මේ වසරේ මැද භාගයේ ඇති කරන ලද ගෝඨාගෝගම යනු ලාංකීය දේශපාලන ඉතිහාසයේ කේන්ද්‍රීය අවස්ථාවකි නැතිනම් හැරවුම් ලක්ෂ්‍යයකි. මා අපේක්ෂා කළේ එය 1968 ප්‍රංශ ශිෂ්‍ය අරගලය වැනි කේන්ද්‍රීය අවස්ථාවක් වනු ඇති බවයි. ප්‍රංශ ශිෂ්‍ය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශයේ ජනාධිපති වූ දෙවන ලෝක යුද්ධයේ ප්‍රංශ වීරයා වූ චාල්ස් ඩිගෝල් රටින් පළා ගියේය. කෙසේ නමුත් පසුව ප්‍රංශ ශිෂ්‍ය අරගලය පරාජයට පත් වූ අතර ඩිගෝල් නැවත බලයට පත් විය. විප්ලවය පරාජයට පත් වුවත් ඉන් පසුව ප්‍රංශය තුළ දාර්ශනික පෙරළියක් ඇති විය.
ගෝඨාගෝගම අරගලය යනු හුදෙක් "රෙජීම් චේන්ජ්" එකකට වඩා දේශපාලන දාර්ශනික පෙරළියක් බව (යටත් පිරිසෙන් එහි මුල් කාලයේදී) පෙනෙන්නට තිබිණි. ගෝඨාගෝගම තුළ පුස්තකාල, පාසල්, සිනමා දර්ශන සහ වෙනත් විද්වත් කතිකා ඇති විය. මූලික වශයෙන් සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කළ, පුරවැසි දේශපාලන මැදිහත් වීමක් පිළිබඳ කතිකාවන් එහි දකින්නට තිබිණි. 225 ම එපා සටන් පාඨය පසුපස තිබුණේ එවන් කතිකාවකි. කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැස්සේ තෙමෙමින් කළ දේශනය දෑස් කඳුලෙන් තෙත් කරන දර්ශනයක් විය. මා හට හැඟී ගියේ ලංකාවට අල්තුසර් කෙනෙක් පහළ වී ඇති බවයි.
ගල්කන්දේ ධම්මානන්ද හිමි ගෝඨාගෝගමට වැඩ බිම හිඳගනිමින් ආගමික සහජීවනය පිළිබඳව අලුත්ම ආදර්ශයක් සැපයූ සේක. රසික ජයකොඩි වැනි දාර්ශනිකයන්ද සහ පැතුම් කර්නර් වැනි දේශපාලන ක්‍රියාධරයන්ද ඉදිරියට මතු ව ආහ. ප්රබුද්ධ කලාකරුවෝ ද නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ විවිධ අදහස් දැක් වූ අතර ඒවා හුදෙක් ආර්ථික අර්බූදයට එහා ගිය ලංකාවේ ඉදිරි දේශපාලනය සැකැස්ම පිළිබඳ දාර්ශනික තලයේ සංවාද විය.
කෙසේ නමුත් ඉන්ධන හිඟය අඩු වීමත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමත් සමඟ එකී හරවත් දේශපාලන කතිකාවත හදිසියේ අතුරුදහන් වීම කණගාටුවට කරුණකි. ඉන් පසු ඔවුන්ගේ දේශපාලන සහ දාර්ශනික සංවේදීතාව බින්දුව පල්ලම් බැසීම දුක්මුසු දෙයකි.
ප්‍රංශ විප්ලවය පරාජයෙන් පසුව ඩෙරිඩා, ෆුකෝ වැනි දාර්ශනිකයන් ප්‍රංශයේ බිහි වූ ආකාරයෙන් ලංකාවේ අරගලයෙන් උපන් දාර්ශනිකයන් තම දාර්ශනික කතිකාවත ඉදිරියට ගෙන යන් තෙක් මම බලා සිටිමි.