ලාල්කාන්ත_බීලා හප්පලා අත්අඩංගුවට
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කේ.ඩී.ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය අද (1) අනුරාධපුර බන්ධනාගාරය අසලදී යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් හා ඇගේ ඥාතී දියණියක් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
සිද්ධියෙන් යතුරුපැදියේ ගමන් කළ කාන්තාවක් බරපතල තුවාල ලබා ඇගේ ඥාතී දියණියක් සුළු තුවාල ලබා තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මන්ත්රීවරයා අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එප්පාවල සහ අමුණුකොළේ පදිංචි වයස අවුරුදු 45 සහ 14 යන කාන්තාවක් හා දියණියකි.
අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට දී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී අනුරාධපුර නගරය දෙසට පැමිණි යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසීය පවසයි.
අනතුරින් තුවාල ලැබූ කාන්තාවගේ අස්ථි වලට බරපතල හානි සිදුව ඇති බවත් ඇගේ ඥාතී දියණිය සුළු තුවාල ලබා ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගත් මන්ත්රීවරයා හෙට (2) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.
http://www.lankadeepa.lk/news/හිටපු-මන්ත්රී-ලාල්කාන්ත-අත්අඩංගුවට/101-546588
ලාල්කාන්ත අත්අඩංගුවට

Last edited:

රනිල මොනා හරි කරයි.බය නොවී හිටු.