ඉන්ටර්නෙට් එකේ තිබ්බ සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරන්න ගිහින් ලැප්ටොප් එකට වයිරස් එකක් ගියා ඊයේ. Gmail එකෙනුත් Security Alert එකක් ආවා suspicious activity කියලා. පස්සේ Kaspersky දාලා ස්කෑන් කලා infected files 70 ක් තිබ්බා. 70 ම ඩිලීට් කලා. දැන් කැස්පර්ස්කි එකේ නම් No threats කියලා පෙන්නන්නේ. ඒත් මට සැකයි. Chrome එකේ මොකක් දෙයක් Search කරද්දි ඉබේම Bing එකට Redirect වෙනවා.site එකකට යද්දිත් එක පාර windows දෙකක් ඔපන් වෙනවා වගේ ගතියක් තියෙනවා. ඊට පස්සේ Check for updates වලට ගිහින් Windows 11 වලට upgrade කරලත් බැලුවා ඒ හරියන්නෙත් නෑ. මොකද මේකට කරන්න ඕනේ. මගේ ලැප්ටොප් එකකට වයිරස් එකක් ආපු පලවෙනි වතාව මොකක්ද කරන්න ඕනේ කියලා තෙරෙන්නේ නෑ.