කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල මේ කතාව දාන්නෙ
අද පාන්දර වැස්සට වහලෙන් වතුර ලීක් වෙලා පරාලයක් දිගේ බේරිලා ඇවිත් හරියටම මගේ ලැප්ටොප් එක උඩටම වතුර වැටිලා තිබුන. ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක වහල තිබුනට උඩ පැත්තේ සිදුරු තියෙනවා. ඒ නිසා ඇතුලට වතුර ගොඩක් ගිහින් තිබුන.
මේ මම වැඩේ ගොඩ දාගත්ත විදිහ.
1. පිටින් පුළුවන් විදිහට වතුර බේරලා, පිහිදාල ගත්තා.
2. වැහුවම සීල් වෙන ප්ලාස්ටික් පෙට්ටියක් ඇතුලට ලැප්ටොප් එක දාල සිලිකා ජෙල් ග්‍රෑම් 250 පැකට් එකක් දැම්මා.
3. පැය 5ක් විතර ගියාට පස්සේ ලැප්ටොප් එක එලියට අරන් ගලවලා ඇතුල බැලුවා. තැන් කිහිපයක වතුර බින්දු තිබුන.
4. එයා බ්ලොවර් එකක් විනාඩි 15ක් විතර ඇල්ලුවා.
5. ආපහු කෑලි අමුණලා ඕන් කරා.
බඩු වැඩ. කලින්ට වඩා ෆාස්ට් වගේ