ලැම්බෝගිනි කොළඹ වරායේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලැම්බෝගිනි වරායේ

    ලැම්බෝගිනි Murciélago රථයක් කොළඹ වරායේ


    lamborghinimurcilagolp6.jpg


    පසුගියදා රජය ඉදිරිපත්කල අයවැය මගින් රේසින් කාර් සඳහා රුපියල් මිලියන 160 ක පමණ බදු සහනයක් ලබා දුනි.

    එනම් මිලියන 220 ක් පමණ මිල වූ රේසින් කාර් එකක් දැන් මිලියන 60 කට පමණ මිලදී ගැනීමට හැකිය.

    එය කෝටි 22ක් වූ මෝටර් රථයකට කෝටි 16ක බදු සහනයක් දී කෝටි 6කට ලබාගැනීමට සැලැස්වීමකි.

    මේ වනවිටත් කොළඹ වරායේ විවෘත නොකල කන්ටේනරයක් තුල ලැම්බෝගිනි Murciélago රථයක් ගාල් කර ඇති අප වෙත වාර්තා වේ.

    මෙම මෝටර් රථයේ හිමිකරු කව්රුද යන්න අප වෙත වාර්තා නොවුනත් ඉදිරියේදී අධිවේගී මාර්ග වල රේසින් කාර් ඉගිල්ලී යන යුගය වැඩි ඈතක නොවන බව සහතිකය.

    මෙයට පෙර ලැම්බෝගිනි රථයක් තිබුනේ මෝටර් රථ ගූරී දිලන්ත මාලගමුවට පමණි. ඔහු එය ගෙන්වුයේ විශේෂ අවසරයක් මතය.

    දිලන්තගේ ලැම්බෝගිනි ගලාඩෝ 550 නම් වූ මෝටර් රථය ඔහුට ලැබුනේ 2010 ආසියානු ශූරතාවය දිනාගැනීම නිසාය. එය දිලන්ත ලංකාවට රැගෙන ආවේ නම් බදු සහිතව ගෙවිය යුතු සම්පූර්ණ මුදල කෝටි 11කි.

    නමුත් ජනාධිපතිවරයාගේ විශේෂ බදු සහනයක් මත එය ඔහුට බදු රහිතව ගෙනවා ගැනීමට හැකිවූයේ ඔහු රටට අත් කර දුන් කීර්තිය නිසාය.

    දැනට වරායේ ඇති ලම්බෝගිනි Murciélago රථය අශ්වබල 630 කින් යුක්තය. ගියර් 6ක් ඇත.

    රථයේ බිම සිට වහලයට ඇති උස අඩි 4කි. තත්පර 2.9 කදී 0 සිට 100 Km/h දක්වා වේගයක් ලබාගැනීමට පුළුවන. උපරිම ගියරයෙන් 338 Km/h ක පමණ වේගයක් ලබාගත හැකිය.

    6 වන ගියරය සමඟ කිලෝමීටර් 100ක් ගමන් කිරීමට පෙට්‍රල් ලීටර් 29ක් අවශ්‍යය. එනම් ලීටරයකින් ගමන් කළ හැකි කිලෝමීටර් ගනන 3.5කි.

    සාමාන්‍ය වේගයේදී කිලෝමීටර් 100ක් යාමට අවශ්‍යය වන්නේ ලීටර් 18ක් පමණි.

    මෙවර අය වැය මඟින් මෙවැනි රේසිං කාර් සඳහා බදු සහන ලැබුනද අනෙකුත් සාමාන්‍ය මෝටර් රථ වල මිල රජය මඟින් තවත් වැඩි කර ඇත.



    Source : Gossip9
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මොන ලම්බෝගිනි ද බන් මේ බඩු මිල උඩ යන විදිහ දැක්කාම අපි නොමැරී ඉන්නවා කියන එක තමා අශ්චර්යේ

    laliths_news_1323830165718.jpg
     
    • Like
    Reactions: MihiCherub

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මොන ලම්බෝගිනි ද බන් මේ බඩු මිල උඩ යන විදිහ දැක්කාම අපි නොමැරී ඉන්නවා කියන එක තමා අශ්චර්යේ

    laliths_news_1323830165718.jpg

    Machooo Danatamath eakak awilaa.. ලැම්බෝගිනි Murciélago eakak ...
     

    freaking111

    Member
    Jan 27, 2011
    165
    14
    0
    Nuwara eliya
    Rajaya racing cars welata tax eka naha kiwata , thama Racing cars catergorize karalawath na , :eek::eek: Oka thama attha . Meka podi rumar ekak witharai :shocked::shocked: .

    Dan oya genalla thiyana Lambo ekanam Raja paulata ayath ekak wenna one :lol::lol:
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මොන ලම්බෝගිනි ද බන් මේ බඩු මිල උඩ යන විදිහ දැක්කාම අපි නොමැරී ඉන්නවා කියන එක තමා අශ්චර්යේ

    laliths_news_1323830165718.jpg

    mun mewa kawada gewannada danne na...unge wage mewata gewanna..asarana minissunge kanna thiyena dewal walata gahana TAX walin...kalakanni