ලාංකීය_කලාකරුවන්ට
ලාංකීය කලාකරුවන්ට අභාවප්‍රාප්ත විමල් කුමාර ද කොස්තා අමතක වෙලා
අභාවප්‍රාප්ත වුණු ප්‍රවීන රංගන ශිල්පියෙකු වූ විමල් කුමාර ද කොස්තාගේ Wimal Kumara De Costa මරණයට කිසිම කලාකරුවෙක් මේ වන තෙක් සහභාගි වෙලා නැහැ කියලා ඔහුගේ බිරිඳ වන රේණුකා ද කොස්තා මහත්මිය පවසනවා.
‘මහත්මයා මියගිහින් තිබුණේ 20 වැනිදා පස්වරුවේ. එතැන් සිට ඒ බව මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වුණා. එහෙත් 21 වැනිදා දවල් වනතුරුත් කිසිම කලාකරුවෙක් ආවේ නෑ. ඒ වුණාට එයා අප සමඟ හැමදාම සතුටින් සිටියා’ කියලයි ඇය පවසා තිබුණේ.
රංගන ශිල්පි විමල් කුමාර ද කොස්තාගේ පුතණුවන් වන වෙනුර කවීන් කුමාර ද කොස්තා මහතා ද ඒ ගැන පැවසුවේ මේ ආකාරයෙන්…
“තාත්තාගේ හදිසි අසනීපය ගැන ආරංචි වෙලා මම කළුබෝවිල රෝහලට ගියා. එහි බාහිර රෝගී අංශයේ ට්‍රොලියක තාත්තාගේ සිරුර සුදු රෙද්දකින් වසා තිබුණා. මම දැනගත්තා තාත්තා මිය ගිහින් කියලා. මම ඒ වෙලාවේ ඉඳලා මේ වන තුරු කළුබෝවිල මෘත ශරීරාගාරය අසල ඉන්නවා. රසිකයෝ හැරෙන්නට කිසිම කලා ශිල්පියෙක් මෙතෙන්ට ආවේ නෑ. අපේ තාත්තා කලා ශිල්පියෙක් වුණාට මුදල් හම්බ කෙළේ නෑ. මුදල් තියෙන අලුතින් නැඟී එන නළු නිළියන්ට පමණයි ප්‍රවීණ ශිල්පීන් වුවත් උදවු කරන්නේ. අපි දැන් ඉන්නෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ලැබුණු නිවෙසකයි. එහෙත් දැන් මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවන් ඇගැයීමට ලක් කරනවා අඩුයි. ඒ ගැන නම් දැනෙනවා ලොකු වේදනාවක්.”
පහුගිය මාස කිහිපයේදී මියගිය කළාකරුවන් වෙනුවෙන් එක් ආකාරයකටත් මෙවන් කළාකරුවන් වෙනුවෙන් තවත් ආකාරයකටත් සැලකීම සම්බන්ධයෙන් බොහෝ රසිකයින් පිරිසක් ඇත්තේ මහත් වූ සිත් වේදනාවකිනි.
ඔන්න බන් අපේ මිනිස්සුන්ගේ හැටි