ලැගුම්දෙනියෙන් එළදැත්තට - රොබට් නොක්ස්ගේ අතීතයෙන්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    අතීත ශ්‍රී විභූතියේ නොමැකෙන සටහන් රැසක් සඟවාගෙන සිටින අපූර්වතම ගම්මානයක් ලෙස එලදැත්ත ගම්මානය හැඳින්විය හැක. රමණීය වෙල්යායකින් මැදිව පිහිටි මෙම ගම්මානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති සුන්දර මෙන්ම දැකුම්කලු ගම් පියසකි. ගැමිකම තුරුලු කොට ගත් අව්‍යාජ මිනිසුන් සමූහයක් සහිත මෙකී සුන්දර ගම්මානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ.

    M7htKhv.jpg

    රොබට් නොක්ස් සැඟව සිටි ගම්මානය

    රොබට් නොක්ස් නම් ඉංග්‍රීසී ජාතිකයා දෙවන රාජසිංහ රජ දවසේ වසර ගණනාවක් මෙරට සිර ගතව සිටි පුද්ගලයෙකි. රොබට් නොක්ස් කිවු සැණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙනුයේ එදා හෙළදිව නම් ග්‍රන්ථයය. රොබට් නොක්ස් අති දක්ෂ ලේඛකයෙකු බව එම පොතෙන් පෙන්වා දෙන අතර ඔහු විසින් එම පොතේ සටහන් කොට ඇති දෑ අදටත් අප උපහැරණ ලෙස කියති.

    cNLFs5C.jpg

    උඩරට රාජධානියට අයත් මතක සටහන් රැසක් සහිත එළැදත්ත ගම්මානය තවමත් පුරාණ ස්වරූපය තරමකට හෝ රැඳී තිබෙන ප්‍රදේශයක්. උඩරට සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස් රටෙන් පලා යන්නේ එලදැත්තේ පදිංචි ව සිටි කාලයේ දී යි. අදත් මේ ගමේ නොක්ස්ගේ මතක සටහන් රැසක් දැකගත හැකි යි.

    KyXXEVU.jpg

    එලදැත්තට නුදුරින් පිහිටි ජලාශය- booking.com

    ගමේ පිහිටීම​

    මහනුවරට මෙන් ම ගම්පොළට ද ආසන්න මේ ගම උඩුනුවර දවුලගලට යාබද ව පිහිටා තිබෙනවා. ඇම්බැක්කේ දේවාලය මෙන් ම පැරණි එලදැත්ත වලව්ව ද මෙයට නුදුරින් පිහිටි තැන්. වලව්ව නම් දැන් හෝටලයක් බවට පත් වෙලා. කඳු අතර නිම්නයේ පිහිටි අලංකාර වෙල්යාය ද ඇළදොළ ද ගමේ අලංකාරය ඉහළ නංවනවා.

    රොබට් නොක්ස්​

    I8OrHDZ.jpg

    නොක්ස් වියපත් වූ පසු- Wikipedia.org

    රොබට් නොක්ස් නම් ඉංග්‍රීසී ජාතිකයා දෙවැනි රාජසිංහ ( 1634-1686) රජ කාලයේ අවුරුදු19 මාස 6ක් පමණ උඩරට රාජධානියේ සිරකරුවකු ව සිටි ඉංග්‍රීසි ජාතිකයෙක් බව අපි දන්නවා. නොක්ස් එංගලන්තයට පලා යාමෙන් පසුව ලංකාවේ සිරගත අත්දැකීම් පිළිබඳව ලියූ An Historical Relation ofthe Island of Ceylon නම් පොත ලංකාවේ 17 වැනි සියවසේ ජන ජීවිතය ගැන අගනා කෘතියක් ලෙස ලෝකය පුරා සම්භාවනාවට ලක්ව තිබෙනවා.

    oNhWKw3.jpg
    Vaid7Ij.gif

    මේ පොත ඩේවිඩ් කරුණාරත්න අතින් එදා හෙළදිව නමින් ද, ප්‍රේමචන්ද්‍ර අල්විස් අතින් නොක්ස් දුටු ලක්දිව නමින්ද පරිවර්තනය වී තිබෙනවා. නොක්ස්ගේ සහ ඔහුගේ පියා ඇතුළු පිරිස රැගත් නැව කුණාටුවකට හසුවීමෙන් පසු අලුත්වැඩියා කර ගැනීමට කොට්ටියාරම් වරායට පැමිණි අවස්ථාවේ තමයි මේ පිරිස දෙවැනි රාජසිංහ රජුගේ සිරකරුවන් බවට පත්වන්නේ.ඒ 1660 අප්‍රේල් 4 දායි. ඒ වනවිට නොක්ස්ගේ වයස අවුරුදු 19යි.

    රොබට් නොක්ස්ගේ පියාත් සමඟ තවත් නාවිකයන්18 දෙනකු එම නැවෙන් මෙරටට පැමිණ තිබෙනවා. මහනුවර නගරයට කැඳවන මේ පිරිස මුලින් ම සිර අඩස්සියට පත් කරන්නේ කුරුණෑගලට නුදුරු බණ්ඩාරකොස්වත්ත නම් ගමේ යි. එහිදී හට ගත් උණ රෝගයෙන් නොක්ස්ගේ පියා මිය යනවා.

    UjhObuS.jpg

    ලැගුම්දෙනියේ නොක්ස් පදිංචිව සිටි තැන සිහිටවනය – Amazing lanka- PubuduPerera

    සිරකරුවන් උඩරටට​

    දෙවන රාජසිංහ රජු පැනවූ රාජ නියෝගයට අනුව පසුව නොක්ස් සහ අනෙක් පිරිස මහනුවරට කැඳවා ඔවුන්ට රජු යටතේ සේවය කිරීමට කැමතිදැයි ඇසුවත් කිසිවෙක් එයට කැමති වී නැහැ. ඉන්පසු ඔවුන් විවිධ ස්ථානවල පදිංචියට යවන අතර නොක්ස්ට හිමිවන්නේ කෑගල්ලට නුදුරු දෙයාල දහමුණු පත්තුව යි. ඔහු එහි නිවසක් තනා වාසය කරන අතර මහනුවර අවට තැනකට යන ලෙස යළිත් අණ ලැබෙනවා. ඒ ස්ථානය ගම්පොළට නුදුරු ලැගුම්දෙනිය යි. ඔහු ඇතුළු ඉංග්‍රීසි සිරකරුවන්ට රජ අණ පරිදි ගම්වැසියන් ආහාර පාන ලබාදීම් සිදු කළා. මේ ලැගුම්දෙනිය ගැන නොක්ස් ලියන අන්දමයි:

    ලැගුන්දෙනිය නම්වූ කඳු මුදුනකට අපි ගෙන එන ලදිමු. මම මගේ ප්‍රාණ මිත්‍රයා හා සහෝදර සිරකාරයා වූ ද ජෝන් ලව්ලන්ඩ් හා සමඟ මෙහි එක ගෙයක වාසය කරන්නට පටන් ගනිමු. මේ කාලය වනවිට තනිකඩයන්ව සිටියේ අප අතුරෙන් කීප දෙනකු පමණි (එදා හෙළදිව- පරි. ඩේවිඩ් කරුණාරත්න 323 පිට).

    මේ දිවයිනේ තමන්ට දක්නට ලැබුණු ඉතාම නිසරු ස්ථානය එම බිම බව නොක්ස් සඳහන් කරයි. එය ගල් සහිත වළ ගොඩැලි සහිත පොළවකින් යුක්ත වුණා. ලැගුම්දෙනිය ගමේ පැල්පතක සිටිමින් හිස් වැසුම් වියමින් ඒවා විකුණා මුදල් එකතු කිරීමේ යෙදී සිටි ඔහුට ටික කලක් ගතවන විට විකුණන්නට ඇති ඉඩම් කැබැල්ලක් ගැන අසන්නට ලැබෙනවා. ඒ ලැගුම්දෙනියේ සිට මඳ දුරකින් පිහිටි එළදැත්ත නම් ගමේ යි. ලැගුම්දෙනියට නොක්ස් කිසි කැමැත්තක් නොදැක්වූ නිසා ඔහු එළදැත්තේ ඉඩම මිල දී ගැනීමට තීරණය කරනවා. ඒ වනවිට ඔහු සිරකරුවකු වී අවුරුදු 6-8ක් පමණ ගත වී තිබෙනවා.

    fYgCJOC.jpg

    එලදැත්තේ නොක්ස් සිහිවටන ස්මාරකය – mapsus.net

    ලැගුම්දෙනියෙන් එලදැත්තට​

    එලදැත්තේ ඉඩම ලාරිස් 25ක් ගෙවා නොක්ස් මිලදී ගන්නවා. මේ ඔහු ඒ ගැන විස්තර කරන අන්දමයි:

    මේ ඉඩම් කැබැල්ල මගේ චිත්තාරාධනයෙහි අතිශයින්ම සමත් විය. මෙය වූකලී තුන් පැත්තකින් කුඹුරුවලින් වටවූ ඉඩමක් විය. එම ඉඩමට අයත් කුඹුරු කැබැල්ලක් ද ඉඩමේ කෙළවර විය. ජලාශ්‍රිත වූ මේ කුඹුරු කැබැල්ල පිහිටියේ මගේ ඉඩමේ ඉදිරි පාශ්ර්වයෙහිම ය. මේ ඉඩමෙහි පොල්ගස් අටක් විය. රටෙහි තිබුණු හැම පලතුරු වර්ගයකට ම අයත් ගස් එහි තිබුණි (එදා හෙළදිව- පරි. ඩේවිඩ් කරුණාරත්න, 326 පිට).
    නොක්ස් මිතුරන් සිව් දෙනෙක් සමඟ එළදැත්තේ මිලට ගත් ඉඩමේ හොඳ නිවසක් තනා ගෙන වාසය කරනවා. ගොවිතැන සහ සතුන් ඇතිකිරීමත් කරනවා. වසර කිහිපයකට පසු ඔහුගේ ළඟ ම මිතුරකු ලෙස සිටි ජෝන් ලව්ලන්ඩ් මිය යනවා. ඉන් පසු තවත් මිතුරන් දෙදෙනෙක් සිංහල කාන්තාවන් සමඟ විවාහ විම සඳහා නොක්ස්ගෙන් වෙන් ව යනවා. අවසානයේ එම නිවසේ ඉතිරි වන්නේ නොක්ස් සහ ස්ටීවන් රට්ලන්ඩ් පමණ යි. ලංකාවෙන් පැන යන අවස්ථාවේ නොක්ස් සමඟ සිටියෙත් ඔහු යි.

    පූනහැල කන්දේ ඉඩම​

    ජනප්‍රවාද පවසන්නේ රොබට් නොක්ස්ගේ ඉඩම එම ගම්මානයේ උස් බිමක් වූ පුනහැල කන්ද වත්තේ පිහිටි බව යි. පුනහැල කන්දේ ඔහුගේ නිවස තිබු ස්ථානයේ සලකුණු අද ද දක්නට ඇති බවත්, එහි ගලක කෙටූ සටහනක් ද ඇති බව එලදැත්ත ගම්වැසියන් පවසනවා. මේ කන්ද පිහිටා ඇත්තේ ගම ඉස්මත්තෙ යි. එදා රොබට් නොක්ස් විසු නිවස තිබූ ස්ථානය අද ගම්මුන් හඳුන්වන්නේ ‘නොක්ස්ගේ කොටු තාප්පය’ කියල යි.

    gC7spDQ.jpg

    පූනහැල කන්ද- ShanthaChandrasiri- lankadeepa.lk

    රොබට් නොක්ස් එලදැත්තේ සිටියදී මුලින් කළ වෙළෙඳාම සහ එළුවන් ඇතිකිරීම ඇතුළු සත්ව පාලනය ද අතහැර පසුකාලයේ ගොවිතැනට එළැඹ තිබෙනවා. ඒ අතර ම ඔහු වැඩි ලාබයක් ගෙන දෙන බිත්තර වී ණයට දීමත් ආරම්භ කළා. කපා ගත් ඔහුගේ කුඹුරේ වීවලින් මුලින් ම එම ව්‍යාපාරය ආරම්භ කළ බව නොක්ස් විස්තර කරනවා.

    එලදැත්ත ගම්මුන් පවසන්නේත්, පුරාවෘත්තවල සඳහන් වන්නේත් රොබට් නොක්ස් ගොවිතැනට අති දක්ෂයකු බවයි. උඩරැටියෙකු ලෙස සරම ඇඳි මෙම විදේශිකයා ගොවිතැනට දැඩි කැමැත්තක් දක්වා තිබෙන බව ඔහුගේ පොතේ විස්තරවලින් ද පේනවා. පුනහැල නොක්ස්ගේ කොටුවේ සිට වැටී ඇති ගල් පඩි සහිත මාර්ගය ඔහු පවත්වාගෙන ගිය එළුගාලට යාමට හා ඒමට භාවිත කොට තිබෙන බව පැවසෙනවා.

    නොක්ස්ගේ කුඹුර සහ වාරි ඇළ​

    රොබට් නොක්ස් ගොවිතැන් කළ කුඹුර පැවති වෙල්යාය අදත් එලදැත්ත ගමේ පහත් බිමේ දැකගත හැකි යි. මේ කුඹුරුවලට ජලය සපයමින් ඇළ මාර්ගයක් ගමන් කරනවා. එම ඇළ මාර්ගයේ එක් ස්ථානයක අපූරු වාරි නිර්මාණයක් දැකගත හැකි යි. කුඹුරේ විශාල කමත යටින් ඇළ මාර්ගය ගමන් කරන්නේ උමං ඇළ මාර්ගයක් ලෙස යි.

    nFvYsry.jpg

    උමං ඇළ -Shantha Chandrasiri- lankadeepa.lk

    ඒ සඳහා උමග සකස් කර ඇත්තේ කළුගල් සක්ක ගල් සේ එකිනෙක හේත්තු කරමින් හරහට විශාල ගල්පතුරු අඩුක් කරමින්. ඒ සඳහා කිසිම බදාමයක් භාවිත කර නැහැ. මෙම ඇළ දිගින් අඩි 163ක් වෙනවා. එය ඇතුළෙන් කෙනකුට කොන්ද නවාගෙන ගමන් කිරීමට පුළුවන්. මේ ඇළ කුමන කාලයක කළ එකක් දැයි නිශ්චිත සාධකයක් නැහැ. ගැමියන් පවසන්නේ මෙය නොක්ස් ගොවිතැනට වතුර ලබා ගැනීමට කළ නිර්මාණයක් ලෙස වුවත් ඒ ගැන ඔහුගේ පොතේ නම් කිසිම සඳහනක් නැහැ. මෙම ඇළ මාර්ගය ලැගුම්දෙනිය හරහා ගොස් මහවැලි නදියට එකතු වෙනවා.

    නොක්ස්ගේ පිහිල්ල​

    ගමේ පිහිටි ජල පිහිල්ලක් හඳුන්වන්නේ නොක්ස් ස්නානය කළ ජල පිහිල්ල ලෙස යි. එහි ජලය නියඟ කාලයක වුවත් නොසිඳෙන බව යි පැවසෙන්නේ. මෙකී පිහිල්ලට ගල් පොත්තකින් වැසූ ආරක්ෂිත ජල උල්පතකින් තමයි ජලය ලැබෙන්නේ. මැතක සිට එම ජල පිහිල්ලට ජල බටයක් සවි කර තිබෙනවා. විශාල ගම්වැසියන් පිරිසක් නෑමට මෙන් ම රෙදි සේදී ම වැනි කාර්යයන්වලට මේ ජලය භාවිත කරනවා.

    nbmcaZO.jpg

    පිහිල්ල ජලය අඩු කාලයක -toursbooked.com

    එලදැත්ත ගම මැදට පිවිසෙන ප්‍රධාන මාර්ගය හමුවන්නේ අසලින් වැටී ඇති ගල්පඩි සහිත මාර්ගයේ ඉහළට ගිය විට යි. මේ ස්ථානයේ මහාමාර්ගය අසල රොබට් නොක්ස් සැමරීමට කළුගලින් කළ සිහිවටන පලකයක් දැකගත හැකි යි. වර්ස 1908 දී එය පිහිටුවීමට මුල් ව ඇත්තේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ජේ.පී. ලුවිස්. ඔහු එලදැත්ත ගම්මානයේ ද මෙවැනි සිහිවටන පලකයක් 1908 දී ම පිහිටුවා තිබෙනවා.

    OzmLjqA.jpg

    ලංකාවෙන් සමු ගනී​

    9qbbdgJ.jpg

    නොක්ස්ගේ කෘතියේ ලංකාව -wikipdia.org

    එලැදැත්තේ සිටින ගමන් රටින් පලා යාමට සැලසුම් කළ නොක්ස් තොප්පි වෙළෙදාමේ යෙදෙන මුවාවෙන් රට මැද අනුරාධපුරයට යනවා. එහිදී වෙළෙඳාමට මුවමස් ලබා ගෙන උඩරටට ගෙන ඒමට අවශ්‍ය බව පෙන්වා අවට ඇවිදිමින් මන්නාරමට ළඟා වීමට ඇති හැකියාව ගැන රහසේ සොයා බලනවා. මල්වතු ඔය ඔස්සේ මන්නාරම බලා ගමන් කරන නොක්ස් සහ රට්ලන්ඩ් ඕලන්ද බළකොටුවට පැමිණ උදව් ඉල්ලා සිටිනවා. ඕලන්ද නැවකින් කොළඹට යන ඔවුන් එංගලන්තය බලා යාත්‍රා කරනවා. ඒ 1679 වසරේ ඔක්තෝබර් මස 18 දින යි.

    මූලාශ්‍ර:
    Lankadeepa.lk
    එදා හෙළදිව- රොබට් නොක්ස්, පරි. ඩේවිඩ් කරුණාරත්න‍
    බ්ලොගර් - කුසුම්සිරි විජේවර්ධන
    රෝර්මිඩියා
    චායාරුප අන්තර්ජාලයෙනි
    කඳුරට ප්‍රවේණිය- එච්. ඒ. පී. අභයවර්ධන
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    අඩේ ගෙවල් ළඟපාත තියන තැන් අද තමයි දැනගත්තෙ,සෙනසුරාදා ගිහින් බලන්න ඕනි
    සුපිරි. ඉඩක් ලැබුනොත් ෆොටෝ ටිකකුත් අරගෙන එන්න මචන් :love2: (y)
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    ඔව් 🤔 ඒකද කේස් එක?
    මේකේ ෆොටෝස් ටික වෙන සයිට් එකකකට අප්‍ ලෝඩ් කරලා ලින්ක් එක මෙතන දාන්නේ මචන්. මට මතකයි තවත් කෙනෙක් කියනවා VPN නිසා පෙනෙන්නේ නැති කතාවක්..... :(
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    මේකේ ෆොටෝස් ටික වෙන සයිට් එකකකට අප්‍ ලෝඩ් කරලා ලින්ක් එක මෙතන දාන්නේ මචන්. මට මතකයි තවත් කෙනෙක් කියනවා VPN නිසා පෙනෙන්නේ නැති කතාවක්..... :(

    wifi කනෙක්ට් වුනාම හරිගියා :)
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93

    මේ රොබට් නොක්ස් වගා කළා යැයි සැලකෙන එළදැත්ත කුබුරයි.
    මෙම video එක පටන්ගන්නා තැන සිට අවසන් වන තැන දක්වා කුඩා උමං මාර්ගයක් තුලින් වතුර ගලායනවා.
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අතීත ශ්‍රී විභූතියේ නොමැකෙන සටහන් රැසක් සඟවාගෙන සිටින අපූර්වතම ගම්මානයක් ලෙස එලදැත්ත ගම්මානය හැඳින්විය හැක. රමණීය වෙල්යායකින් මැදිව පිහිටි මෙම ගම්මානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති සුන්දර මෙන්ම දැකුම්කලු ගම් පියසකි. ගැමිකම තුරුලු කොට ගත් අව්‍යාජ මිනිසුන් සමූහයක් සහිත මෙකී සුන්දර ගම්මානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ.

    M7htKhv.jpg

    රොබට් නොක්ස් සැඟව සිටි ගම්මානය

    රොබට් නොක්ස් නම් ඉංග්‍රීසී ජාතිකයා දෙවන රාජසිංහ රජ දවසේ වසර ගණනාවක් මෙරට සිර ගතව සිටි පුද්ගලයෙකි. රොබට් නොක්ස් කිවු සැණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙනුයේ එදා හෙළදිව නම් ග්‍රන්ථයය. රොබට් නොක්ස් අති දක්ෂ ලේඛකයෙකු බව එම පොතෙන් පෙන්වා දෙන අතර ඔහු විසින් එම පොතේ සටහන් කොට ඇති දෑ අදටත් අප උපහැරණ ලෙස කියති.

    cNLFs5C.jpg

    උඩරට රාජධානියට අයත් මතක සටහන් රැසක් සහිත එළැදත්ත ගම්මානය තවමත් පුරාණ ස්වරූපය තරමකට හෝ රැඳී තිබෙන ප්‍රදේශයක්. උඩරට සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස් රටෙන් පලා යන්නේ එලදැත්තේ පදිංචි ව සිටි කාලයේ දී යි. අදත් මේ ගමේ නොක්ස්ගේ මතක සටහන් රැසක් දැකගත හැකි යි.

    KyXXEVU.jpg

    එලදැත්තට නුදුරින් පිහිටි ජලාශය- booking.com

    ගමේ පිහිටීම​

    මහනුවරට මෙන් ම ගම්පොළට ද ආසන්න මේ ගම උඩුනුවර දවුලගලට යාබද ව පිහිටා තිබෙනවා. ඇම්බැක්කේ දේවාලය මෙන් ම පැරණි එලදැත්ත වලව්ව ද මෙයට නුදුරින් පිහිටි තැන්. වලව්ව නම් දැන් හෝටලයක් බවට පත් වෙලා. කඳු අතර නිම්නයේ පිහිටි අලංකාර වෙල්යාය ද ඇළදොළ ද ගමේ අලංකාරය ඉහළ නංවනවා.

    රොබට් නොක්ස්​

    I8OrHDZ.jpg

    නොක්ස් වියපත් වූ පසු- Wikipedia.org

    රොබට් නොක්ස් නම් ඉංග්‍රීසී ජාතිකයා දෙවැනි රාජසිංහ ( 1634-1686) රජ කාලයේ අවුරුදු19 මාස 6ක් පමණ උඩරට රාජධානියේ සිරකරුවකු ව සිටි ඉංග්‍රීසි ජාතිකයෙක් බව අපි දන්නවා. නොක්ස් එංගලන්තයට පලා යාමෙන් පසුව ලංකාවේ සිරගත අත්දැකීම් පිළිබඳව ලියූ An Historical Relation ofthe Island of Ceylon නම් පොත ලංකාවේ 17 වැනි සියවසේ ජන ජීවිතය ගැන අගනා කෘතියක් ලෙස ලෝකය පුරා සම්භාවනාවට ලක්ව තිබෙනවා.

    oNhWKw3.jpg
    Vaid7Ij.gif

    මේ පොත ඩේවිඩ් කරුණාරත්න අතින් එදා හෙළදිව නමින් ද, ප්‍රේමචන්ද්‍ර අල්විස් අතින් නොක්ස් දුටු ලක්දිව නමින්ද පරිවර්තනය වී තිබෙනවා. නොක්ස්ගේ සහ ඔහුගේ පියා ඇතුළු පිරිස රැගත් නැව කුණාටුවකට හසුවීමෙන් පසු අලුත්වැඩියා කර ගැනීමට කොට්ටියාරම් වරායට පැමිණි අවස්ථාවේ තමයි මේ පිරිස දෙවැනි රාජසිංහ රජුගේ සිරකරුවන් බවට පත්වන්නේ.ඒ 1660 අප්‍රේල් 4 දායි. ඒ වනවිට නොක්ස්ගේ වයස අවුරුදු 19යි.

    රොබට් නොක්ස්ගේ පියාත් සමඟ තවත් නාවිකයන්18 දෙනකු එම නැවෙන් මෙරටට පැමිණ තිබෙනවා. මහනුවර නගරයට කැඳවන මේ පිරිස මුලින් ම සිර අඩස්සියට පත් කරන්නේ කුරුණෑගලට නුදුරු බණ්ඩාරකොස්වත්ත නම් ගමේ යි. එහිදී හට ගත් උණ රෝගයෙන් නොක්ස්ගේ පියා මිය යනවා.

    UjhObuS.jpg

    ලැගුම්දෙනියේ නොක්ස් පදිංචිව සිටි තැන සිහිටවනය – Amazing lanka- PubuduPerera

    සිරකරුවන් උඩරටට​

    දෙවන රාජසිංහ රජු පැනවූ රාජ නියෝගයට අනුව පසුව නොක්ස් සහ අනෙක් පිරිස මහනුවරට කැඳවා ඔවුන්ට රජු යටතේ සේවය කිරීමට කැමතිදැයි ඇසුවත් කිසිවෙක් එයට කැමති වී නැහැ. ඉන්පසු ඔවුන් විවිධ ස්ථානවල පදිංචියට යවන අතර නොක්ස්ට හිමිවන්නේ කෑගල්ලට නුදුරු දෙයාල දහමුණු පත්තුව යි. ඔහු එහි නිවසක් තනා වාසය කරන අතර මහනුවර අවට තැනකට යන ලෙස යළිත් අණ ලැබෙනවා. ඒ ස්ථානය ගම්පොළට නුදුරු ලැගුම්දෙනිය යි. ඔහු ඇතුළු ඉංග්‍රීසි සිරකරුවන්ට රජ අණ පරිදි ගම්වැසියන් ආහාර පාන ලබාදීම් සිදු කළා. මේ ලැගුම්දෙනිය ගැන නොක්ස් ලියන අන්දමයි:

    මේ දිවයිනේ තමන්ට දක්නට ලැබුණු ඉතාම නිසරු ස්ථානය එම බිම බව නොක්ස් සඳහන් කරයි. එය ගල් සහිත වළ ගොඩැලි සහිත පොළවකින් යුක්ත වුණා. ලැගුම්දෙනිය ගමේ පැල්පතක සිටිමින් හිස් වැසුම් වියමින් ඒවා විකුණා මුදල් එකතු කිරීමේ යෙදී සිටි ඔහුට ටික කලක් ගතවන විට විකුණන්නට ඇති ඉඩම් කැබැල්ලක් ගැන අසන්නට ලැබෙනවා. ඒ ලැගුම්දෙනියේ සිට මඳ දුරකින් පිහිටි එළදැත්ත නම් ගමේ යි. ලැගුම්දෙනියට නොක්ස් කිසි කැමැත්තක් නොදැක්වූ නිසා ඔහු එළදැත්තේ ඉඩම මිල දී ගැනීමට තීරණය කරනවා. ඒ වනවිට ඔහු සිරකරුවකු වී අවුරුදු 6-8ක් පමණ ගත වී තිබෙනවා.

    fYgCJOC.jpg

    එලදැත්තේ නොක්ස් සිහිවටන ස්මාරකය – mapsus.net

    ලැගුම්දෙනියෙන් එලදැත්තට​

    එලදැත්තේ ඉඩම ලාරිස් 25ක් ගෙවා නොක්ස් මිලදී ගන්නවා. මේ ඔහු ඒ ගැන විස්තර කරන අන්දමයි:

    නොක්ස් මිතුරන් සිව් දෙනෙක් සමඟ එළදැත්තේ මිලට ගත් ඉඩමේ හොඳ නිවසක් තනා ගෙන වාසය කරනවා. ගොවිතැන සහ සතුන් ඇතිකිරීමත් කරනවා. වසර කිහිපයකට පසු ඔහුගේ ළඟ ම මිතුරකු ලෙස සිටි ජෝන් ලව්ලන්ඩ් මිය යනවා. ඉන් පසු තවත් මිතුරන් දෙදෙනෙක් සිංහල කාන්තාවන් සමඟ විවාහ විම සඳහා නොක්ස්ගෙන් වෙන් ව යනවා. අවසානයේ එම නිවසේ ඉතිරි වන්නේ නොක්ස් සහ ස්ටීවන් රට්ලන්ඩ් පමණ යි. ලංකාවෙන් පැන යන අවස්ථාවේ නොක්ස් සමඟ සිටියෙත් ඔහු යි.

    පූනහැල කන්දේ ඉඩම​

    ජනප්‍රවාද පවසන්නේ රොබට් නොක්ස්ගේ ඉඩම එම ගම්මානයේ උස් බිමක් වූ පුනහැල කන්ද වත්තේ පිහිටි බව යි. පුනහැල කන්දේ ඔහුගේ නිවස තිබු ස්ථානයේ සලකුණු අද ද දක්නට ඇති බවත්, එහි ගලක කෙටූ සටහනක් ද ඇති බව එලදැත්ත ගම්වැසියන් පවසනවා. මේ කන්ද පිහිටා ඇත්තේ ගම ඉස්මත්තෙ යි. එදා රොබට් නොක්ස් විසු නිවස තිබූ ස්ථානය අද ගම්මුන් හඳුන්වන්නේ ‘නොක්ස්ගේ කොටු තාප්පය’ කියල යි.

    gC7spDQ.jpg

    පූනහැල කන්ද- ShanthaChandrasiri- lankadeepa.lk

    රොබට් නොක්ස් එලදැත්තේ සිටියදී මුලින් කළ වෙළෙඳාම සහ එළුවන් ඇතිකිරීම ඇතුළු සත්ව පාලනය ද අතහැර පසුකාලයේ ගොවිතැනට එළැඹ තිබෙනවා. ඒ අතර ම ඔහු වැඩි ලාබයක් ගෙන දෙන බිත්තර වී ණයට දීමත් ආරම්භ කළා. කපා ගත් ඔහුගේ කුඹුරේ වීවලින් මුලින් ම එම ව්‍යාපාරය ආරම්භ කළ බව නොක්ස් විස්තර කරනවා.

    එලදැත්ත ගම්මුන් පවසන්නේත්, පුරාවෘත්තවල සඳහන් වන්නේත් රොබට් නොක්ස් ගොවිතැනට අති දක්ෂයකු බවයි. උඩරැටියෙකු ලෙස සරම ඇඳි මෙම විදේශිකයා ගොවිතැනට දැඩි කැමැත්තක් දක්වා තිබෙන බව ඔහුගේ පොතේ විස්තරවලින් ද පේනවා. පුනහැල නොක්ස්ගේ කොටුවේ සිට වැටී ඇති ගල් පඩි සහිත මාර්ගය ඔහු පවත්වාගෙන ගිය එළුගාලට යාමට හා ඒමට භාවිත කොට තිබෙන බව පැවසෙනවා.

    නොක්ස්ගේ කුඹුර සහ වාරි ඇළ​

    රොබට් නොක්ස් ගොවිතැන් කළ කුඹුර පැවති වෙල්යාය අදත් එලදැත්ත ගමේ පහත් බිමේ දැකගත හැකි යි. මේ කුඹුරුවලට ජලය සපයමින් ඇළ මාර්ගයක් ගමන් කරනවා. එම ඇළ මාර්ගයේ එක් ස්ථානයක අපූරු වාරි නිර්මාණයක් දැකගත හැකි යි. කුඹුරේ විශාල කමත යටින් ඇළ මාර්ගය ගමන් කරන්නේ උමං ඇළ මාර්ගයක් ලෙස යි.

    nFvYsry.jpg

    උමං ඇළ -Shantha Chandrasiri- lankadeepa.lk

    ඒ සඳහා උමග සකස් කර ඇත්තේ කළුගල් සක්ක ගල් සේ එකිනෙක හේත්තු කරමින් හරහට විශාල ගල්පතුරු අඩුක් කරමින්. ඒ සඳහා කිසිම බදාමයක් භාවිත කර නැහැ. මෙම ඇළ දිගින් අඩි 163ක් වෙනවා. එය ඇතුළෙන් කෙනකුට කොන්ද නවාගෙන ගමන් කිරීමට පුළුවන්. මේ ඇළ කුමන කාලයක කළ එකක් දැයි නිශ්චිත සාධකයක් නැහැ. ගැමියන් පවසන්නේ මෙය නොක්ස් ගොවිතැනට වතුර ලබා ගැනීමට කළ නිර්මාණයක් ලෙස වුවත් ඒ ගැන ඔහුගේ පොතේ නම් කිසිම සඳහනක් නැහැ. මෙම ඇළ මාර්ගය ලැගුම්දෙනිය හරහා ගොස් මහවැලි නදියට එකතු වෙනවා.

    නොක්ස්ගේ පිහිල්ල​

    ගමේ පිහිටි ජල පිහිල්ලක් හඳුන්වන්නේ නොක්ස් ස්නානය කළ ජල පිහිල්ල ලෙස යි. එහි ජලය නියඟ කාලයක වුවත් නොසිඳෙන බව යි පැවසෙන්නේ. මෙකී පිහිල්ලට ගල් පොත්තකින් වැසූ ආරක්ෂිත ජල උල්පතකින් තමයි ජලය ලැබෙන්නේ. මැතක සිට එම ජල පිහිල්ලට ජල බටයක් සවි කර තිබෙනවා. විශාල ගම්වැසියන් පිරිසක් නෑමට මෙන් ම රෙදි සේදී ම වැනි කාර්යයන්වලට මේ ජලය භාවිත කරනවා.

    nbmcaZO.jpg

    පිහිල්ල ජලය අඩු කාලයක -toursbooked.com

    එලදැත්ත ගම මැදට පිවිසෙන ප්‍රධාන මාර්ගය හමුවන්නේ අසලින් වැටී ඇති ගල්පඩි සහිත මාර්ගයේ ඉහළට ගිය විට යි. මේ ස්ථානයේ මහාමාර්ගය අසල රොබට් නොක්ස් සැමරීමට කළුගලින් කළ සිහිවටන පලකයක් දැකගත හැකි යි. වර්ස 1908 දී එය පිහිටුවීමට මුල් ව ඇත්තේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ජේ.පී. ලුවිස්. ඔහු එලදැත්ත ගම්මානයේ ද මෙවැනි සිහිවටන පලකයක් 1908 දී ම පිහිටුවා තිබෙනවා.

    OzmLjqA.jpg

    ලංකාවෙන් සමු ගනී​

    9qbbdgJ.jpg

    නොක්ස්ගේ කෘතියේ ලංකාව -wikipdia.org

    එලැදැත්තේ සිටින ගමන් රටින් පලා යාමට සැලසුම් කළ නොක්ස් තොප්පි වෙළෙදාමේ යෙදෙන මුවාවෙන් රට මැද අනුරාධපුරයට යනවා. එහිදී වෙළෙඳාමට මුවමස් ලබා ගෙන උඩරටට ගෙන ඒමට අවශ්‍ය බව පෙන්වා අවට ඇවිදිමින් මන්නාරමට ළඟා වීමට ඇති හැකියාව ගැන රහසේ සොයා බලනවා. මල්වතු ඔය ඔස්සේ මන්නාරම බලා ගමන් කරන නොක්ස් සහ රට්ලන්ඩ් ඕලන්ද බළකොටුවට පැමිණ උදව් ඉල්ලා සිටිනවා. ඕලන්ද නැවකින් කොළඹට යන ඔවුන් එංගලන්තය බලා යාත්‍රා කරනවා. ඒ 1679 වසරේ ඔක්තෝබර් මස 18 දින යි.

    මූලාශ්‍ර:
    Lankadeepa.lk
    එදා හෙළදිව- රොබට් නොක්ස්, පරි. ඩේවිඩ් කරුණාරත්න‍
    බ්ලොගර් - කුසුම්සිරි විජේවර්ධන
    රෝර්මිඩියා
    චායාරුප අන්තර්ජාලයෙනි
    කඳුරට ප්‍රවේණිය- එච්. ඒ. පී. අභයවර්ධන
    English පොත්, සිංහල පොත එකට කියවන්න. සිංහල පොතේ translation එකේදි ගොඩක් කරුණු හංගා තියනවා. ලංකාවේ රජා ලංකවේ මිනිස්සුන්ට සලකපු විදිහ, ලංකාවේ social hierarchy එක ගැන කියන දේවල් ටික වගේ දේවල්.