ලාංකීය කෑම බිම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ලාංකීය කෑම බිම

    ගොඩක් කල් ඉදන් දාන්න හිටපු වැදගත් යමක් කතාකරන නුලක්. කෙටියෙන් කියන්නම්.

    ලංකාවේ වැඩිහිටියන්ගෙන් බහුතරය high blood pressure,cholesterol, දියවැඩියාව තියෙනවා (දිවයින පත්තරේ ඉලක්කම් එක්ක මේ ගැන ලිපි කිහිපයක විස්තර ගියා). හුගක් දෙනෙක් වාර්ෂිකව medical checkup නොකරන නිසා තමන්ට මේවා තියෙනවා කියල දන්නේ නැහැ. එහෙම නැති කෙනෙක් අද කාලේ හොයාගන්නත් අමාරුයි. මගේ දෙමව්පියන් නැද පිරිස හැමෝටම වගේ මේ තත්වයන් තියෙනවා. මේකට හේතු මොනවද?

    සීයල, ආච්චිලා - කුබුරු වැඩ කරලා, එළවලු කොටුවල වැඩ කල, බර වැඩ කරන අය. ඒ ය අවුරුදු 80-90 ආයු තිබ්බ වැඩි මොකුත් ප්‍රශ්න නැතිව

    අපේ දෙමව්පියන් - රස්සාවල් කල, දවසට km 4-6 පයින් ගිය. ගෙදර දොර වැඩ කල (ළිදෙන් වතුර අරගෙන.. රෙදි හෝදලා.... මුළු දවසෙම මහින්සිවෙලා වැඩ කරපු අය ). මේ අය 40-60 වෙනකොට ලෙඩ එනවා.

    අපි - පයින් ගමන් බොහොම අඩුයි. අඩුමගානේ moterbike, bicycle එකක් වත් තියෙනවා. වැඩි මහන්සියක් නැහැ. කාල බීල ජොලියේ ඉන්නවා. අපේ අනාගතේ ?

    මේකට හේතුව
    (1) lack of exersice
    (2) our food habit

    අපි දෙවන කරණය ගැන කතා කරමු. සමහරු කියන දේ තමයි ලංකාවේ කෑම ගොඩක් ඉස්සර ඉදන් එක healthy foods කියල. එක වැරදියි. ඔය කතාව හරි අපේ සීයලට. ලොකු බත් පිගානක් දවල්ටයි, රැටයි කනවා කියල කුබුරු වැඩ කරන දවසම මහන්සිවෙලා වැඩ කරන මනුස්සයෙක්ට කිසිම ප්‍රස්නයක් නැහැ. අපේ ජීවන රටාව වෙනස්.

    (1) බත් - අපි දවසකට කොපමණ කැලරි ප්‍රමාණයක් ගන්නවද? - සීනි වලට තමයි පෙරලෙන්නේ වැඩි ඒවා. කැකුළු හාල් වඩා සුදුසුයි. බත් ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න
    1749379163-aec86333ed.jpg

    (2) සීනි - දවසට තේ කීයක් බොනවද? ලංකාවේ තරම් සීනි දාල තේ බොන ජාතියක් කොහේ වත් නැහැ. සීනි අඩු කරන්න. මම නම් යන්තම් හැදී බාගයක් දන්නේ. පැණිරස, බීම ජාති ගැන සැලකිලිමත් වෙන්න. sprite is as bad as coca cola (extermly high suger content)

    Tea_Cup.jpg

    (3) තෙල් - කෑම හදන කොට රස ගන්න තෙලින් බදිනවා. තෙල් බාවිතය පුළුවන් තරම අඩු කරන්න. non-stick බජන නම් නම් හුගක් වෙලාවට තෙල් ඕන නැහැ. ලංකාවේ හුගක් අය පටන්ගන්නෙම තෙලින් බැදලා

    images

    (3) ලුණු - මේක තමයි අංක එක blood pressure සදහන් කරන කොට. දානවා ඇතිවෙන්න ලුණු රස ගන්න. ලංකාවේ කීදෙනක් ලුණු අඩුකරගන්න උත්සහ කරනවද?
    images

    (4) butter - මේකත් කෑමවලට එකතු කරනවා. saturated /non-saturated fats/ trans-fats ගැන අපේ ගෘහනියන් කී දෙනක් දැනුවත්ද? butter තෙල් වෙනුවට high temperature බදින්න ගන්නවා (e.g. fried rice), සමහරු රස වැඩියි කියල. හනේ හපොයි

    Butter.jpg

    (5) සුදු පාන් - whole weat කන්න පුළුවන් තරම්.

    (6) කෑම වලට දමන කිරි (e.g. අල හොද්ද) - කිරි බාවිතය අඩු කරන්න

    ඔය රසවත් කෑම තියෙන receipy වල health එක ගැන සැලකිලිමත් වෙලා තියෙනවද? මම කියන්නේ ඉහත දෙවල් කන්න එපා කියල නෙවි. අවබෝදයෙන් ප්‍රමාණය දැනගෙන ප්‍රතිවිපාක දැනගෙන කන්න කියල. තමුන්ගේ කෑම පාලනය කරන්න කියල. අපේ අවාසනාවට ගැනු උදවිය ඕව ගැන සැලකිලිමත් බව ගොඩක් අඩුයි. ඉතාම කෙටියෙන් දැම්මේ. ගොඩක් විස්තර අන්තර්ජාලයේ තියෙනවා. අනිත් යට බලාගන්න bump එකක් දාන්න.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    සිරාවටම ගොඩක් සිංහලුන්ට දියවැඩියාව,ප්‍රෙෂර්,කොලෙස්ටරෝල් වගේ බෝ නොවන රෝග ඇති වෙන්න හේතුව තමයි මේ බිංගු පුත්‍ර කියපු අපේ අහාර රටාව.

    ඉස්සර සිංහලු කාපු විදිහට කන්න ගිහින් වත්මන් සිංහලු අනා ගනී

    මහා කළු සිංහලයා වෙන්න නම් ලොකූ බත් පිගානක් කන්න ඕනා කියන මැටි මෝල් සංකල්පේ.
    බත් ගොඩක් එක්ක ව්‍යංජන ස්වල්පයක් සිංහලු කන්නේ
    ඒ මදිවට මස් කන උන් කුකුල් මස් නම් මුළු කුකුලම කනවා හමේ ඉඳන්
    හරක් මස් කන උන් පීකුදු,මොලේ ඇතුළුව ඔක්කොම කනවා
    වැරදුන තැන මෙතැනයි
    දැන් බලපන් චිනේ, ජපානේ වගේ රටවල උනත් මිනිස්සු බත් කනවා හැබැයි සිංහලු වගේ බත් ගොඩක් එක්ක ව්‍යංජන ටිකක් නෙවි. බත් චුට්ටක් එක්ක එළවලු ගොඩක් , මස් හෝ මාළු සහ සුප් එකක් එහෙම. උන් කොච්චරක් කෘතීම කෑම කනවද.

    සිංහලු හදන්න නම්, සිංහලු නිරෝගී ජාතියක් කරන්න නම් අහාර රටාව වෙනස් කරන්න ඕනා
    අපේ රජ කාලේ ක්‍රම දැන් හරියන්නේ නෑ
    දැන් උන් ඉස්සර උන් වගේ කුඹුරු කොටන්නේ නෑ

    අහාර රටාව වෙනස් කරමු නිරෝගී ජාතියක් බිහි කරමු
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගොඩාක් වැදගත් කරුණු බෙදාගත්තට ස්තූතියි...:D
     
    :yes::yes::yes::yes::yes:

    හරියටම හරි. අපි දැන් ඉදන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔය රටවල්වල හරියට දැන පමණ කෑම අරගෙන තමයි හරියට ඇග හදාගන්නේ. අපේ ගැහැණු පිරිමි බඩ ඇවිල්ල කැතේ බැහැ. බඩ කියන්නේ වැඩිපුර මේදය. heart එකට බුදු සරණයි. මේක ලංකාවේ අපේ ලොකු ප්‍රස්නයක්. මෙහෙ අය දවල්ට කනවා සැලඩ් කොළ ටිකක් සහ දොඩම් ගෙඩියක්
     
    ලංකාව කෙලින්ම හරිත රටක්
    එත් ගොඩක් උන්ගේ කෑම කරෝල,සම්බෝල,පරිප්පු etc..
    වෙන රටවල උන්ගේ කෑම ඇහුවම 90% තියෙන්නේ එළවලු වර්ග, පලතුරු
    අපේ උන් කන එළවලු ටිකත් කන්නේ කසාය වගේ තම්බලා. තියෙන පෝශනේ ඉවරයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ලංකාව කෙලින්ම හරිත රටක්
    එත් ගොඩක් උන්ගේ කෑම කරෝල,සම්බෝල,පරිප්පු etc..
    වෙන රටවල උන්ගේ කෑම ඇහුවම 90% තියෙන්නේ එළවලු වර්ග, පලතුරු
    අපේ උන් කන එළවලු ටිකත් කන්නේ කසාය වගේ තම්බලා. තියෙන පෝශනේ ඉවරයි

    දාන්න පුළුවන් ඔක්කොම කුළු බඩු දාල, 200 C එහෙම වෙනකම් රත් කරලා, කිරි දමල ගත්තම එකේ පෝෂගුණය අඩුයි. මැල්ලුමක් විදියට කන එක තමයි හොද. කොහෙද එකත් උම්බලකඩ ටිකක් දමල බදින්න කල්පනාව. ගොඩක් එළවලු අමුවෙන් කන්න පුළුවන් (තක්කාලි).
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දාන්න පුළුවන් ඔක්කොම කුළු බඩු දාල, 200 C එහෙම වෙනකම් රත් කරලා, කිරි දමල ගත්තම එකේ පෝෂගුණය අඩුයි. මැල්ලුමක් විදියට කන එක තමයි හොද. කොහෙද එකත් උම්බලකඩ ටිකක් දමල බදින්න කල්පනාව. ගොඩක් එළවලු අමුවෙන් කන්න පුළුවන් (තක්කාලි).

    ඒත් ඉතින් අද කාලේ එලවලු වලට දාන වස විස නිසා ඔහොම හොඳට තම්බලා උයන්නේ නැතුවත් කන්න හොඳයිද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඒත් ඉතින් අද කාලේ එලවලු වලට දාන වස විස නිසා ඔහොම හොඳට තම්බලා උයන්නේ නැතුවත් කන්න හොඳයිද?

    එකත් හොද ප්‍රස්නයක්. ඔයාගේ කතාවේ ඇත්තක් තියෙනවා.
    එත් සමහර දේවල් ගෙදර වගා කරන්න පුළුවන් (සැලඩ් කොළ හරිම ලේසියි, ඉක්මනට හැදෙනවා). තක්කාලි වගේ දෙයක් ඔන්නේනම් පිට පොත්ත අයින් කරන්න පුළුවන්. තව දෙයක් chemicals (pesticides) , තැම්බුවා කියල ඒවා නැති වෙන්නේ නැහැ නේද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    ඒත් ඉතින් අද කාලේ එලවලු වලට දාන වස විස නිසා ඔහොම හොඳට තම්බලා උයන්නේ නැතුවත් කන්න හොඳයිද?

    තැම්බුවා කියල වස විස නැති වෙන්නේ නෑ මං හිතන්නේ
    තම්බලකන්න කියන්නේ සමහර බැක්ටීරියා එහෙම විනාශ වෙන්න
    එත් දැන් එළවලු වලට දාන රසායනික නිසා මොන බැක්ටීරියාවක් වත් නෑ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada

    සිරාවටම ගොඩක් සිංහලුන්ට දියවැඩියාව,ප්‍රෙෂර්,කොලෙස්ටරෝල් වගේ බෝ නොවන රෝග ඇති වෙන්න හේතුව තමයි මේ බිංගු පුත්‍ර කියපු අපේ අහාර රටාව.

    ඉස්සර සිංහලු කාපු විදිහට කන්න ගිහින් වත්මන් සිංහලු අනා ගනී

    මහා කළු සිංහලයා වෙන්න නම් ලොකූ බත් පිගානක් කන්න ඕනා කියන මැටි මෝල් සංකල්පේ.
    බත් ගොඩක් එක්ක ව්‍යංජන ස්වල්පයක් සිංහලු කන්නේ
    ඒ මදිවට මස් කන උන් කුකුල් මස් නම් මුළු කුකුලම කනවා හමේ ඉඳන්
    හරක් මස් කන උන් පීකුදු,මොලේ ඇතුළුව ඔක්කොම කනවා
    වැරදුන තැන මෙතැනයි
    දැන් බලපන් චිනේ, ජපානේ වගේ රටවල උනත් මිනිස්සු බත් කනවා හැබැයි සිංහලු වගේ බත් ගොඩක් එක්ක ව්‍යංජන ටිකක් නෙවි. බත් චුට්ටක් එක්ක එළවලු ගොඩක් , මස් හෝ මාළු සහ සුප් එකක් එහෙම. උන් කොච්චරක් කෘතීම කෑම කනවද.

    සිංහලු හදන්න නම්, සිංහලු නිරෝගී ජාතියක් කරන්න නම් අහාර රටාව වෙනස් කරන්න ඕනා
    අපේ රජ කාලේ ක්‍රම දැන් හරියන්නේ නෑ
    දැන් උන් ඉස්සර උන් වගේ කුඹුරු කොටන්නේ නෑ

    අහාර රටාව වෙනස් කරමු නිරෝගී ජාතියක් බිහි කරමු

    hariyatama hari

    ගොඩාක් වැදගත් කරුණු බෙදාගත්තට ස්තූතියි...:D

    good post bro

    Good thread.
    Rep +2

    godak watinawa machan +4

    ස්තූතියි. Mcn

    අහාර රටාව වෙනස් කරමු නිරෝගී ජාතියක් බිහි කරමු

    exactly. This is what we have to do

    100% correct..... REP+6

    Thanks everyone
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    uba kiyala tiyeney eka sahathika atta machan
    Olive oil use karanna puluwan nam salads walata ehema hugak hodai
    Olive oil fry walatath use karanna puluwan.. kathawak tiynewa Olive oil fry karama aake guney nathi wenwa kiyala
    but mama mey lagadi dakka article ekak , aake kiyala thibbe ehema guney wenasak wenne naha kiyala

    anith eka mey Lankawe godak minissu hihtan inne eggs wadiya kanna hoda naha kiyala ,
    tawa samaharu kiyanwa egg yolk(kaha madey ) eka hoda naha kiyala attama ehema ekak naha
    hodata physical workouts karna kenekta yolk 2 wage gattath aulak naha , egg whites(sudu madey ) oona taram ganna puluwan atta eggs wala cholesterol wadi , but blood wala cholesterol profile eka wadi karanne naha anith eka Cholesterol wala warga dekak tiyenwa HDL (High-density lipoprotein ) LDL (Low-density Lipoprotein ) kiyala meke HDL eka tamai hoda eka , aluth ma researches walata anuwa eggs walin HDL .. aa kiyanne hoda cholesterol wadi karanwa :D
    anith eka Bodybuilding supplements walath patta bayak tiyenny lankawe minissu :P
     
    Last edited: