ අනුව 2018 වසර නිමවීමට පෙර එම උපකරණයේ ආදර්ශකයක් (prototype) නිර්මාණය කිරීමට ඇය සමත් වුවාය. එම උපකරණය රෝගී පුද්ගලයාගේ කණකට සවිකර කර එමගින් නිකුත් කෙරෙන පණිවුඩ එම පුද්ගලයාගේ ජංගම දුරකථනය හා සම්බන්ධ වේ. "යම් අවස්ථාවක මගේ ඔක්ෂිජන් ප්‍රමාණය අඩුවෙලා හදවතේ ක්‍රිකාරීත්වය නැවතුනොත් මගේ ජංගම දුරකථනය හරහා 911 එකට පණිවුඩයක් නිකුත් වෙනවා" තමා නිර්මාණය කළ උපකරණයේ ක්‍රියාකාරිත්වය විස්තර කරමින් ශවිනි පැවසුවාය.


_106271945_d6a83e05-7291-44d0-890e-1d21e40fb99c.jpg



"Bark Tank" ජයග්‍රහණය සමග

ශවිනි තම නිර්මාණය කර ඇත්තේ කෑම කාමරයේදීය. ඉන්පසු විශ්වවිද්‍යාලයේ උනන්දු කිරීම මත ඇය තම නිර්මාණය නව නිර්මාණකරුවන් සඳහා පැවැත්වෙන "Bark Tank" නම් තරගාවලියට ඉදිරිපත් කර තිබේ. එය ජයග්‍රහණය කිරීම නිසා ඇයට ඩොලර් 35,000ක් ලැබිණි. එපමණක් නොව පසුගිය සතියේ ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලය මගින් 2018/2019 වසර සඳහා හොඳම පශ්චාත් උපාධි අපේක්ෂකයා ලෙස ඇයව තෝරාගෙන තිබේ.


_106274832_1d09875d-06db-4982-a10f-205d04263a98.jpg


හොඳම පශ්චාත් උපාධි අපේක්ෂකයා ලෙස ත්‍යාග ලබා


රෝගී තත්ත්වය

කෙසේ වුවත් තව අවුරුදු කිහිපයකින් ශවිනිට හෘද වස්තුව සහ පෙනහලු බද්ධ කළ යුතු බව නිර්දේශ කර තිබේ. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක් අවශ්‍ය වන බව ඇස්තමේන්තු කර ඇත. "මම මේ මුදල සොයන්න ඇවිදින්න පටන් ගත්තා. මේ වෙනකොට ඩොලර් ලක්ෂ හතරකට වැඩිය එකතු වෙලා තිබෙනවා. සමහරු දැන් මට විහිලු කරන්නේ 'One million dollar woman' කියලා" නමුත් එවැනි අවයව බද්ධ කිරීමකට පසු කෙනෙකුට ජීවත් විය හැක්කේ උපරිමව වසර 5ක් බව වෛද්‍යවරුන් ඇයට පවසා තිබේ. ඒ රෝගියාගේ ප්‍රතිශක්ති හැකියාව අවම තත්ත්වයකට පත්කරන බැවිණි. "මේ දිනවල ත්‍රිමාණ පෙනහලු (3D printed) නිර්මාණය සඳහා පරීක්ෂණ පැවැත්වෙනවා. එමගින් ප්‍රතිකාර කරන විට රෝගියාගේ ප්‍රතිශක්ති හැකියාවට සිදුවන බලපෑම අවමයි" තව වසර කිහිපයකින් එම පරීක්ෂණ සාර්ථක වීමට ඉඩ තිබෙන බව වෛද්‍යවරු ශවිනිට පවසා තිබේ.

"මම තව අවුරුදු කිහිපයක් කොහොම හරි අල්ලා ගෙන ඉන්නවා" යනුවෙන් බීබීසී සිංහල සේවය සමග ඇය වැඩිදුරටත් පැවසීය.


BBC NEWS
 
Last edited:

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    පව් කොච්චර බලාපොරොත්තු ටිකක් තියන්ද මෙහෙම ඇවිදින්නෙ..ඉක්මන් සුවය පතනවා!!! බුදු සරණයි!!! :)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    තව ජීවත් වන්න දිරිය දියණිය. ඔය හොර වෙද්දුන්ගේ නම් ලිස්ට් එකත් දැම්මා නම් වටිනවා. බාගෙට ඉගෙන ගෙන සල්ලි පස්සේ දුවන වෙදබාස් ලා...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාර වැඩේ කියන්නෙ පහුගිය දවස් ටිකේ මෙයා ගැන මතක් වුනා.:shocked: කාට හරි මතකද ඉස්සර මෙයාට සල්ලි එකතු කරන්න කැම්පේන් එකක් ගියා. මාර හිතක් තියන කෙනෙක්. :) ඉක්මනින්ම සුව වෙන්න පතනවා. :yes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    පව් කොච්චර බලාපොරොත්තු ටිකක් තියන්ද මෙහෙම ඇවිදින්නෙ..ඉක්මන් සුවය පතනවා!!! බුදු සරණයි!!! :)

    🌎 ලෝකය හරි පුදුමාකාරයි

    රෙප්

    තව ජීවත් වන්න දිරිය දියණිය. ඔය හොර වෙද්දුන්ගේ නම් ලිස්ට් එකත් දැම්මා නම් වටිනවා. බාගෙට ඉගෙන ගෙන සල්ලි පස්සේ දුවන වෙදබාස් ලා...

    මාර වැඩේ කියන්නෙ පහුගිය දවස් ටිකේ මෙයා ගැන මතක් වුනා.:shocked: කාට හරි මතකද ඉස්සර මෙයාට සල්ලි එකතු කරන්න කැම්පේන් එකක් ගියා. මාර හිතක් තියන කෙනෙක්. :) ඉක්මනින්ම සුව වෙන්න පතනවා. :yes:






    :yes::yes::yes::yes::yes:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හම්මට. අපි මොක්කුද කියලත් හිතෙනවා බන් සිරාවටම. :(
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Mehe inna gdk ayata lede mokdda kiyla hoygnna be bn, Spclist la unth danna deyk ne samahara welawata...lankawe ayage awasanwa thmai ithn...
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    This is too emotional. She has that good quality "Never giving up". She'll be alright.. :love:

    God Bless you girl..