ඔබ අධ්‍යයන කටයුතු සඳහා රුසියාවට පිටත්ව යන්නේ 2015 වර්ෂයේදී. රුසියාවේ අධ්‍යාපනය සඳහා ඔබ යොමු වන්නේ කෙසේද?
මූලිකවම කිව යුතුයි මම සාහිත්‍ය පොත පතට ඇලුම් කළ කෙනෙක්. අපි කුඩා කාලයේ අපේ ගෙදර රුසියානු, ප්‍රංශ, ඉංගී්රසි, ඇමෙරිකානු වැනි විශ්ව සාහිත්‍ය පොත පත ගොඩක් තිබුණා. විශේෂයෙන්ම මගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා ගොඩක් පොත් පත් කියෙව්වා. ඒ ආභාසය තමයි අපට ලැබුණේ. මං හිතන්නෙ ඔවුන් දෙදෙනාට එය පියාගෙන් ලැබෙන්න ඇති. පොතපතට සාහිත්‍යයට තිබූ නැඹුරුවත් සමඟින් කුඩා කල සිටම එම .
රුසියාවේ අධ්‍යාපන කටයුතු සඳහා මා යොමුවන්නේ.
රුසියාවේ අධ්‍යාපනය ලැබීම පිළිබඳව තිබූ ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට ඔබට උපකාරී වූ විශේෂ පුද්ගලයන් සිටිනවාද? ඒ ගැන සිහිපත් කළොත්...?
ඔව්. රුසියාවේ අධ්‍යාපනය ලබාගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට මට උපකාර කළ බොහෝ දෙනෙක් සිටිනවා. පළමුවෙන්ම මම කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ මගේ පළමු රුසියානු භාෂා ගුරුතුමිය වූ ලරීසා දව්දෝවා මහත්මිය ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරි බුද්ධප්රිය රාමනායක මහතා ඇතුළු එහි සියලුම කාර්ය මණ්ඩලය මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.
ශ්‍රී ලංකා රුසියානු මිත්‍ර සංගමයේ ප්‍රධාන ලේකම්, වර්තමාන රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. විශේෂයෙන් මා මතක් කළ යුතුයි, මට උපකාර කළ මගේ පියාගේ දේශපාලන මිතුරන් මෙන්ම දේශපාලන නොවන මගේ පියාට ආදරය කරන බොහෝ පිරිසක් මට උපකාර කළා. ඒ සියලු දෙනාම මම මේ මොහොතේ ආදරයෙන් මත් කරනවා. ඒ වගේම මම රුසියාවට පැමිණි පසු මට බොහෝ උපකාර කළ ජගත් අයියාත්, උපුල් අයියාත් මේ මොහොතේ මම ආදරයෙන් මතක් කරනවා.
අද විදේශ රටක අධ්‍යාපනය ලැබුවත් කවදා හරි දවසක රට වෙනුවෙන් 'යුතුකම්' වෙනුවෙන් කැපවෙන්න සූදානම්. මගේ එකම බලාපොරොත්තුව මගේ රට වෙනුවෙන්, ලෝකය වෙනුවෙන් යහපත් දෙයක් කිරීමයි.