ලාංකීය දේශපාලන ඉතිහාසයේ කේන්ද්‍රීය අවස්ථාව - ගෝඨාගෝගම

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මේ වසරේ මැද භාගයේ ඇති කරන ලද ගෝඨාගෝගම යනු ලාංකීය දේශපාලන ඉතිහාසයේ කේන්ද්‍රීය අවස්ථාවකි නැතිනම් හැරවුම් ලක්ෂ්‍යයකි. මා අපේක්ෂා කළේ එය 1968 ප්‍රංශ ශිෂ්‍ය අරගලය වැනි කේන්ද්‍රීය අවස්ථාවක් වනු ඇති බවයි. ප්‍රංශ ශිෂ්‍ය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශයේ ජනාධිපති වූ දෙවන ලෝක යුද්ධයේ ප්‍රංශ වීරයා වූ චාල්ස් ඩිගෝල් රටින් පළා ගියේය. කෙසේ නමුත් පසුව ප්‍රංශ ශිෂ්‍ය අරගලය පරාජයට පත් වූ අතර ඩිගෝල් නැවත බලයට පත් විය. විප්ලවය පරාජයට පත් වුවත් ඉන් පසුව ප්‍රංශය තුළ දාර්ශනික පෙරළියක් ඇති විය.
    ගෝඨාගෝගම අරගලය යනු හුදෙක් "රෙජීම් චේන්ජ්" එකකට වඩා දේශපාලන දාර්ශනික පෙරළියක් බව (යටත් පිරිසෙන් එහි මුල් කාලයේදී) පෙනෙන්නට තිබිණි. ගෝඨාගෝගම තුළ පුස්තකාල, පාසල්, සිනමා දර්ශන සහ වෙනත් විද්වත් කතිකා ඇති විය. මූලික වශයෙන් සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කළ, පුරවැසි දේශපාලන මැදිහත් වීමක් පිළිබඳ කතිකාවන් එහි දකින්නට තිබිණි. 225 ම එපා සටන් පාඨය පසුපස තිබුණේ එවන් කතිකාවකි. කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැස්සේ තෙමෙමින් කළ දේශනය දෑස් කඳුලෙන් තෙත් කරන දර්ශනයක් විය. මා හට හැඟී ගියේ ලංකාවට අල්තුසර් කෙනෙක් පහළ වී ඇති බවයි.
    ගල්කන්දේ ධම්මානන්ද හිමි ගෝඨාගෝගමට වැඩ බිම හිඳගනිමින් ආගමික සහජීවනය පිළිබඳව අලුත්ම ආදර්ශයක් සැපයූ සේක. රසික ජයකොඩි වැනි දාර්ශනිකයන්ද සහ පැතුම් කර්නර් වැනි දේශපාලන ක්‍රියාධරයන්ද ඉදිරියට මතු ව ආහ. ප්‍රබුද්ධ කලාකරුවෝ ද නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ විවිධ අදහස් දැක් වූ අතර ඒවා හුදෙක් ආර්ථික අර්බූදයට එහා ගිය ලංකාවේ ඉදිරි දේශපාලනය සැකැස්ම පිළිබඳ දාර්ශනික තලයේ සංවාද විය.
    කෙසේ නමුත් ඉන්ධන හිඟය අඩු වීමත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමත් සමඟ එකී හරවත් දේශපාලන කතිකාවත හදිසියේ අතුරුදහන් වීම කණගාටුවට කරුණකි. ඉන් පසු ඔවුන්ගේ දේශපාලන සහ දාර්ශනික සංවේදීතාව බින්දුව පල්ලම් බැසීම දුක්මුසු දෙයකි.
    ප්‍රංශ විප්ලවය පරාජයෙන් පසුව ඩෙරිඩා, ෆුකෝ වැනි දාර්ශනිකයන් ප්‍රංශයේ බිහි වූ ආකාරයෙන් ලංකාවේ අරගලයෙන් උපන් දාර්ශනිකයන් තම දාර්ශනික කතිකාවත ඉදිරියට ගෙන යන් තෙක් මම බලා සිටිමි.
     
    • Like
    Reactions: westpra and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    මේ කපේට වෙන්නේ නැති වැඩක් බ්‍රෝ ඕක.
    ඕකට ප්‍රදානම හේතුව ලංකාවේ 80% කට වඩා වහල් මානසිකතවයේ සිටීම.
    එකෙන් වෙන්නේ ඉතුරු 20% එකෙක් නැගිටින්න හදනකොට දේශපාලකයෝ නෙමේ අර 80 % තම ඉඩ දෙන්නේ නැත්තේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මෙහෙමයි බන් මම දකින්නෙ නම් කනගාටු වෙන්න දෙයක් නෑ. ඇත්තටම රටට ආදරේ සෙට් එකක් ඉන්නවා. ඒ පිරිස තව වැඩි උන එක එදායින් පස්සෙ උනේ. උන් මේ පාරවල් ගානේ කෑ ගගහා යන්නෙ නෑ හැමදාම. එදා 09 වෙනිදා ආවා වැඩේ කරා ගියා.

    ඉස්සරහට කොහොමත් සාම්ප්‍රදායික තට්ටුමාරූ ක්‍රමයට නම් බැහැ පොලිටික්ස් කරන්න . නමුත් ඒක දවසින් දෙකෙන් වෙන දෙයක් නෙමෙයි . කාලයත් එක්ක හිමිහිට වේවි.
     
    එක වෙන්නේ නැති වෙන්න හේතුවක් තියනවා බන්. හරි මේ අරගලේ නිසා පෙරලියක් උනා. ටෙම්පරි. එකට රනිල් සර් එව්වේ.
    එයා කලේ ටෙස්ට් එකක්. මිනිස්සු පාරට බැස්ස ඇයි කියල හොයල එකට උත්තර දීපු එක කලේ. ඒ ටෙස්ට් එක රනිල් පාස් 100 මාර්ක් එක්ක. දැන් එන ඕනේ ගොනෙක් දනනවා මිනිස්සු පාරට බහින්නේ ඇයි සහ එක වලක්වන ක්‍රමේ. ඉතින් ඊලග චන්දෙ දී වෙන්නේ ඕකම තමා. උන්ගේ අවශ්‍යතාව හදලා චන්දෙ ගන්න බලනවා. එහෙම නැත්නම් උන්ගේ නුලේ නැටවෙන රට චෝර නැති සෙට් එකක් දාල බලේ ගන්න බලනවා. කොකා උනත් මයිනා කපුටා රනිල් සෙට් එක හොල්ලන්න වෙන්නේ නැ මේකේ ඉන්න අය්යාලට. මොකද මිනිස්සු තමන්ගේ අතුල පෙන්නුවා නිසා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    උබලා හිතන් තරම් ඕකේ කේන්ද්‍රයක් නෑ. බොලඳ ෆේල් නන්දසේනට පීඩනය වැඩි කරලා රටින් යවාගන්න ගහපු ප්ලෑනේ එක තැනක් විතරයි.
     
    • Like
    • Haha
    Reactions: NRTG and Xi Jinping

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එක වෙන්නේ නැති වෙන්න හේතුවක් තියනවා බන්. හරි මේ අරගලේ නිසා පෙරලියක් උනා. ටෙම්පරි. එකට රනිල් සර් එව්වේ.
    එයා කලේ ටෙස්ට් එකක්. මිනිස්සු පාරට බැස්ස ඇයි කියල හොයල එකට උත්තර දීපු එක කලේ. ඒ ටෙස්ට් එක රනිල් පාස් 100 මාර්ක් එක්ක. දැන් එන ඕනේ ගොනෙක් දනනවා මිනිස්සු පාරට බහින්නේ ඇයි සහ එක වලක්වන ක්‍රමේ. ඉතින් ඊලග චන්දෙ දී වෙන්නේ ඕකම තමා. උන්ගේ අවශ්‍යතාව හදලා චන්දෙ ගන්න බලනවා. එහෙම නැත්නම් උන්ගේ නුලේ නැටවෙන රට චෝර නැති සෙට් එකක් දාල බලේ ගන්න බලනවා. කොකා උනත් මයිනා කපුටා රනිල් සෙට් එක හොල්ලන්න වෙන්නේ නැ මේකේ ඉන්න අය්යාලට. මොකද මිනිස්සු තමන්ගේ අතුල පෙන්නුවා නිසා
    මට තේරෙන විදියට නම් ඊළග අවුරුදු 10 ඇතුලත මිනිස්සු , ඡන්දෙ දෙන විදිය වෙනස් වෙනවා. දේශපාලන පක්ශවලට ඉන්න වහල්ලු නම් නෑ ඉස්සරහට කොහොමත් . මම කියන්නෙ මේ ඊලග 2024 ඡන්දෙ නෙමෙයි . හැබැයි මම කියන්නෙ හැමෝම ගැනත් නෙමෙයි සිංහල සමාජයේ තමයි ගොඩක් වෙලාවට මේක වෙන්නෙ. දෙමළ මුස්ලිම් අය නම් එහෙම සයින් එකක් නෑ. කොළබ ඉන්න සමහර අය හැර.
     
    • Like
    Reactions: NRTG

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලිබරල් රනිල්ගෙන් ගලවා ගැනීම.

    ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය දියුණු කර ගැනීමත් රටේ ඉදිරියට බලපාන විශේෂ කරුණක්. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළෙ පුරවැසියා නොදැනුවත් නම් ඔවුන්ට ඡන්දය දෙන්න හරි අවබෝධයක් නෑ. මේ ගැටලුව ලොකුවට පේන්න තියෙන නිසා මිනිස්සු ඡන්දය දීලා හදන්නෙම වැරදි ආණ්ඩු.

    ජනතාවට දේශපාලන සාක්ෂරතාවය ලැබෙන්නේ දේශපාලන වේදිකාවෙන්, මාධ්‍යයෙන් වගේ දේ වල් වලින්. නමුත් අපේ දේශපාලන වේදිකාවේ තියෙන්නේ බැණ ගැනීම්, මරා ගැනීම්, බොරු කීම්, චෝදනා කිරීම්, ලිංගිකත්වයට අපහාස කිරීම්,දරුවෝ නැති ඒවා ගැන කතා කිරීම් වගේ දේවල්. ඒවා බලාගෙන ඉන්න ඡන්ද දායක පුරවැසියෝ හිතන්නේ ඒවා තමයි දේශපාලනේ කියලා. ඉතිං ඒවට දක්ෂයෝ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේකියලා හිතනවා.

    ඒවා අහගෙන ඉන්න පුරවැසියන් ගේ දේශපාලන සාක්ෂරතාවය දියුණු වෙන්නේ නෑ. පුරවැසියෝ හිතන්නේ දේශපාලනයට එන්නේ ගේම් කාරයෝ, කොන්ත්‍රාත් කාරයෝ, පාර්ලිමේන්තුවේ ගිහින් හොරා කන ඈයෝ, වංචාකාරයෝ වගේ දේවල්.

    දේශපාලනිකව සබුද්ධික මතවාදී තර්ක විතර්ක ඔවුන්ට ආගන්තුකයි. ඒ නිසා අපි #NoLeftism කියලා වාද කරන කොට කියනවා වමක් නෑ දකුණක් නෑ වගේ කතා. වංචා දූෂණ ගැන කතා කරන්නලු. ඒ අයට ඕනෙත් ඒ ටික විතරයි.

    ඒ වගේම ලිබරල් මතවාදය කියැවෙන හැම තැනකම එතන රනිල් ගේ නම ගාවනවා. ලිබරල් කියන්නේ මතවාදයක්. ඒක කලකදී රනිලුත් කිව්වා. හරියට විජේවීර සමාජවාදය කතා කරාට, සමාජවාදය කියන්නේ විජේවීර නෙවෙයි වගේ, රනිල් ලිබරල් අදහස් දැරුවට රනිල් කියන්නේ ලිබරල් නෙවෙයි. ලිබරල් අදහස් දරපු මිනිස්සුන්ට යන්න වෙන තැනක් නැති නිසා ඒ මිනිස්සු රනිල්ට සහය දෙන්න ඇති. නමුත් නිවැරදි කඳවුර හැදුනම ඒ මිනිස්සු හරි තැනට ගන්න අපිට පුළුවන්.

    අපි අලුතින් හදන දේශපාලන ව්‍යාපාරය වෙන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මතවාදය. ඒක අපි තෝර ගන්නේ මේ වෙලාවේ රටේ අර්බුදයට විසඳුම තියෙන්නේ එතන නිසා. අර්බුදය හරියට හඳුනා ගත්තා නම්, උත්තරේ ලියන එක ගැටලුවක් නෙවෙයි. අපි ලියන්නේ ඒ උත්තරේ. රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන එක අර්බුදයෙන් මිදීමට තියෙන එකම මග. ඒ මගේ යන්න අපි පැකිලෙන්නේ නෑ. ඒකේ නොයා ඉඳීම නෙවෙයි කල යුත්තේ, හරි පාර ඒක නම් ඒකේ යන කට්ටිය ඔක්කොම එකතු කර ගෙන අලුත් දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීම.

    දැන් රනිල් එක්ක ගිය මිනිස්සුන්ට අලුතින් යන්න තැනක් හැදෙනවා. රනිල්ව දාලා ඒ අය ගිහින් ගොඩක් කල් නිසා නේ රනිල්ට ඡන්ද 25,000ක් වත් නැති උනේ. ඉතිං රනිල් නැතුව අපි අලුතින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර හදනවා.

    රනිල්ගේ කාලේ ඉවරයි. දැන් තියෙන්නේ අපේ කාලේ.

    ඒ නිසා අපි හදන කඳවුර දිහා බලලා ඒකට බය වෙලා ඉන්න වාමාංශික කඳවුරු වල මිනිස්සු විවිධ අර්ථකථන ඉදිරිපත් කරනවා. GoHomeGota campaign එක අරගෙන එන කොට මේ අය කිව්වා ගෝඨා ගියහම එන්නේ බැසිල්. ඒ නිසා මේ බැසිල්ගේ ඉත්තෙක් කියලා. ඊට පස්සේ ඒගොල්ලොම දැන් ඒක වෙනස් කරලා මේ එන්නේ රනිල්ගේ වැඩක් කියලා කියනවා. ඒ ඒගොල්ලෝ දකින දේශපාලන දැක්ම. කොහොමත් වාමාංශිකයෝ වෙන්නේ දේශපාලන සාක්ෂරතාවයක් නැති මිනිස්සු. ඒ අය තමන්ට තියෙන මොළේ තරමෙන් නිගමන වලට එනවා. ඒවා සද්දෙන් කියනවා. කෑ ගහලා තැන තැන වසුරු හෙලනවා. ඒක මේ දේශපාලනයේ තියෙන ඉවසන්න වෙන ගඳ.

    අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. දේශපාලන ක්‍රමය වෙනස් වෙන්නෙ සංස්කෘතියත් එක්කම. සීමා මායිම් බිඳිනවා. සම්ප්‍රදායන් බිඳිනවා. කවුරුත් ඇඳලා තිබුන කොටු ඇතුලේ හිර වෙලා දේශපාලන ක්‍රමයක් වෙනස් කරන්න බෑ. ඒ හදලා තියෙන කොටු වලින් වෙන් වෙලා අපි ඉන්නේ නෑ. හරි පාර සොයා යෑමෙන් අපිව වළක්වන්න ලේබල් කාරයන්ට බෑ. අපේ අරමුණ වෙනුවෙන් අපි යන්න ඕනේ ගමන අපි නොබියව යනවා.

    පුරවැසි ඔබටත් මේක අභියෝගයක්. ඔබත් වෙනස් වෙන්න ඕනේ.
    වාමාංශිකත්වය පිටු දකින්න.
    රටට අවශ්‍ය විසඳුම වෙනුවෙන් වෙහෙස වෙන්න.
    විශ්වාසය ගොඩ නගා ගන්න.
    අලුතින් හිතන්න.
    අපිට පුළුවන්.

    #DissolveSLParliament2023

    රනිල්ගේ කාලේ ඉවරයි.
    දැන් අපේ කාලේ.

    පැතුම් කර්නර්
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ප්‍රංශ විප්ලවය පරාජයෙන් පසුව ඩෙරිඩා, ෆුකෝ වැනි දාර්ශනිකයන් ප්‍රංශයේ බිහි වූ ආකාරයෙන් ලංකාවේ අරගලයෙන් උපන් දාර්ශනිකයන් තම දාර්ශනික කතිකාවත ඉදිරියට ගෙන යන් තෙක් මම බලා සිටිමි.
    ඩෙරිඩා කියන්නේ මොකාද?
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මේ වසරේ මැද භාගයේ ඇති කරන ලද ගෝඨාගෝගම යනු ලාංකීය දේශපාලන ඉතිහාසයේ කේන්ද්‍රීය අවස්ථාවකි නැතිනම් හැරවුම් ලක්ෂ්‍යයකි. මා අපේක්ෂා කළේ එය 1968 ප්‍රංශ ශිෂ්‍ය අරගලය වැනි කේන්ද්‍රීය අවස්ථාවක් වනු ඇති බවයි. ප්‍රංශ ශිෂ්‍ය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශයේ ජනාධිපති වූ දෙවන ලෝක යුද්ධයේ ප්‍රංශ වීරයා වූ චාල්ස් ඩිගෝල් රටින් පළා ගියේය. කෙසේ නමුත් පසුව ප්‍රංශ ශිෂ්‍ය අරගලය පරාජයට පත් වූ අතර ඩිගෝල් නැවත බලයට පත් විය. විප්ලවය පරාජයට පත් වුවත් ඉන් පසුව ප්‍රංශය තුළ දාර්ශනික පෙරළියක් ඇති විය.
    ගෝඨාගෝගම අරගලය යනු හුදෙක් "රෙජීම් චේන්ජ්" එකකට වඩා දේශපාලන දාර්ශනික පෙරළියක් බව (යටත් පිරිසෙන් එහි මුල් කාලයේදී) පෙනෙන්නට තිබිණි. ගෝඨාගෝගම තුළ පුස්තකාල, පාසල්, සිනමා දර්ශන සහ වෙනත් විද්වත් කතිකා ඇති විය. මූලික වශයෙන් සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කළ, පුරවැසි දේශපාලන මැදිහත් වීමක් පිළිබඳ කතිකාවන් එහි දකින්නට තිබිණි. 225 ම එපා සටන් පාඨය පසුපස තිබුණේ එවන් කතිකාවකි. කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැස්සේ තෙමෙමින් කළ දේශනය දෑස් කඳුලෙන් තෙත් කරන දර්ශනයක් විය. මා හට හැඟී ගියේ ලංකාවට අල්තුසර් කෙනෙක් පහළ වී ඇති බවයි.
    ගල්කන්දේ ධම්මානන්ද හිමි ගෝඨාගෝගමට වැඩ බිම හිඳගනිමින් ආගමික සහජීවනය පිළිබඳව අලුත්ම ආදර්ශයක් සැපයූ සේක. රසික ජයකොඩි වැනි දාර්ශනිකයන්ද සහ පැතුම් කර්නර් වැනි දේශපාලන ක්‍රියාධරයන්ද ඉදිරියට මතු ව ආහ. ප්‍රබුද්ධ කලාකරුවෝ ද නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ විවිධ අදහස් දැක් වූ අතර ඒවා හුදෙක් ආර්ථික අර්බූදයට එහා ගිය ලංකාවේ ඉදිරි දේශපාලනය සැකැස්ම පිළිබඳ දාර්ශනික තලයේ සංවාද විය.
    කෙසේ නමුත් ඉන්ධන හිඟය අඩු වීමත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමත් සමඟ එකී හරවත් දේශපාලන කතිකාවත හදිසියේ අතුරුදහන් වීම කණගාටුවට කරුණකි. ඉන් පසු ඔවුන්ගේ දේශපාලන සහ දාර්ශනික සංවේදීතාව බින්දුව පල්ලම් බැසීම දුක්මුසු දෙයකි.
    ප්‍රංශ විප්ලවය පරාජයෙන් පසුව ඩෙරිඩා, ෆුකෝ වැනි දාර්ශනිකයන් ප්‍රංශයේ බිහි වූ ආකාරයෙන් ලංකාවේ අරගලයෙන් උපන් දාර්ශනිකයන් තම දාර්ශනික කතිකාවත ඉදිරියට ගෙන යන් තෙක් මම බලා සිටිමි.
    අඩේ.... රසික ජයකොඩි වැනි දාර්ශනිකයන්ද