>>>>ලැම්බෝගිනිය<<<<
ලැම්බෝගිනිය
============
බව්..බව්...
ස්නෝවී..කාටද ඔය බුරන්නේ උදේ පාන්දර...?
ආහ්..! පත්තර කාරයා ඇවිල්ලා...බලමු පත්තරේ හෙඩ්ලයින්ස් මොනවද තියෙන්නේ කියලා..."
-කහ ඉරි සුදු වේ
-රැකියා දස ලක්ෂය සම්පූර්ණයි
-කුලියාපිටියේ වෝක්ස්වැගන් රථ අනතුරක්
-දෙහිඅත්තකණ්ඩියට Wi-Fi
-බඩු මිල පහලට
-අඩු සීනී මයිලෝ අද සිට වෙළඳපොලට
-අම්පාරටත් කොන්ඩම් මැෂිමක්
-අලුත් ලැම්බෝගිනිය අතුරුදන්..සැකකරුවන්
නිදැල්ලේ
ආහ්..අලුත් ලැම්බෝගිනිය අතුරුදන්??? කවුද මේක කරන්න ඇත්තේ...මේ ගැන හොයන්න ඕන...අන්න කැප්ටන් හැඩොකුත් මේ පැත්තට එනවා...ආ..එන්න කැප්ටන්...දැක්කද අද පත්තරේ? මේ බලන්න..."ලැම්බෝගිනිය අතුරුදන් සැකකරුවන් නිදැල්ලේ"
බුබුළු නගින බෙළිකටු...කැරකෙන දඟර සුළං...මම කිව්වා ඕක උස්සයි කියලා..කෝ ඇහුව ද?
කැප්ටන් මට හිතෙන්නේ මේක අර රේස් පදින බේබිලා තුන්දෙනාගේ වැඩක්..කැප්ටන් එන්න මාත් එක්ක හම්බන්තොට යන්න..කතරගමටම දැන් අධිවේගේ තියෙන නිසා පැය එකහමාරෙන් හම්බන්තොටට යන්න පුළුවන්...අපි දැන්ම පිටත් වෙමු..ස්නෝවී නගින්න වාහනේට.
(පැය එකහමාරකට පමණ පසු)
ගෙදර නම් පාලුවට ගිහිල්ලා..කවුරුවත් පේන්න නෑ වගේ...වාහනේ ඉස්සුව නම් තියෙන්න ඕන මෙහේ..කැලේවත් හැංගුව ද? කෝ මේ කැප්ටන්?
බව්...බව්...බව්...
ස්නෝවී ඒ පාර කාටද මේ එකදිගට බුරන්නේ..? මොනවා!!!! මේ මිනී කන මෝරෙක් නේ ද මඩ වලක දාලා ඇති කරන්නේ? කැප්ටන් ටක්ගාලා මෙහාට ඇවිල්ලා බලන්න.
" සද්දන්ත මිනී මෝරූ..කැරකෙන දිය සුළි"
මෙච්චර කැලේ ඇවිදලත් ලැම්බෝගිනියක් තියා සුදු වෑන් එකක් වත් දැක්කේ නෑ...ඇත්තටම කවුද මේක කරන්න ඇත්තේ? ආ අර කවුද මේ කැලේ ඇතුලේ ඉඳලා පැත්තට එන්නේ...? ආ මේ රහස් පරීක්ෂක තොම්සන් සහෝදරයෝ දෙන්නා නේ ද?
ටින් ටින් මොකද මේ පැත්තේ? හෝඩුවාවක් ලැබුන ද? අපි දෙන්නාට හොඳටම විශ්වාසයි මේක බේබිලා තුන් දෙනාගේ වැඩක්.
දන්නේ නෑ තාම...කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා...අපි ආපහු කොළඹ යනවා.
බලන්න කැප්ටන් අපිට හම්බන්තොට ගිහිල්ලත් කිසිම හෝඩුවාවක් ලැබුනේ නෑ..යමුද අද රෑට නිදහස් චතුරශ්‍රය පැත්තේ ඇවිදින්න?
"ගැලවෙන ඇණ මුරිච්චි..යමු යමු...හුඟ කාලෙකින් මටත් බැරිවුණා ඇවිදින්න යන්න."
(රාත්‍රී 9 යට පමණ නිදහස් චතුරශ්‍රය අසල)
කැප්ටන්ට මතකද ඉස්සර මේ හරිය? තාප්ප වලින් වට කරලා තිබුණේ...අර ගෝතාට භය වෙලා තමයි මේ තාප්ප ගලවලා ලස්සන කරේ.
කැප්ටන් මොකද්ද එ සද්දේ...? ප්ලේන් එකක් යනවා වගේ...අර..අර බලන්න කැප්ටන් නැතිවුණ කොළපාට ලැම්බෝගිනිය නේ ද? අන්න වාහනේ නැවැත්තුවා...කවුද වාහනේ ඇතුලේ ඒ කොණ්ඩේ වවලා ඉන්න හාදයා? කැප්ටන් ඉක්මනට පොලිසියට කතා කරන්න.
මිනිහා අපිව දැක්කා...
"ඒයි ඔහොම නවතිනවා.."
ඩෝං...
වෙඩි තිබ්බා නේද? හොඳ වෙලාවට ස්නෝවී උගේ අතට පැන්නේ..නැත්නම් අද ඉවරයි..ටක් ගාලා බදාගෙන හිර කරගන්න ඕන.
"ඒයි දැන් වැඩිය දඟලන්න ලෑස්ති වෙන්න එපා..පොලිසියට දැනුම් දීලා තියෙන්නේ..දැන් කට්ටිය එන ගමන්"
"අනේ සර් මට යන්න දෙන්න..මම මේ ටෙලි නාට්‍යයක පොඩියට රස්තියාදු කාරයෙකුට හරි කුඩු කාරයෙකුට හරි රඟපාලා කීයක් හරි හොයා ගන්නේ..බේබිලා ලැම්බෝගිනි පදිනවා කියලා අහලා තිබුණ නිසා මටත් ආස හිතුනා රේස් පදින්න...මම අම්මගෙන් ලැම්බෝගිනියක් ඉල්ලලා ඇඬුවා..බැරිම තැන බෙල්ල මිරිකලා කාණුවකට විසි කරන්න කිව්වා...ඒත් අම්මා ඒ ඒකක්වත් කරේ නෑ සර්...ඒ දේවල් කරා නම් මට මෙහෙම වෙන්නේ නෑ සර්..."
"හරි හරි..මටත් තේරෙනවා.. ඒ දවස්වලම ඔහෙගේ බෙල්ල මිරිකලා කාණුවට දැම්මා නම් මේ ප්‍රශ්න නෑ කියලා...අන්න පොලිසිය එනවා..කියන්න තියෙන දෙයක් උසාවියෙදී කියනවා"
"ස්තුතියි ටින් ටින් අපිට මේ හාදයාව අල්ලලා දුන්නට... කැප්ටන් කතා කරපු ගමන් අපි භාවනා කරන එකත් නවත්තලා ආවේ"
"ඒක මගේ යුතුකම ඉන්ස්පෙක්ටර්.."
"දැන් අපි යමු ස්නෝවී..."
===================================